” ආරෛඖ වෘද්ධි:” වශයෙන් වෘද්ධි සන්ධිය සාරස්වතයෙහි නිර්වචනය කරඇත. සංස්කෘත භාෂාවේ වෘද්ධි සංඥක ප්‍රත්‍ය සතරක් ඇත. වෘද්ධි වීම යනු වැඩිවීමයි. වෘද්ධි සංඥක සතර නම් ‘ඓ   , ඖ, ආර්, ආල්’ වශයෙනි. මෙහි කොටස් සතරකී. එනම් –

    1. ඓ   ආදේශය
    2. ඖ ආදේශය
    3. ආර් ආදේශය
    4. ආල් ආදේශය

1.3.2. ඓ   ආදේශය

අවර්ණයෙන් පසුව ‘එ’ කාරය හෝ ‘ඓ  ‘ කාරය ඇති විට ‘අ’ වර්ණ ‘එ’ කාර ‘ඓ  ‘ කාර දෙකම වෙනුවට ‘ඓ  ‘ කාරයක් ආදේශ වීම මෙහිදී සිදු වේ. පහත සඳහන් සතර ආකාරයට මෙය යෙදිය හැක. එනම් –

අ + එ = ඓ

අ + ඓ   = ඓ

ආ + එ = ඓ

ආ + ඓ   = ඓ

උදාහරණ –

තව + ඒෂා ( විසන්ධිය)

තව් + අ + එෂා (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

තව් + ඓ   + ෂා (එ ඓ   ඓඑ)

ත වෛ ෂා (ස්වරාරෑඪය)

තවෛෂා (සන්ධිය)

මම + ඓ  ශ්චර්යම් = මමෛශ්චර්යම්

විද්‍යා + එව = විද්‍යෛව

ප්‍රඥා + එව = ප්‍රඥෛව

නර + එකත්වං = නරෛකත්වං

න + එව = නෛව

තත්‍ර + එව = තත්‍රෛව

1.3.2. ඖ ආදේශය (ඔ ඖ ඖ)

අවර්ණයෙන් පසුව ‘​ඔ’ කාරය හෝ ‘ඖ ‘ කාරය ඇති විට ‘අ’ වර්ණ ‘​ඔ’ කාර ‘​ඖ’ කාර දෙකම වෙනුවට ‘​ඖ’ කාරයක් ආදේශ වීම මෙහිදී සිදු වේ. පහත සඳහන් සතර ආකාරයට මෙය යෙදිය හැක. එනම් –

අ + ​ඔ = ​ඖ

අ + ​ඖ = ​ඖ

ආ + ​ඔ = ​ඖ

ආ + ​ඖ = ​ඖ

උදාහරණ –

තව + ඖදනං = තවොදනං

මහා + ඖෂධ: = මහෞෂධ:

ගංගා + ඕඝ: = ගංගෞඝ:

මම + ඕදනං = මමෝදනං

තව + ඖද්ධත්‍යම් = තවෞද්ධත්‍යම්

මහා + ඕෂධී: = මහෞෂධි:

නර  + ඖදාර්යං = නරෞදාර්යං

1.3.3. ආර් ආදේශය (ක්වචිදාර්)

අවර්ණයෙන් පසුව ‘සෘ’ කාරය හෝ ‘සෘෘ’ කාරය ඇති විට ‘අ’ වර්ණ ‘සෘ’ කාර ‘සෘෘ ‘ කාර දෙකම වෙනුවට ‘ආර් ‘ කාරයක් ආදේශ වීම මෙහිදී සිදු වේ. පහත සඳහන් සතර ආකාරයට මෙය යෙදිය හැක. එනම් –

අ + සෟ = ආර්

අ + සෘෘ = ආර්

ආ + සෘ = ආර්

ආ + සෘෘ  = ආර්

උදාහරණ –

ශීත + සෘත: = ශීතාර්ත:

සෘණා + සෘත: = සෘණාර්ත:

උප + සෘච්ඡති = උපාර්ච්ඡති

මහ + සෘෂි: = මහාර්ෂි:

වත්ස + සෘණම් = වත්සාර්ණම්

1.3.4. ආල් ආදේශය 

අවර්ණයෙන් පසුව ‘ඏ’ කාරය හෝ ‘ඐ’ කාරය ඇති විට ‘අ’ වර්ණ ‘ඏ’ කාර ‘ඐ ‘ කාර දෙකම වෙනුවට ‘ආල් ‘ කාරයක් ආදේශ වීම මෙහිදී සිදු වේ. පහත සඳහන් සතර ආකාරයට මෙය යෙදිය හැක. එනම් –

අ + ඏ = ආල්

අ + ඐ = ආල්

ආ + ඏ = ආල්

ආ + ඐ = ආල්

උදාහරණ –

මම + ඐවර්ණ: = මමාල්වර්ණ:

කෘතා + ඐ කෘති: =  ක ෘතාල්කෘති:

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀