පලකළ දිනය - April 11, 2018

සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරී සහ පරිවෙණාධිපති සංගමය මගින් මුළු මහත් පිරිවෙන් ක්ෂේත්‍රයට බලපාන පරිදි පිරිවෙන් ඒකකයේ අනුමැතිය ඇතිව අශෝක ධර්ම චක්‍ර සලකුණ සංකේතවත් කරමින් පිරිවෙන් කොඩියක් නිර්මාණය කොට ඇත. මෙම කොඩිය 2003 තුන්වැනි මස තුන්වැනි දින පැවති නියෝජිත මහා සභාවේ දී පළමු අනුමත වුණි. 2005.09.28 වන දින පස්වරු 2.30 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ දී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුණි. ඉදිරියේදී සිහිවටනයක් ලෙස එම කොඩිය මුද්දරයක් ලෙස නිකුත් කිරීමටද විධිවිධාන සලසා තිබුණි.

අරුත්  පැහැදිලි කිරීම

01. කහපාට පසුබිම

සඟ පරපුර සහ සසුනේ අනන්‍යතාව වන සිවුර කසාවත් පැහැය කුළුගන්වයි.

02. දුඹුරු පාට ඉර

ධර්ම චක්‍රය වටා ඇති දුඹුරු පාට රවුමෙන් විනය සාසනයේ ආයුෂ යැයි යන පාඨය තේමා කරගත් සඟ සසුනේ ආර්ය සංවර් සීලයෙහි ශිික්ෂිත බව සංකේතවත් වෙයි.

03. පහන

ධර්ම චක්‍රය ඉදිරියේ ඇති පහන ඤාණාලෝකයෙන් ධර්මා ලෝකයට පිවිසීම සංකේතවත් කරයි.

04. ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ අධිරාජ ධර්මාශෝක විසින් නිර්මාණය කරන ලද හා දැන්ට ඉන්දියාවෙහි ජාතික කොඩිය ලෙස භාවිත කරන ධර්ම චක්‍ර සලකුණයි. ධර්ම චක්‍රය වටා ඇති සුදු තීරුවෙන් අර්ථවත් කෙරෙන්නේ භික්ෂුවගේ පිරිසිදු බවයි. එහි ඇති අර විසිහතරෙන් සහ අර්ධ බෝපත් හැඩැති ලකුණු වලින් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ගේ සූවිසි මහා ගුණය හා සූවිසි ප්‍රත්‍ය සංකේතවත් වෙයි.

05. නෙළුම් මල

බෞද්ධ විමුක්ති මාර්ගයේ පරම නිෂ්ඨාව වන නිවන් සුවය මෙ මගින් ප්‍රකාශිත වෙයි. හතරැස් කොටුවේ මුලු හතරේ ඇති නෙළුම් මල් හතර බුදුසසුනේ භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස නියෝජනය කරයි.

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment