පලකළ දිනය - June 11, 2018

ජාතික පිරිවෙන් දිනයට සමගාමිව කළුතර දිස්ත්‍රික්කය තුළ පවත්වන්නට යෙදුණු විෂය සමගාමී තරගාවලියේ අවසන් තරගය අද දින (2018/06/11) උදැසන 8.00 සිට දහවල් 12.30 දක්වා කළුතර බෝධි පරිශ්‍රයේදී පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) පුජ්‍ය බලගොඩ අමරජෝති නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ගුරු උපදේශකවරුන්ගේ සහ කළුතර දිස්ත්‍රික් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේද සහයෝගයෙන් සාර්ථකව පවත්වන ලදී. කළුතර දිස්ත්‍රික්කයේ කලාප තුනම නියෝජනය කරමින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 150 ස් නමකට ආසන්න ප්‍රමාණයක් වැඩම කළහ. එහිදී ස්ථාන ලබාගත් ජයග්‍රාහකයන්ට සහතිකපත් සහ ත්‍යාග ජාතික පිරිවෙන් දින (2018/06/19) ජාතික මහෝත්සවයේදී ලබා දීමට නියමිතය. මෙදින මෙම වැඩසටහන සදහා සහභාගී වූ සියලු ස්වාමින් වහන්සේලාට දනය සහ ගිලන්පස පුජා කරන්නට යෙදුනේ කළුතර බෝධිභාරකාර මණ්ඩලය විසිනි. එහි සභාපතිතුමා සහ කාර්ය මණ්ඩලය පින්දීමෙන් යුතුව මෙහිදී සිහිපත් කරමු.


චායාරුප   


මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment