කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම.

විනය පිටකයේ – චුල්ලවග්ගපාළි නම් ග‍්‍රන්ථයේ දැක්වෙන භික්‍ඛූණී ඛන්ධකයට අනුව බුද්ධත්වයෙන් වසර පහකට පසුව කාන්තාවන්ට පැවිද්ද සඳහා අවසර ලැබුණි. එය භාරතීය සමාජය තුළ කෙතරම් විශාල පරිවර්තනයක් සිදු කලා ද යන්න ථෙරීගාථා පාළිය පරික්‍ෂා කිරීමෙන් සනාථ කරගත හැකිය. බෞද්ධ සම්ප‍්‍රදාය තුළ කාන්තා ශ‍්‍රමන සම්ප‍්‍රදාය ආරම්භවීමට පෙර භාරතීය විවිධ ශ‍්‍රමන ගුරුකුල විසින් කාන්තා පැවිද්ද අනුදැන තිබීම සාරවත් ප‍්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. භද්දා කාපිලානිය පිප්ඵලී කුමරු සමග පැවිදි වන විට බෞද්ධ භික්ෂුණි ශාසනයක් නොවූ බැවින් ජෛන ශාසනයේ පැවිදි වූ බව ප‍්‍රකට පුවතකි. එපමණක් නොව වෙනත් සම්ප‍්‍රදායන්ට අයත් පැවිදි කාන්තා චරිත පිළිබඳව ද ප‍්‍රවෘත්ති පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත සම්ප‍්‍රදායන් තුළ සඳහන් වී තිබේ.

සූත‍්‍ර දේශනා තුළ බෞද්ධ භික්‍ඛුණීන් පිළිබඳව විවිධ තොරතුරු ඇතුළත් වේ. ඒ අතර ථෙරී ගාථා සුවිශේෂි අගයක් ගනී. ගිහි ජීවිතයෙන් මිදී පැවැදි බව ලබා රහත් වූ පසු තමා ගත කළ ගිහි ජීවිතයෙන් මිදී පැවිදි බව ලබා රහත් වූ පසු තමා ගත කළ ගිහි ජීවිතයේ කටුක බවත් විමුක්ති සුවයෙහි උදාරත්වයක් සසඳමින් රහත් මෙහෙණින් වහන්සේලා කරණ ලද උදාන වාක්‍ය තුළින් තත්කාලීන කාන්තාව ගෙවූ දිවි පැවැත්මත්, බෞද්ධ පැවිද්දේ සුවයක් මිණුම් කරගත හැකිය. ඒ අතරින් කිහිපයක් විමසා බැලීම තුළින් බුදුසමය තුළ කාන්තාවට හිමිවූ සුවිශේෂත්වය අවබෝධ කරගත හැකිය.

ථෙරී ගාථාවල එන කාන්තාව

බිම්සර රජු පවා සත්දිනක් සිය වසගයට ගත් අම්බපාලී ගණිකාව බුදුරදුන්ගෙන් බණ අසා පැවැදිව රහත් වී කරණ ලද උදානයෙන් ඇය ගෙවූ ජීවිතයක් ලබන ලද පැවිදි බවේ අප‍්‍රමාණ ප‍්‍රීතියක් ප‍්‍රනියමාන වේ.
කාසී ග‍්‍රාමයේ ඇග බද්ද මෙන් ධනයක් මා හටද ලැබුණි. නියම්ගම් වැසි ජනතාව ඒ මිල ප‍්‍රමාණය අගය කොට, අනර්ඝ වූ මා එයින් භාගයකට අගය කළ බැවින් මා අඞ්ඪකාසී නම් වූවාය. රූපයෙහි කළ කිරුණු මා විරාගයට පැමිණිායම්. නැවත භවයෙහි නො දුවන්නෙමි’’
‘‘ ඉතා විචිත‍්‍ර වූ ද අඥානයන් මුලා කරන්නාවූ ද මේ සිරුර සරසා වැද්දා උගුල අටවා බලා සිටින්නාක් මෙන් වේසිය ඝර ද්වාරයෙහි සිටියෙමි.’’
‘‘කලවා ආදී රහස් තැන් ද පා තල වැනි පෙනෙන තැන්ද ප‍්‍රදර්ශනය කරමින් බොහෝ පළඳනාවන් දක්වන්නී, බොහෝ අයට සිනාසෙන්නී නොයෙක් මායාවන් කළෙමි.’’
‘‘ ගුණ වර්ණයෙන් , රූපයෙන් , සැපතින්, යසසින් හා යොවුන් බවෙන් මත් වූ උඩ`ගු වූ මම අන්‍ය ස්ත‍්‍රීන්ගේ ගුණ මැඩ සිතිමි.’’ (අඩඪකාසී ථෙරී ගාථා)
සල්ලාල ජනයා පොළඹවා ගැනීම සඳහා කරණ ලද උපක‍්‍රම ද එයින් මත් වූ ජනයා ඈට නියම මිළ වූ කහවණු 1000ක මුදල ගෙවා ගත නොහැකිව එයින් අඩක් ගෙවා දවස් භාගයකට පමණක් ඇය මිළදී ගැනීමට පෙළඹුණාහ. කාසී ජනපදයෙන් රජුට ලැබෙන දිනක ඇග බද්ද කහවණු දහසක් වන සමයක ඇගේ දිනක මිළද කහවණු දහසක් වී නම් ඇය ගත කළ ජීවිතයේ ස්වාභවය තේරුම් ගත හැකිය. එවැනි කාමුක අති සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ ඇය එය අතහැර පැවැදිව රහත් සුවය පිළිබඳ කරණ ප‍්‍රකාශය සමකාලීන කාන්තාව බුදු සමය තුළින් ලත් නිදහස ප‍්‍රකාශ වේ.

සිංහ සේනාධිපතිගේ සහෝදරියගේ දියණියක වූ සීහා කුමරිය ද සූඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කළ තැනැත්තියිකි. නමුත් ඈ පැවිදිව රහත් බව ලබා ගිහි ජීවිතය ගැන සිතන්නේ ‘‘ ගිහි ගෙයට ඒමට වඩා ගෙල වැළාලගෙන මිය යාම යහපති’’ යනුවෙනි.

සුභා තෙරණිය ද සුඛෝපභෝගී ජීවිතය කොරෙහි කළකිරී පැවිදි වූ මෙහෙණියකි.( ථෙරී ගාථා 339-367) එතුමිය පැවිද වීමෙන් පසුව නෑදෑයෝ වරින් වර පැමිණි ඇය පොළඹවන්නට උත්සහ කළත් ගිහි ජීවිතයේ ඇති පස්කම් සැපත ගෙන හැර පෑවත් එතුමිය ඔවුන්ට කාමයන්හී ආදීනවයන්, නිස්සරණයක් ඇතුළත් දේශනාවක් කරයි. ඒ අනුව සමකාලීන කාන්තාව බෞද්ධ පැවිදි සුවය තුළින් ලදප අපරිමාණ තෘප්තිය කෙබඳු දැයි සිතා ගත හැකිය.එමෙන්ම කටුක ජීවිතයක් ගතකල පීඩිත පන්තියේ කාන්තාවන් ද පැවිදි බව ලබා ලත් විමුක්ති සුවය පිළිබඳ කියවෙන උදාහරණ බොහොමයක් ථෙරී ගාථා පාළිය තුළ විද්‍යමාන වේ.

බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රකට කථා පුවතක් වන උපක ආජීවකගේ ගිහි කළ බිරිඳ වූ චාපා තෙරණිය පැවිදිව රහත් බව ලබා කළ ප‍්‍රකාශය දෙස අවධානය යොමු කිරිමේන් ද අපගේ ප‍්‍රස්තුතය මනා ආලෝකයක් සපයයි.
(චාපා තෙරණිය)
පුත‍්‍ර ශෝකයෙන් වික්ෂිප්ත හදවතක් ඇතිව පිස්සියක් මෙන් හැසිරිණු කිසාගෝතමී ත‍්‍රීවිද්‍යාවන්හී උදානය තුළින් ද බෞද්ධ සම්ප‍්‍රදාය තුළ සමකාලීන කාන්තාව ලද ප‍්‍රීතිය නිදහස ප‍්‍රකට කරයි.

නිකන් ඉන්න එකේ ඔය එක එක එවා බලලා ඩේටා නාස්ති කරගන්නනේ නැතිව සිංහල ටයිප් කරන්න දන්නවනම් ෆෝන් එකට රීලෝඩ් එකක් එන පොඩි ජොබ් එකක් කරමුද?

ඔබ පාසල්, පිරිවෙන්, දහම් පාසල් ගුරුවරයෙක් නම් අදම මෙහි ලියා පදිංචි වෙන්න ඉතිරිය අපි කියල දෙන්නම්.
ලියාපදිංචි වෙන්න
විස්තර දැනගන්​න