මාසය පෝය දිනය විශේෂ සිදුවීම්
ජනවාරි දුරුතු පුර පසලොස්වකපෝය දිනය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වන මහියංගනයට වැඩම කිරීම.
එහිදී සුමන සමන් දෙවිඳුන්හට කේෂ ධාතූන් වහන්සේලා පිළිගැන්වීම.
බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල දනව්වට වැඩම කිරීම. එහිදී උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප සමග දහසක් ජටිලයන් දමනය කිරීම හා බුදුන් සරණට පත්වීමෙන් පසු පැවිදි කරවීම.
පෙබරවාරි නවම් පුර පසලොස්වක පෝය දිනය සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාහට සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලැබීම.
ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)
බුදු රදුන් විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේ උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම.
විශාලාවේ චාපාල චෛත්‍යයේදී ආයුසංස්කාරය අත්හැරිම.
මාර්තු මැදින් පුර පසලොස්වක පෝය දිනය බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.
අප්‍රේල් බක් පුර පසලොස්වක පෝය දිනය බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය සිදුවිම.
නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමථයකට පත්කිරීම.
    මැයි වෙසක් පුර පසලොස්වක පෝය දිනය බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවීම.
බුද්ධත්වයෙන් අටවන වසරේදි කැළණියට වැඩමකිරීම. මෙය බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයයි.
විජය කුමරු ලක්දිවට පැමිණීම.
ධර්මාශෝක රජු විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව (සිංහාසනය, කඩුව, හක් ගෙඩිය, මිරිවැඩි සඟල, ඔටුන්න) දෙවන පෑතිස් රජු දෙවන අභිෂේකය ලැබීම.
  ජූනි පොසොන් පුර පසලොස්වක පෝය දිනය මිහිඳු මහා හිමියන්ගේ ලංකාගමනය සිදුවීම.
දෙවන

පෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණයාම.
සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන් හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
මිස්සක පව්වේදී පණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව සිදුකිරිම.

ජූලි ඇසල පුර පසලොස්වක පෝය දිනය සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.
සිදුහත් කුමරු බුද්ධත්වය පතා ගිහිගෙයින් නික්මීම.
බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීම හා පැවිදි උපසම්පදාව ලැබීම.
භික්ෂූන් වහන්සේ පෙහෙවස් සමාදන්වීම.
රාහුල කුමාරයාගේ උපත සිදුවීම.
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු උපසම්පදාව ලැබීම.
පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට වැඩමවීම.
ශ්‍රී ලංකාවට දළදා වැඩමවීම සහ දළදා පෙරහරේ ආරම්භය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා වහන්සේ වඩම්මවා බු.ව. 2296 දී ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීම.
අගෝස්තු නිකිණි පුර පසලොස්වක පෝය දිනය පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹීම.
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන්කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කිරීම.
සැප්තැම්බර් බිනර පුර පසලොස්වක පෝය දිනය මෙහෙණි සසුනෙහි ආරම්භය සිදුවීම.
ඔක්තෝම්බර් වප් පුර පසලොස්වක පෝය දිනය තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසා දඹදිව සංකස්ස පුරයට වැඩීම.
පෙහෙවස් පවාරණය සහ කඨින චීවර පූජාව.
මහාරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.
නොවැම්බර් ඉල් පුර පසලොස්වක පෝය දිනය මෛත්‍රී බෝසතුන් විවරණ ලැබීම.
ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ආරම්භ කිරීම.
තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩමවීම.
සැරියුත් මහරහතන්වහන්සේ පිරිණිවන් පෑම.
දෙසැම්බර් උඳුවප් පුර පසලොස්වක පෝය දිනය සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීම.
ශ්‍රී ලංකාවේ භික්ෂුණී පැවිද්ද ආරම්භ වීම.
සිරිපා වන්දනා සමය ආරම්භ වීම.