අපේ ඉතිහාසය පුරා විටින් විට අමතක නොකළ හැකි මහා සංඝයා වහන්සේ බිහිවිය. සමහරු අද්විතීය ධර්ම ඥානය නිසා ද, සමහරු ධර්ම චතුර ධර්ම දේශකත්වය නිසාද, සමහරු භාවනා වෙන් ලත් ප්‍රතිපල නිසාද, සමහරු එතුමන්ලා වහන්සේලා ලිවූ ධර්ම ලේඛන නිසාද, අමතක කල නොහැක. නිර්භීතත්වය ගැන ප්‍රසිද්ධ ස්වාමින්වහසේලා නම් අල්පය   බුද්ධාගම වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබූ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් වාරියපොළ සුමංගල හිමියන්ය. ඉංග්‍රීසින්ගේ කොඩිය බිමට ඇද, නැවත සිංහල කොඩිය එසවූයේත් දළදා වහන්සේ ඉංගිරිසින්ට අයිතිවන්නට නොදී, සිහලයන්ට ගෙන ගොස් දී සිරගත්වුයෙත් ඒ වීරයාණන් වහන්සේය.
කුරුණෑගල දිස්ත්රික්කයේ වාරියපොල ගමෙහි 1795 වසරේදී බමුනුකොටුවේ රාලහාමිගේ කිරිහාමි නමින් උපත ලද මුන්වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුනුකොටුවේ රාළ විය. වයස 12 දී පමණ පුජ්‍ය නාවින්නේ ධම්මදස්සි ස්වාමින්වහන්සේගේ අධීක්ෂණයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ භික්ෂුවක් ලෙස ශ්‍රමණ භාවය ලැබීය . ඉක්මනින්ම උපසම්පදාව ලැබු   හිමියෝ වාරියපොළ ශෛලතලාරාමය (දැන් ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරය) විහාරයේ අධිපති ලෙස කලක් කටයුතු කළේය. අස්ගිරි නිකායේ අනුනායක ධුරයක් උන්වහන්සේට පිරිනැමුණු පසු ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු බලා කියා ගැනීමට මහනුවරට යන්නට සිදුවිය.
මේ වකවානුවේ කඳුරට රාජ්‍යයේ බොහෝ ව්‍යාකුල ස්වභාවයක් තිබිණ. ලන්දේසින්ගෙන් පසුව පහත රට ලංකාව අල්ලාගෙන සිටි ඉංග්‍රීසින් 1803 ජනවාරි 3 වැනිදා සිට  උඩරට ආක්‍රමණය කරන්නට පටන් ගති. සිහසුන හිමිව සිටි අසිංහල රජු ගැන බොහෝ ප්‍රධානීන් තුල නොකමැත්තක් විය. පිළිමතලාවේ නිලමේ ඇතුළු සමහර නිලමේ වරුන් අසිංහල (නායක්කාර් වංශික) රජු ගැන තිබු අප්‍රසාදය නිසා රාජසිංහ රජු පලවා හැර ඉංගිරිසින්ට රට භාර දෙන්නට එකග වුහ.අවිස්සාවේල්ලේ දී මේ දෙපාර්ශවය කල රහස් සකච්චාවල ඵලය ලෙස  1815 දී ගිවිසුමක් අත්සන් කොට කන්ද උඩරට සිංහල රාජ්‍ය ඉංගිරිසි ආණ්ඩුවට අයිති කර දෙන්නට පිළිමතලාවේ ඇතුළු පිරිස කටයුතු කලෝය. ගිවිසුම අත්සන්කරන්නට යොදා ගෙන තිබුනේ මහනුවර මගුල් මඩුවේදීය. උත්සවය තිබුනේ ගිවිසුම අත්සන් කිරීම සදහා ය උත්සවයට ලැහැස්ති වන්නට ඉංගිරිසි හමුදාව එම බිමේ එන්ගලන්තයේ කොඩිය ඔසවා තබා තිබුණි. මේ ගිවිසුම ගැන අකමැත්තෙන් දින ගණනක් සිටි රියපොළ සුමංගල හිමියෝ දළදා මාලිගයට උදැසන වඩිත්දී දැක්කේ මහා මළුවේ ලෙල දෙන ඉංගිරිසි කොඩිය දැක
“බොල අර රට පාවා දෙන ගිවිසුම අත්සන් කරාද ?” යි එහි උන්   සිංහලයෙක් ගෙන් ඇසීය
“තවම නැත හාමුදුරුවනේ” යි ඔහු කීවිට
“එහෙමනම් කොහොමද පර සුද්දගේ කොඩිය මෙතන උස්සලා තියෙන්නේ ” යයි කියමින් අඩිය දෙකට කොඩි ගහ ලගට ගොස් එඉඞ්රිසි කොඩිය පහතට ඇද එතැන කලින් තිබු සිංහල කොඩිය එසවුයේය.

colonial-history-of-sri-lanka-29-638දළදා වහන්සේ ගේ අයිතිය රටේ අයිතිය සංකේතවත් කරන බව ආදියේ සිට ලංකාවේ රටවැසියන්ගේ විශ්වාසය විය.ඉංගිරිසින් විසින් දළදා මාලිගාවේ තිබු දන්ත ධාතුන් වහන්සේ පහර ගෙන යාවි යැයි කතා පැතිරෙන්නට විය . ඒ අසා සුමංගල ස්වාමින්වහන්සේ  ඉතා කනස්සලෙන් සිටියේය, කෙසේ හෝ දළදා සමිඳුන් ආරක්ෂා කරගත යුතු යයි උන්වහන්සේ තීරණය කළේය. 1818 දී, බ්‍රිතාන්‍යය පාලනයට එරෙහිව මධ්යම කඳුකරයේ ආරම්භ වුන ඌව කැරැල්ල මෙහෙයවූවේ කැප්පෙටිපොල නිලමේය.උන්වහන්සේ කල් යල් බලා දිනෙක දළදා වහන්සේ සිය සිවුරේ සගවාගෙන හඟුරන්කෙතට පලා ගියේය පසුව දේශ ප්‍රේමී කැරැල්ල මෙහෙයවූ  කැප්පෙටිපොල දිසාවේ ට භාර දෙන ලදී . දන්ත ධාතුන් වහන්සේ තමන්ට අයත්වූ බව කැරැල්ලට එක්වූ සිංහලයන්ගේ සිත්වලට මහා ධෛර්යයක් ඇති කළේය. ඔවුන් ඉංගිරිසි හමුදා සමග කල සටන් කිහිපයකින්ම දිනුවෝය.
කෙසේවෙතත් සිංහල දිසාවේ කෙනෙක් දුන් ඔත්තුවක් අනුව මාතලේ ප්‍රදේශයේ දේශ ප්‍රේමීන්ගේ ස්ථානයක් වැටලු ඉන්ග්‍ර්සීන් දළදා වහන්සේ වසර 1818 දිනෙක දළදා වහන්සේ නැවත තමන් සතු කර ගත්තෝය. සුමංගල හිමියන් සිර භාරයට ගෙන රාජ්‍ය ද්‍රෝහී චෝදනාව සම්බන්ධයෙන් වරදකරුකොට යාපනයේ බල කොටුව බන්ධනාගාරයේ සිරගත කරන ලදී. දළදා වහන්සේ නැවත මහුවරට උත්සව ශ්‍රීයෙන් රැගෙන් ගිය ඉංග්‍රිසීන් සිය දේශපාලන බලය තහවුරු කර ගත්හ.
1821 අප්‍රේල් මස 13 වැනිදා ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් පොදු සමාවක් යටතේ වාරියපොළ සුමංගල හිමියන් නිදහස් කරනු ලැබීය. සින්හලයන්ගේ දුෂ්ට හා අකෘතඥ කම ගැන මහා කලකිරීමට පත්ව සිටි වාරියපොල සුමංගල හිමියෝ ආපසු වාරියපොළ සිය පන්සලට වත් මහනුවරට වත් ආපසු නොගියේය. නිදහස් ලත් දා සිට යාපන පටුනේ පිදු සිග යැපෙමින් ජීවත් වූ බවත් එහිම අපවත් වූ බවත් කියවේ.
මේ අභීත බෞද්ධ භික්ෂුන් වහන්සේ සැමරීමට ස්මාරකයක් දළදා මාලිගාව අසල මගුල් මඩුවේ සාදවා අවුරුදුපතා මාර්තු දෙවෙනි දා එහි වාරියපොළ ශ්‍රී සුමංගල ගුනානුමරන උත්සවයක් පැවැත්වීමේ සිරිතක් මෑතක් වෙන තුරු තිබිණි.

Wariya-Stamp