වෙන් වෙන්ව ඇති පද දෙකක් තනි පදයක් බවට පත්කර ගැනීම සන්ධි නම් වේ. पर्ः सन्निकर्षः सन्हिता “පර: සන්නිකර්‍ෂ: සන්හිතා“ යනුවෙන් “අෂ්ටධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයෙහි“ දක්වා ඇත්තේ එම අර්ථය යි. “පෙර‘පර වණන් නිසි විදිනි ගලපනු සදනම්“ යනුවෙන් සිදත් සගරාව ඒ පිළිබද පවසයි. ඒ අනුව පුර්ව අපර වර්ණයන්ගේ නියමාකාර ගැලපීම සන්ධි නම් බව පෙනේ. සන්ධි පද සෑදීමේ දී අවදානයට ගතයුතු කරුණු කිහිපය කි.

ඒ අතුරින් සෑම විට ම සන්ධියක් සිදුවනුයේ කුමන ස්ථානයක ද යන්න පිළිබද නිවැරදිව දැනගත යුතුයි. සන්ධි පදයක් සාදා ගැනීමේ දී සෑම විට ම මුල් පදය හා අවසාන පදය යනුවෙන් පද වර්ග දෙකක් ඇත. මුලින් තිබෙන පදය මුල් පදය වන අතර අවසානයට ඇති පදය අගපදය නම් වෙයි.
මෙම පද දෙක එක් කිරීමේ දී මුලින් ඇති පදයේ අවසානයට ඇති අකුර හා පසුව ඇති පදයේ මුලට ඇති අකුර දෙස සෑම විට ම බැලීමට හුරුවිය යුතුයි. එයට කාරණාව වන්නේ බොහෝවිට සන්ධියක් සිදුවනුයේ මුලින් ඇති පදයේ අවසාන අකුර හා පසුව ඇති පදයේ මුල් අකුර අතර ය.

සංස්කෘත ව්‍යාකරණයට අනුව සන්ධි වෂයෙහි දී යම් අකුරක් “වර්ණ“ යන නමින් පවසයි නම් එහි දී හ්‍රස්වව ඇති අකුර හා දීර්ඝව ඇති අකුර යන අකුරු දෙකම එයට අයත් වේ. සාරස්වතය वर्णग्रहणे सवर्ण ग्रहनम् कारग्रहणे केवल ग्रहनम् “වර්ණග්‍රහණේ සවර්ණ ග්‍රහනම් කාරග්‍රහණේ කෙවල ග්‍රහනම්“ යනුවෙන් පවසා ඇත්තේ එම අදහස යි. “වර්ණ“ वर्ण යනුවෙන් ඇතිවිට සවර්ණයන්ගේ ගැනීමත් “කාර कार “ යනුවෙන් ඇති විට එම අකුර පමණක් ගැනීමටත් මෙහි දී උපදෙස් ලබා දෙයි.

ඒ අනුව “අවර්ණ“ अवर्ण යනුවෙන් ඇතොත් “අ,ආ“ अ ,आ ශබ්ද දෙක ම අයත් කරගත යුතුයි. “ඉවර්ණ“ इवर्ण යනු “ඉ, ඊ इ , ई “ යන ශබ්ද දෙක යි. නමුත් “අකාර अकार “ යනුවෙන් ඇතොත් එහි දී අයත් වනුයේ “අයන්න“ පමණකි. මෙම කාරණාව මැනවින් අවබෝධ කොටගෙන සන්ධි කිරීමට යන පද දෙකින් මුල් පදයේ අවසාන අකුර හා පසුව ඇති පදයේ මුලින් ඇති අකුර දෙස අවදානය යොමුකරමින් සන්ධි පද ලෙහෙසියෙන් ම නිර්මාණය කිරීමට හැකියාව ඇත

1. ස්වර සන්ධිය

ස්වර අකුරකට මූලිකත්වය දෙමින් සිදුවන සන්ධිය ස්වර සන්ධිය නම් වේ. ස්වර අකුරක් සැම විට ම මෙහි දී ප්‍රමුඛස්ථානයට පත්වෙයි. එක ස්වර අකුරක් හෝ ස්වර අකුරු දෙකක් මේ සඳහා මූලික වේ. මුල් පදයේ අවසාන අකුර ස්වරයක් වී පසු පදයේ මුලින් ඇති අකුර ද ස්වරයක් වූ විට එම ස්වර දීර්‍ඝ, ගුණ, වෘද්ධි, ව්‍යස්ථ, ලෝප, ලෝපශ්, ආදේශ, ආගම වැනි සන්ධි විධින්ගේ මාර්ගයෙන් පසු පදය හා එක් වී තනිපදයක් හෙවත් සන්ධි පදයක් නිර්මාණය කරයි. සංස්කෘත භාෂාවේ ඇති ස්වර සන්ධිය ද කොටස් අටකින් යුක්ත වෙයි. ඒවානම්

ව්‍යඤ්ජන සන්ධිය

ව්‍යඤ්ජන අකුරක් මූලිකස්ථානය ගනිමින් යම් සන්ධියක් සිදුවේනම් එම සන්ධිය ව්‍යඤ්ජන සන්ධිය නම් වෙයි. මෙහි දී සැමවිට ම මූලිකස්ථානය ගනු ලබන්නේ ව්‍යඤ්ජන අකුරකි.ව්‍යඤ්ජන අකුරු අතර ලෝප, ආදේශ, ආගම ආදී සන්ධි කාර්යන් මගින් සන්ධි පද නිර්මාණය කරයි. ව්‍යඤ්ජන සන්ධිය පිළිබඳ විමසීමේ දී සාරස්වතය ආදී සංස්කෘත ව්‍යාකරණග්‍රන්ථයන්හි සඳහන් ප්‍රත්‍යහාර ක්‍රමය පිළිබඳ අවබෝධය වැදගත් වෙයි.

1. චපා අබේ ජබා:
2. ඤමේ ඤමා වා
3. චපාච්ඡ: ශ:
4. හො ඣභා:
5. ස්තො: ශ්චුභි: ශ්චු:
6. න ශාත්
7. ෂ්ටුභි: ෂ්ටු:
8. තෝර්ලිල:
9. නෂි
10. ටෝරන්‍යාත්
11. න: ශක් ඡතෙ
12. ශෙ චග්වා
13. ඞ්ණ්නො: හ්‍රස්වාදවි: සවරෙ
14. ඡ:
15. ඛසෙ චපා ඣසානාම්
16. දීර්ඝාදපි වක්තව්‍යම්
17. ආඞ්මාඞ්භ්‍යාංච වකතව්‍යම්

चपा अबे जबाञ (චපා අබෙ ජබා:)

චප ප්‍රත්‍යහාරයකින් පර වී අබ ප්‍රත්‍යහාරයක් ඇති විට මුලින් ඇති චප ප්‍රත්‍යහාරීය අකුරු වෙනුවට ඊට අනුරූපී වූ ජබ ප්‍රත්‍යහාර වර්ණයෝ ආදේශ වෙති.
සාමාන්‍යයෙන් ඉහත සූත්‍රයේ තේරුම වනුයේ එය යි. ප්‍රත්‍යහාර ක්‍රමයට අනුව චප ප්‍රත්‍යහාරයක් කියන්නෙ
च, ट, त, क, प ච ට ත ක ප
කියන අකුරු. ඒ කියන්නේ වර්‍ගයන්ගේ මුල් අකුරු නැත්නම් වර්ගමූලාක්ෂර. අබ ප්‍රත්‍යහාරයක් කියන්නෙ
अ, आ, इ, ई, उ, ऊ, ऋ, ऋ, लृ, लृ, ए, ऐ, ओ, औ,
ह, य, व, र, ल, ञ, ण, न, ङ,म, झ, ढ, ध, घ, भ, ज, ड, द, ग, ब

අ, ආ, ඉ, ඊ, උ. ඌ, සෘ, සෘෘ, ඍ, ඎ, ඒ, ඓ, ඕ, ඖ
හ, ය, ව, ර, ල, ඤ, ණ, න, ඞ, ම, ඣ, ඪ, ධ, ඝ, භ, ජ, ඩ, ද, ග, බ

එනම් ස්වර අකුරක් හෝ ඝෝෂ අකුර කි. ඒ අනුව චප ප්‍රත්‍යහාර අකුරකින් පසුව ඇති අකුර අබ ප්‍රත්‍යහාරයට අයත් නම් පද දෙක සන්ධි කරගැනීමේ පරිසරය ඇත. එනිසා චප ප්‍රත්‍යහාරයන් වෙනුවට ඊට අනුරූපී වූ ජබ ප්‍රත්‍යහාර අකුර ආදේශ වේ. ජබ ප්‍රත්‍යහාර කියන්නෙ
ज, ड, द, ग, ब ජ, ඩ, ද, ග, බ
එනම් වර්‍ගාක්ෂරයන්ගෙ තුන්වෙනි අකරු පේළිය. මෙන්න මේ ජබ ප්‍රත්‍යහාරයට අයත් අකුරු පිළිවෙලින් චප ප්‍රත්‍යහාරය වෙනුවට ආදේශ කරනවා. නැතිනම් පරවී ඇති වර්ගමූලාක්ෂර වෙනුවට එම වර්ගයේ ම තුන්වෙනි අකුර ආදේශ කරනවා. බොහොම පහසුවෙන් සන්ධි කරගැනීමේ හැකියාව තියෙනවා. එය පහත පරිදි ය.

	च्	———— 	ज्		ච් ———— ජ්
	ट्	————	ड्		ට් ———— ඩ්
	त् 	————	द्		ත් ———— ද්
	क् 	————	ग्		ක් ———— ග්
	प्	————	ब्		ප් ———— බ්

දැන් අපි මෙම කාරණාව පිළිබද දැන් උදාහරණ අැසුරින් විමසා බලමු.

	वाक्  + ईशः	- विसन्धि
	वाग्  + ईशः	- चपा अबे जबाः
	वा गी शः		- स्वरहीनं व्यञ्जनम् परेण संयोज्यम्
	वागीशः		- सन्धि

	වාක් + ඊශ:	- විසන්ධිය
	වාග් + ඊශ:	- චපා අබෙ ජබා:
	වා ගී ශ: 	- ස්වරහීනං ව්‍යඤජනං පරෙණ සංයෝජ්‍යම්
	වාගීශ:		- සන්ධිය

	ककुप् + ऐन्द्री	- विसन्धि
	ककुब् + ऐन्द्री	- चपा अबे जबाः
	ककु बै न्द्री	- स्वरहीनं व्यंजनम् परेण संयोज्यम्
	ककुबैन्द्री		- सन्धि

	කකුප් + ඒෙන්ද්‍රී	- විසන්ධිය
	කකුබ් ඒෙන්ද්‍රී	- චපා අබෙ ජබා:
	කකු බෙෙ න්ද්‍රී	- ස්වරහීනං ව්‍යඤ්ජනං පරේණ සංයෝජ්‍යම්
	කකුබෙෙන්ද්‍රී	- සන්ධිය
	
	පහත උදාහරණ විමසන්න.

ෂට්  + අත්‍ර 	= ෂඩත්‍ර
	වාක් + යථා 	= වාග්‍යතා
	මහත් + ඉදම් 	= මහදිදම්
	සත් + ධමර්‍ 	= සද්ධමර්‍
	අච් + අන්ත: 	= අජනත:
	කකුප් අත්‍ර 	= කකුබත්‍ර
	දික් + ගජ: 	= දිගගජ:
	අච් + වණර්‍: 	= අජවණර්‍:
	ෂට් + දනත: 	= ෂඩ්දන්ත:
	අප් + ධි 		= අබ්ධි

ञमे ञमा वा (ඤමේ ඤමා වා)

චප ප්‍රත්‍යහාර අකුරකින් පරව ඤම ප්‍රත්‍යහාරයට අයත් අකුරක් ඇති විට මුලින් තිබුණු චප ප්‍රත්‍යහාරය වෙනුවට ඤම ප්‍රත්‍යහාරය ආදේශ වේ. චප ප්‍රත්‍යහාර යනු වර්‍ගමූලාක්ෂර යි. එනම්:-

च, ट, त, क, प
ච, ට, ත, ක, ප

මෙම චප ප්‍රත්‍යහාර හෙවත් වර්‍ගමූල අකුරකින් පර වී ඤම ප්‍රත්‍යහාරක් තිබිය යුතු යි. එනම් වර්‍ගාන්තාක්ෂර යි. එනම්:-

ञ, ण, न, ङ, म
ඤ, ණ, න, ඞ, ම

අකුරු යි. මෙම පරිසරය සන්ධි කිරීමට ඇති පද දෙක අතර ඇතිවිට චප ප්‍රත්‍යහාරය වෙනුවට ඊට අනුරූප වූ ඤම ප්‍රත්‍යහාරය ආදේශ වෙයි. එසේ නැතහොත් මෙහි දී සිදුවනුයේ වර්‍ගමූලාක්ෂරයකින් පරවී වර්‍ගාන්තාක්ෂරයක් ඇතිවිට වර්‍ගමූලාක්ෂරය වෙනුවට එම වර්‍ගයේ ම අවසාන අකුර ආදේශ වෙයි. මෙහි දී පසුව ඇති පදයේ මුලින් තිබිය යුතු ඤම ප්‍රහ්‍යහාරය එම වර්ගයේ ම විය යුතු නැත. ඕනෑම ඤම ප්‍රත්‍යහාරයක් නැතහොත් වර්ගාන්තයක් පරවී ඇති විට මෙම ආදේශය විකල්ප වශයෙන් සිදුකර ගත හැක. එය පහත පරිදි දැක්විය හැකිය.

	च् ———— ञ्		ච් ———— ඤ්
	ट् ———— ण्		ට් ———— ණ්
	त् ———— न्		ත් ———— න්
	क्———— ङ्		ක් ———— ඞ්
	प् ———— ब्		ප් ———— බ්
පහත උදාහරණය දෙස බලන්න.
	वाक् +  मात्रम्	- विसन्धि
	वाङ्  + मात्रम्	- ञमे ञमा वा
	वाङ्मात्रम्		- सन्धि 
	
	වාක් + මාත්‍රම්	- විසන්ධිය
	වාඞ් + මාත්‍රම්	- ඤමේ ඤමා වා
	වාඞ්මාත්‍රම්		- සන්ධිය
ඉහත උදාහරණයට අනුව මුල් පදයේ අවසාන අකුර වී ඇත්තේ ‘ක්‘ ශබ්දය යි. පසුව ඇති පදයේ මුලින් ම ඇති අකුර ‘ම්‘ අකුර යි. එවිට සන්ධිය පදයක් සාදාගැනීමට අවශ්‍යය පරිසරය සැකසී ඇත. එනම් චප ප්‍රත්‍යාහරයකින් පරව ඤම ප්‍රත්‍යහාරයක් ඇත. එනිසා කවර්ගයේ අවසාන අකුර ‘ක්‘ වෙනුවට ආදේශ කළ හැක. එනිසා මෙහි දී ‘ක්‘ වෙනුවට ‘ඞ්‘ ආදේශ කොට සන්ධි පදය සාදාගෙන ඇත. පහත උදාහරණ දෙස ද බලන්න.
च् + मात्रम्	- विसन्धि
	अज् + मात्रम्	- ञमे ञमा वा
	अज्मात्रम्		- सन्धि
	
	අච්  + මාත්‍රම්	- විසන්ධිය
	අජ් + මාත්‍රම්	- ඤමේ ඤමා වා
	අජ්මානම්		- සන්ධිය
	
	පහත උදාහරණ ද විමසන්න.

	ෂට් + නර: 	= ෂණ්නර:
	සත් + මාර්‍ග:	= ෂන්මාර්‍ග:
	අප් + මානම්	= අම්මානම්
	සත් + නාරී	= සන්නාරී
	තත් + නගරම්	= තන්නගරම්
එමෙන් ම ‘මයටි නිත්‍යම් වාච්‍යම්‘ යනුවෙන් සාරස්වතය පවසන ආකාරයට ‘මයට්‘ ප්‍රත්‍යය පර වී ඇතිවිට මෙම සන්ධිය අනිවාර්යෙන් ම සිදුකළ යුතු යි. උදාහරණ:-
චිත් + මයම්	= චින්මයම්

चपाच्छः शः (චපාච්ඡ: ශ:)

චප ප්‍රත්‍යාහරයකින් පර වී තාලුජ ‘ශ‘ කාරය තිබී ‘ශ්‘ කාරයෙන් පරව ද අබ ප්‍රත්‍යහාර වර්‍ණයක් ඇතිවිට තාලුජ ‘ශ්‘ කාරය වෙනුවට විකල්පයෙන් ‘ඡ්‘ අකුර ආදේශ වේ. මෙහි සන්ධි පරිසරය තරමක් සංකීර්ණ ය. එයට හේතුව පසු පදයේ නැතහොත් පසුව ඇති පදයේ මුලින් ඇති අකුර ‘ශ්‘ කාරය වී එයිනුත් පසුව ඇති අකුර අබ ප්‍රත්‍යහාරයට අයත් අකුරක් විය යුතු වීම යි. පහත උදාරණය බලන්න.

	वाक् +  शूरः	- विसन्धि
	वाक् + श् + ऊ रः	- वर्ण विसंयोजनम्
	वाक्  + छूर	- चपाच्छः शः
	वाक्छूरः		- सन्धि 
	
	වාක් + ශූර:	- විසන්ධිය
	වාක් + ශ්+ඌර: 	- ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම
	වාක් + ඡූර:	- චපාච්ජ: ශ:
	වාක්ඡූර:		- සන්ධිය

ඉහත උදාහරණයේ ‘ක්‘ ශබ්දයෙන් පසුව ඇති පදයේ මුලින් ම ඇති අකුර වන්නේ ‘ඡ්‘ අකුර යි. එයට පසුව ‘ඌ‘ අකුර ඇත. එනම් ‘ශූ‘ අකුර සෑදෙනුයේ ‘ශ් + ඌ‘ ආකාරයට ය. ‘ඌ‘ අබ ප්‍රත්‍යහාරයට අයත් අකුරකි. එනිසා ‘ශ්‘ ශබ්දය වෙනුවට ‘ඡ්‘ ශබ්දය ආදේශ කරගැනීමට හැකිවිය. ‘ශ්‘ කාරයෙන් පසුව ඇති අකුර අබ ප්‍රත්‍යහාරයක් නොවූ විට මෙම සන්ධිය සිදු කළ නොහැකි ය. පහත උදාහරණ ද විමසන්න.

	अच् + शक्तिः	- विसन्धि
	अच्  + छक्तिः	- चपाच्छः शः
	अच्छक्तिः		- सन्धि
	
	අච් + ශක්ති: 	- විසන්ධිය
	අච් + ඡක්ති:	- චපාච්ඡ: ශ:
	අච්ඡක්ති:		- සන්ධිය
	
	පහත උදාහරණ ද විමසා බලන්න.

තත්වමුට් + ශපති		- තත්වමුට්ඡපති
	කකුප් + ශොභා		- කකුප්ඡෝභා
	භවත් + ශ්‍රියම්		- භවත්ඡ්‍රියම්
	මහත් + ශංකා		- මහත්ඡංකා
	වාක් + ශක්ති:		- වාක්ඡක්ති:

हो झभाः(හො ඣභා:)

චප ප්‍රත්‍යහාර වර්‍ණයකින් පර වූ හකාරයට ඣභ ප්‍රත්‍යහාර වර්‍ණයෝ ආදේශ වෙති. මෙහි දී චප ප්‍රත්‍යහාරයෙන් පර වු හකාරයට ඣභ ප්‍රත්‍යහාර පස කෙසේ ආදේශ වෙයි ද? චප ප්‍රත්‍යහාර යනු වර්‍ග ප්‍රථමාක්ෂර යි. එනම්:-

च, ट, त, क, प ච, ට, ත, ක, ප

යන අකුරු පහ යි. ඣභ ප්‍රත්‍යහාර යනු වර්‍ගාක්ෂරයන්ගේ සිව්වැනි අකුරු යි. එනම්:-

झ, ढ, ध, घ, भ ඣ, ඪ, ධ, ඝ, භ

මෙම සන්ධියේ දී චප ප්‍රත්‍යහාරයකින් පරව හකාරය තිබිය යුතු යි. මෙහි දී හකාරය සදහා ඣභ ප්‍රත්‍යහාරයන්ට අයත් අකුරු පහ අතුරින් කුමක් ආදේශ වේ ද? මුල් පදයේ අවසානයට ඇත්තේ චප ප්‍රත්‍යහාර අතුරින් කුමන අකුරක් ද එම අකුර අයත් වර්‍ගයේ සිව්වැනි අකුර මෙහි දී ආදේශ වෙයි. එය පහත පරිදි ය.

	च् ———— झ्		ච් ———— ඣ්
	ट् ———— ढ्		ට් ———— ඪ්
	त् ———— ध्		ත් ———— ධ්
	क् ———— घ्		ක් ———— ඝ්
	प् ———— भ्		ප් ———— භ්

වශයෙනි. එනම් මෙහි දී මතක තබාගත යුතු කරුණ වන්නේ යම් වර්ගයක පළවෙනි අකුරින් පසුව ඇති අකුර හකාරය වුවහොත් එම හකාරය වෙනුවට මුලින් ඇති අකුර අයත් වර්‍ගයේ සිව්වැනි අකුර ආදේශ වන බවයි. ඉන් පසුව චපා අබෙ ජබා: ආදී සූත්‍ර න්‍යායන් ආශ්‍රයෙන් සන්ධි පදය පරිපුර්ණත්වයට පත්කරගත හැක. පහත උදාහරණය දෙස බලන්න.

	वाक् + रिः	- विसन्धि
	वाक् + रिः	- हो झभाः
	वाग् + घरिः	- चपा अबे जबाः
	वाग्घरिः		- सन्धि
	
	වාක් + රි:	- විසන්ධිය
	වාක් + රි:	- හො ඣභා:
	වාග් + ඝරි:	- චපා අබෙ ජබා:
	වාග්ඝරි:		- සන්ධිය

ඉහත උදාහරණය දෙස බැලීමේ දී පෙනී යන්නේ මුල් පදයේ අවසානයට ඇති අකුර ක් ශබ්දය යි. එය කවර්ගයේ පළමුවැනි අකුර යි. එයින් පසුව ඇති පදය හකාරයෙන් ආරම්භ වී ඇත. එනිසා හකාරය වෙනුවට කවර්ගයේ සිව්වැනි අකුර වන ඝ අකුර ආදේශ කරයි. ඉන් පසුව ඇති ශබ්ද පරිසරය වනුයේ චප ප්‍රත්‍යහාරයකින් පර වී ඇති අබ ප්‍රත්‍යහාර වර්‍ගය කි. එනිසා චප ප්‍රත්‍යහාරය වෙනුවට චපා අබෙ ජබා: යන සූත්‍ර න්‍යායෙන් ග් ශබ්දය ආදේශ කොට සන්ධි පදය පරිපුර්ණත්වයට පත් කරගෙන ඇත. පහත උදාහරණ ද විමසන්න.

	अच् + लौ	- विसन्धि
	अच्  + लौ	- हो झभाः
	अज् + झलौ	- चपा अबे जबाः
	अज्झलौ		- सन्धि
	
	අච් + ලෞ	- විසන්ධිය
	අච් + ලෞ	- හො ඣභා:
	අජ් + ඣලෞ	- චපා අබෙ ජබා:
	අජ්ඣලෞ		- සන්ධිය
	
	පහත උදාහරණ දෙස බලන්න.

ෂට් + හල:	= ෂඩ්ඪල:
	තත් + හවි: 	= තද්ධවි:
	කකුප් + හාස:	= කකුබ්භාස:
	මහත් + හාස:	= මහද්ධාස:

स्तोः श्चुभिः श्चुः(ස්තො: ශ්චුභි: ශ්චු:)

මෙම සූත්‍ර න්‍යායට අනුව ස්තො: යනු දන්තජ සකාරය හා තවර්ගයේ අකුරු යි. එනම් යම් විසන්ධි පදයක මුලින් ඇත්තේ දන්තජ සකාරය හෝ තවර්ගයට අයත් අකුරක් විය යුතු යි. එනම් පහත අකුරු යි.

त, थ, द, ध, न, स ත, ථ, ද, ධ, න, ස

පසුව ඇති පදයේ මුලින් ඇති අකුර ශ්චුභි: යනුවෙන් පවසන අකාරයට තාලුජ ශකාරය හෝ චවර්ගයට අයත් අකුරක් විය යුතු යි. එනම්:-

च, छ, ज, झ, ञ, श ච, ඡ. ජ, ඣ, ඤ, ශ

මෙම ශබ්ද පරිසරය ඇති විට මුලින් ඇති සකාරය හා තවර්ගයේ අකුරු වෙනුවට ශකාරය හා චවර්ගයේ අකුරු පිළිවෙළින් ආදේශ වෙයි. මෙම ආදේශය පහත පරිදි වේ.

	त् ———— च्		ත් ———— ච්
	थ् ———— छ्		ථ් ———— ඡ්
	द् ———— ज्		ද් ———— ජ්
	ध् ———— झ्		ධ් ———— ඣ්
	न् ———— ञ्		න් ———— ඤ්
	स् ———— श्		ස් ———— ශ්

පහත උදාහරණය දෙස බලන්න.

त्  + कटम्	- विसन्धि
	तच्  + शकटम्	- स्तोः शचुभिः श्चुः
	तच्  + कटम्	- चपाच्छः शः
	तच्छकटम्		- सन्धि

	තත් + කටම්	- විසන්ධිය
	තච් + ශකටම්	- ස්තො: ශ්චුභි: ශ්චු:
	තච් +කටම්	- චපාච්ඡ: ශ:
	තච්ඡකටම්		- සන්ධිය

ඉහත උදාහරණයේ මුලින් ඇති පදයේ අවසානයට ඇත්තේ ත් අකුර යි. එය තවර්ගයට අයත් අකුරකි. එයින් පරව ඇති පදයේ මුලින් ඇති අකුර ශ යන්නයි. එය තාලුජ ශකාරය යි. එනිසා මෙම සූත්‍ර න්‍යාය භාවිත කොට පද දෙක සන්ධි කරගැනීමේ හැකියාව ඇත. එනිසා ත් ශබ්දය වෙනුවට ඊට අනුරූපි වූ ච් ශබ්දය ආදේශ කොට ගෙන ඇත. එවිට ඇති ශබ්ද පරිසරය චප ප්‍රත්‍යහාරයකින් පරවී ඇති ශකාර ශබ්ද පරිසරය යි. එනිසා ශකාරය වෙනුවට චපාච්ඡ: ශ: යන සූත්‍රයෙන් ඡ් ශබ්දය ආදේශ කොට ගෙන සන්ධි පදය නිර්මාණය කරගෙන ඇත. පහත උදාහරණ ද විමසා බලන්න.

त्  + कार	- विसन्धि
	तच्  + चकार	- स्तोः श्चुभिः श्चुः
	तच्चकार		- सन्घि

	තත් + කාර	- විසන්ධිය
	තච් + චකාර	- ස්තො: ශ්චුභි: ශ්චු:
	තච්චකාර		- සන්ධිය

මෙම උදාහරණ දෙස ද බලන්න.

තද් + ජයාත් 	= තජ්ජයාත්
	නදද් + ඣල්ලරී	= නදජ්ඣල්ලරී
	භවත් + ඡක්ති:	= භවච්ඡක්ති:
	කස් + ශූර:	= කශ්ශූර:
	කස් + චරති	= කශ්චරති
	තත් + චිත්‍රම්	= තච්චිත්‍රම්
	තත් + ඡවි:	= තච්ඡවි:

न शा(න ශාත්)

ස්තෝ: ශ්චුභි: ශ්චු: යන සූත්‍රයෙන් පැවසූ කාරණය සිදු නොවන තැනක් මෙහි දී ප්‍රකාශ කෙරෙයි. එනම් මෙහි දී සදහන් කරනු ලබනුයේ තාලුජ ශකාරයෙන් පරවූ තවර්ගීය ශබ්දයන්ට චවර්ගීය ශබ්ද ආදේශ නොවන බවයි. පහත උදාහරණය දෙස බලන්න.

	प्रश् + न	-विसन्धि
	प्रश्न	- सन्धि
	
	ප්‍රශ් + න - විසන්ධිය
	ප්‍රශ්න	- සන්ධිය

ඉහත උදාහරණයේ තාලුජ ශකාරයෙන් පරව දන්තජ නකාරය තිබුණ ද ඉහත සූත්‍රයෙන් සන්ධිය වළක්වා ඇති නිසා මූර්ධජ ණකාරය ආදේශ කොට සන්ධි පදය සිදු කරනු නොලබයි. ඒ වෙනුවට ඒ අයුරින් ම පදය තබාගනී. පහත උදාහරණය ද බලන්න.

विश्  + न
	विश्न
	
	විශ් + න
	විශ්න

ष्टुभिः ष्टुः (ෂ්ටුභි: ෂ්ටු:)

මූර්ධජ අකුරු ආදේශ වන ආකාරය මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කෙරෙයි. මෙහි දී මූර්ධජ අකුරු ආදේශ කරනු ලබනුයේ දන්තජ අකුරු වෙනුවට ය. එනම් මෙහි දී තවර්ගය හා සකාරයෙන් පරව ටවර්ගයට අයත් අකුරක් හෝ මූර්ධජ ෂකාරය තිබිය යුතුයි. එවිට දන්තජ අකුරු වෙනුවට මූර්ධජ අකුරු ආදේශ කරනු ලැබෙයි. ෂ්ටුභි: යනුවෙන් දක්වා ඇත්තේ ටවර්ගය හෝ මූර්ධජ ෂකාර යි. ඒවා පහත පරිදි ය.

ट, ठ, ड, ढ, ण, ष ට, ඨ, ඩ, ඪ, ණ, ෂ

මෙය ද ස්තො: ශ්චුභි: ශ්චු: යනුවෙන් දැක් වූ සූත්‍රයට සමාන වන අතර එහි දී චවර්ගයේ අකුරු ආදේශ කළ අතර මෙහි දී ටවර්ගයේ අකුරු ආදේශ කිරීමක් දැකිය හැක. එහි ආදේශය පහත පරිදි අනුරූප වශයෙන් සිදුවෙයි.

	त् ———— ट्		ත් ———— ට්
	थ् ———— ठ्		ථ් ———— ඨ්
	द् ———— ड्		ද් ———— ඩ්
	ध् ———— ढ्		ධ් ———— ඪ්
	न् ———— ण्		න් ———— ණ්
	स् ———— ष्		ස් ———— ෂ්

වශයෙනි. පහත උදාහරණය දෙස බලන්න.

स् + ण्डः	- विसन्धि
		कष् + षण्डः	- ष्टुभिः ष्टुः
		कष्षण्डः		- सन्धि

		කස් + ණ්ඩ:	- විසන්ධිය
		කෂ් + ෂණ්ඩ:	- ෂ්ටුභි: ෂ්ටු:
		කෂ්ෂණ්ඩ:		- සන්ධිය

ඉහත උදාහරණයේ දන්තජ සකාරයෙන් පරව ඇත්තේ මූර්ධජ ෂකාරය යි. එනිසා මුලින් ඇති දන්තජ සකාරය වෙනුවට ඊට අනුරූපී වූ මූර්ධජ ෂකාරය ආදේශ කොට සන්ධි පදය සාදාගෙන ඇත. මෙම උදාහරණය දෙස ද බලන්න.

		तत् + टीकते	- विसन्धि
		तट् + टीकते	- ष्टुभिः ष्टुः
		तट्टीकते		- सन्धि
 
		තත් + ටීකතෙ	- විසන්ධිය
		තට් + ටීකතෙ	- ෂ්ටුභි: ෂ්ටු:
		තට්ටීකතෙ		- සන්ධිය
 
පහත උදාහරණ විමසන්න.

තත් + ඨක්කුර:	= තට්ඨක්කුර:
		භවත් + ඩයනම්	= භවඩ්ඩයනම්
		තත් + ඨක්කුර:	= තට්ඨක්කුර:
		දදත් + ඪෞකතෙ	= දදඩ්ඪෞකතෙ
		ඒතත් + ඩාමර:	= ඒතඩ්ඩාමර:

तोर्लिलः (තෝර්ලිල:)

තවර්ගයේ අකුරකින් පර වී ලකාරය ඇතිවිට තවර්ගයේ අකුරු වෙනුවට ලකාරය ආදේශ වෙයි. මෙහි දී තවර්ගයේ කුමන අකුරකින් පරව ලකාරය තිබුණ ද එම අකුර වෙනුවට ලකාරය ම ආදේශ වෙයි. පහත උදාහරණය දෙස බලන්න.

त् + लुनाति	- विसन्धि
		तल् + लुनाति 	- तोर्लिलः
		तल्लुनाति		- सन्धि

		තත් + ලුනාති	- විසන්ධිය
		තල් + ලුනාතා	- තෝර්ලිල:
		තල්ලුනාති		- සන්ධිය

ඉහත උදාහරණයේ මුල් පදයේ අවසානයට ඇත්තේ ත් කාරය යි. එය තවර්ගීය අකුර කි. එයින් පරව ඇති පසුපදයේ මුලින් ම ඇති අකුර ලකාරය යි. එනිසා මුලින් ඇති ත් ශබ්දය වෙනුවට ල් කාරය ආදේශ කොට සන්ධි පදය සාදාගෙන ඇත. පහත උදාහරණය ද බලන්න.

		अग्निमथ् + लेखनम्	- विसन्धि
		अग्निमल् + लेखनम्	- तोर्लिलः
		अग्निमल्लेखनम्	- सन्धि

		අග්නිමථ් + ලේඛනම්	- විසන්ධිය
		අග්නිමල් + ලේඛනම්	- තෝර්ලිල:
		අග්නිමල්ලේඛනම්		- සන්ධිය

පහත උදාහරණ විමසන්න.

මද් + ලංකා	- මල්ලංකා
		සමිධ් + ලසනම්	= සමිල්ලසනම්
		භවාන් + ලිඛති	= භවාල්ලිඛති
		මහාන් + ලාභ: 	= මහාල්ලාභ:

न षि (න ෂි)

මෙම සූත්‍රයේ දී ප්‍රකාශ කරනුයේ ෂ්ටුභි: ෂ්ටු: යනුවෙන් පැවසූ සූත්‍රයට විකල්පය කි. එනම් මූර්ධජ ෂකාරයෙන් පූර්ව වූ තවර්ගයේ අකුරු වෙනුවට ටවර්ගයේ අකුරු ආදේශ නොවන බව යි. මෙම සූත්‍රය පවසනුයේ සෑම තැනම තවර්ගයේ අකුරු වෙනුවට ටවර්ගයේ අකුරු ආදේශ නොවන බව නොවේ. මූර්ධජ ෂකාරය පර වී ඇතිවිට පමණක් තවර්ගයේ අකුරු වලට පමණක් ටවර්ගයේ අකුරු ආදේශ නොවන බවයි. නමුත් සකාරය පරවී ඇතිවිට ඒ වෙනුවට ෂකාරය ආදේශයට මෙයින් බාධාවක් නැත. පහත උදාහරණය විමසන්න.

भवान् + षष्ठः 	= भवान्षष्ठः
		භවාන් + ෂෂ්ඨ:	= භවාන්ෂෂ්ඨ:

टोरन्यात्(ටෝරන්‍යාත්)

යම් පදයක පදාන්ත අකුර වශයෙන් ටවර්ගයේ අකුරක් තිබී පසුව ඇති පදය තවර්ගයට අයත් අකුරක් හෝ සකාරය වුවහොත් එම තවර්ගීය අකුරු හා සකාරය යන අක්ෂරයන්ට ටවර්ගීය අකුරු ආදේශය හෝ ෂකාරාදේශය නොවේ.

ඉහත ෂ්ටුභි: ෂ්ටු: යනුවෙන් පැවසූ සූත්‍රය සිදුනොවන තැනක් මෙහි දී සදහන් කෙරෙයි. එනම් ඉහත සූත්‍රයට අනුව තවර්ගයේ අකුරක් හෝ සකාරයට පසුව ටවර්ගයේ අකුරක් හෝ ෂකාරය වුවහොත් එහි දී තවර්ගයේ අකුරුවලට හා සකාරයට ටවර්ගයේ අකුරු හා ෂකාරය ආදේශ වෙයි. නමුත් මෙහි දී පවසනුයේ ටවර්ගයේ අකුරකින් හෝ ෂකාරයෙන් පරව තවර්ගයේ අකුරක් හෝ සකාරය ඇතිවිට එම තවර්ගයේ අකුරුවලට හා සකාරයට ටවර්ගයේ අකුරු හෝ ෂකාරය ආදේශවීම සිදුනොවන බවයි. එනම් ඉහත සූත්‍රයේ දක්වන ලද ශබ්ද පරිසරය අනෙක් අතට වුවහොත් එම ආදේශය සිදුනොවීම යි. පහත උදාහරණය බලන්න.

ट्  + रः	- विसन्धि
		षण्  + नरः	- ञमे ञमा वा
		षण्नरः		- सन्धि

		ෂට් + ර:	- විසන්ධිය
		ෂණ් + නර: 	- ඤමේ ඤමා වා
		ෂණ්නර:		- සන්ධිය

ඉහත උදාහරණයේ ෂට් යන්නෙහි පදාන්තය ටවර්ගීය අකුරකි. නර: යන්නෙහි ඇති න් අකුර තවර්ගීය අකුර කි. නමුත් ෂ්ටුභි: ෂ්ටු: යන සූත්‍රයට අනුව මූර්ධජ ණකාරය ආදේශ නොවී ඤමේ ඤමා වා යන සූත්‍රයෙන් ට් අකුර වෙනුවට එහි පදාන්තය ආදේශ වී තිබේ. පහත උදාහරණ බලන්න.

षट्  + सीदन्ति	- विसन्धि
		षट्सीदन्ति	
		
		ෂට් + සීදන්ති	- විසන්ධිය
		ෂට්සීදන්ති		- සන්ධිය

नः सक् छते(න: සක් ඡතෙ)

පදාන්ත වූ කාරයෙන් පරව ඡත ප්‍රත්‍යහාර අකුරක් ඇතිවිට න් කාරය හා ඡත ප්‍රත්‍යහාර අකුරු අතරට ස් කාරයක් ආගමය වෙයි. මෙය ආගම සන්ධි සූත්‍රය කි. ඡත ප්‍රත්‍යාර යනු

छ, ठ, थ, च, ट, त ඡ, ඨ, ථ, ච, ට, ත

යන අකුරු යි. එනම් දන්තජ, මූර්ධජ, තාලුජ අඝෝෂ අකුරු යි. නැතහොත් වර්ගාක්ෂරයන්ගේ දෙවන, තෙවන, සිව්වන පේළිවල ඇති පළවෙනි දෙවෙනි අකුරු යි. මෙම ඡත ප්‍රත්‍යහාර අකුරක් පරවී ඇතිවිට ඊට මුලින් දන්තජ න් කාරය පදාන්තව තිබිය යුතුයි. එවිට ස් කාරයක් ආගමය කරගැනීමට හැකියාව ඇත. මෙම ස් අකුර ආදේශවනුයේ න්කාරයේ පිටුපසට යි. එසේ නොමැතිව පසුව ඇති ඡත ප්‍රත්‍යහාරයේ මුලට නොවෙයි. පහත උදාහරණය බලන්න.

		राजन् + चित्रम्	- विसन्धि
		राजन्स् + चित्रम्	- नः सक् छते
		राचन्श्  + चित्रम्	- स्तोः श्चुभिः श्चुः
		राचंश्चित्रम्		- नश्चापदान्ते झसे
		राचंश्चित्रम्		- सन्धि

		රාජන් + චිත්‍රම්	- විසන්ධි
		රාජන්ස් + චිත්‍රම්	- න: සක් ඡතෙ
		රාජන්ශ් + චිත්‍රම්	- ස්තො: ශ්චුභි: ශ්චු:
		රාජංශ් + චිත්‍රම්	- නශ්චාපදාන්තෙ ඣසේ
		රාජංශ්චිත්‍රම්	- සන්ධිය

ඉහත උදාහරණයේ පදාන්තව න් අකුර තිබී පසුපදයේ මුල ඡත ප්‍රත්‍යහාරයට අයත් අකුරක් වන ච් අකුර තිබේ. එනිසා මෙම ආගමය කරගැනීමට හැකි නිසා ස් කාරයක් න්කාරය පසුපසට ආගම කරගෙන ඇත. ඉන්පසුව ශ්චුභි: ශ්චු: යන සූත්‍රයට අනුව ස්කාරය ශ් අකුර බවට ද නශ්චාපදාන්තේ ඣසේ යන සූත්‍රයෙන් න් අකුරට අනුස්වාරය ආදේශ කරගැනීමෙන් සන්ධි පදය සම්පුර්ණ කරගෙන ඇත. මෙම සූත්‍ර න්‍යායෙන් පවසනුයේ න්කාරය පිටුපසට ස් අකුර ආගමය කිරීම යි. අනෙක් සන්ධි විධි කැමතිනම් සිදුකර ගත හැක. පහත උදාහරණය ද බලන්න.

		भवान् + नोति	- विसन्धि
		भवान्स् + तनोति	- नः सक् छते
		भवांस्तनोति	- नश्चापदान्ते झसे
		भवांस्तनोति	- सन्धि
		
		භවාන් + තනෝති	- විසන්ධිය
		භවාන්ස් + තනෝති	- න: සක් ඡතෙ
		භවාංස් + තනෝති	- නශ්චාපදාන්තෙ ඣසේ
		භවාංසතනොති	- සන්ධිය

පහත උදාහරණ විමසන්න.

		චලන් + ටිට්ටිභි: 	= චලංෂ්ටිට්ටිභි:
		මහාන් + ඡායා	= මහාංශ්ඡායා
		යුවන් + තනොති	= යුවංස්තනොති
		පුමාන් + චලනම්	= පුමාංශ්චලනම්

शे चग्वा(ශේ චග්වා)

යම් පදයක් න්කාරාන්ත වී පසු පදය මුල අකුර තාලුජ ශකාරය වුවහොත් න්කාරය පිටුපසට ච් අකුරක් ආගමය වෙයි. පසුපදයේ මුල තාලුජ ශකාරය තිබිය දී මෙම ච් කාරයේ ආගමය සිදුවෙයි. පහත උදාහරණය බලන්න.

भवान्  + शूरः	- विसन्धि
भवान्च्  + शूरः	- शे चग्वा
भवाञ्च् + शूरः	- स्तोः श्चुभिः श्चुः
भवाञ्च् + छूरः	- चपाच्छः शः
भवाञ्  छूरः	- त्रयो यत्रैकवर्गीया मध्यमस्तत्र लुप्यते
भवाञ्छूरः		- सन्धि

භවාන් + ශූර:	- විසන්ධි
භවාන්ච් + ශූර:	- ශෙ චග්වා
භවාඤ්ච් + ශූර:	- ස්තො: ශ්චුභි: ශ්චු:
භවාඤ්ච් + ඡූර:	- චපාච්ඡ: ශ:
භවාඤ්ච්+ ඡූර:	- ත්‍රයෝ යත්‍රෛකවර්ගීයා මධ්‍යමස්තත්‍ර ලුප්‍යතෙ
භවාඤ්ඡූර:	- සන්ධිය

ඉහත උදාහරණයේ න් අකුරින් පරව තාලුජ කාරය ඇත. එනිසා න්කාරයට ච් කාරයක් ආගමය විය. චපාච්ඡ: ශ: යන සූත්‍ර න්‍යාය භාවිතයෙන් භවාඤ්ච්ඡූර: යනුවෙන් ද සන්ධි කරගත හැක. පසුව ස්තො: ශ්චුභි: ශ්චු: යන න්‍යායෙන් න් අකුර වෙනුවට ඤ් ආදේශ වෙයි. ඉන්පසු එකම වවර්ගයේ අකුරු තුනක් එක ළග ඇති නිසා මුග්ධබෝධ ටීකා න්‍යායෙන් ආගමය කරගත් ච් අකුර ලොප් කොට සන්ධි පදය සාදා ගනියි. පහත උදාහරණය ද බලන්න.

महान् शक्तिम्	- विसन्धि
महान्च् शक्तिम्	- शे चग्वा
महाञ्च् शक्तिम्	- स्तोः श्चुभिः श्चुः
महाञ्च् छूरः	- चपाच्छः शः
महाञ्छूरः		- सन्धि

මහාන් + ශක්තිම්	- විසන්ධිය
මහාන්ච් + ශක්තිම්	- ශෙ චග්වා
මහාඤ්ච් + ශක්තිම්	- ස්තො: ශ්චුභි: ශ්චු:
මහාඤ්ච් + ඡක්තිම්	- චපාච්ඡ: ශ:
මහාඤ්ඡක්තිම්	- සන්ධිය

පහත උදාහරණ විමසන්න.

මහාන් + ශූර:	= මහාඤ්ඡූර:
සන් + ශම්භු:	= සඤ්ඡම්භු:
මහාන් + ශකටම්	= මහාඤ්ඡකටම්

ङ्ण्नोः ह्रस्वाद्विः स्वरे(ඞ්ණ්නෝ: හ්‍රස්වාද්වි: ස්වරේ)

ද්විත්ව විධීන් තුනක් පිළිබද මෙම සූත්‍රයෙන් පැවසෙයි. එනම් මෙහි දී ද්විත්ව වනුයේ ඞ්, ණ්, න් යන ව්‍යඤ්ජන අකුරු තුනයි. මෙහි දී මෙම අක්ෂරයන්ගේ ද්විත්වය සදහා පැවතිය යුතු ශබ්ද පරිසරය කෙසේදැයි විමසා බලමු. මෙම ද්විත්වය වීම සදහා මුල් පදයේ අවසානයට ඞ්,ණ්,න් යන ව්‍යඤ්ජන අකුරු තුනෙන් එකක් තිබිය යුතුයි. එම අකුරු පදාන්ත වූ පමණින් ම මෙම ද්විත්වය නොවේ. ඒ සදහා ඞ්,ණ්,න් යන තුන හ්‍රස්ව ස්වරයකින් පසුව යෙදී තිබිය යුතුයි. එමෙන් ම පසුව ඇති පදය ස්වරයකින් ආරම්භ වන පදයක් විය යුතුයි. නැතහොත් හ්‍රස්වයකින් පරව ඞ්,ණ්,න් ව්‍යඤ්ජන තුන තිබී එයින් පසුව ස්වරයක් තිබිය යුතුයි. එවිට ඞ්,ණ්,න් යන ව්‍යඤ්ජනයෝ ද්විත්ව වෙයි. නැතහොත් දෙකක් බවට පත්වෙයි. මේ සදහා උදාහරණයක් විමසා බලමු.

प्रत्यङ् + दम्	- विसन्धि
प्रत्यङ्ङ् + इदम्	- ङ्ण्नोः ह्रस्वाद्विः स्वरे
प्रत्यङ्ङिदम्	- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
प्रत्यङ्ङिदम्	- सन्धि

ප්‍රත්‍යඞ් + දම්	- විසන්ධිය
ප්‍රත්‍යඞ්ඞ් + ඉදම්	- ඞෙණනා: හ්‍රස්වාද්වි: ස්වරෙ
ප්‍රත්‍යඞ් ඞිදම්	- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
ප්‍රත්‍යඞ්ඞිදම්	- සන්ධිය

ඉහත උදාහරණයේ ඞ් කාරය පදාන්තව ඇත. එයින් පූර්වයේ  අකුර හෙවත් හ්‍රස්ව ස්වරයක් ඇත. පසු පදය ආරම්භවනුයේ ස්වර අකුරකිනි. එනිසා ද්විත්වය සදහා බාධාවක් නැතිනිසා ඞ් අකුර ද්විත්ව බවට පත් වී සන්ධි පදය නිර්‍මාණය වී ඇත. පහත උදාහරණ ද බලන්න.

सुगण्  + ह	- विसन्धि
सुगण्ण्  + इह	- ङ्ण्नोः हस्वाद्विः स्वरे
सुगण्णि ह		- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
सुगण्णिह		- सन्धि

සුගණ් + හ	- විසන්ධිය
සුගණ්ණ් + ඉහ	- ඞ්ණ්නෝ: හ්‍රස්වාද්වි: ස්වරෙ
සුගණ් ණිහ	- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
සුගණ්ණිහ		- සන්ධිය

राजन्  + ह	- विसन्धि
राजन्न्  + इह	- ङ्ण्नोः ह्रस्वाद्विः स्वरे
राजन् नि ह	- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
राजन्निह		- सन्धि

රාජන් + හ	- විසන්ධිය
රාජන්න් + ඉහ	- ඞ්ණ්නෝ: හ්‍රස්වාද්වි: ස්වරෙ
රාජන් නිහ	- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
රාජන්නිහ		- සන්ධිය

පහත උදාහරණ විමසන්න.

	යුවන් + අත්‍ර	= යුවන්නත්‍ර
	බ්‍රහ්මන් + උදර	= බ්‍රහ්මන්නුදර
	දණ්ඩින් + ඉච්ඡති= දණඩින්නිච්ඡති

छः ( ඡ:)

ද්විත්ව සන්ධි නියමයක් වශයෙන් හ්‍රස්ව ස්වර අකුරකින් පර වූ මහප්‍රාණ ඡකාරය දෙකක් බවට පත්වෙයි. මෙහි දී පසු පදයේ මුල් පදය විය යුත්තේ ඡකාරයෙන් පටන්ගන්නා පදය කි. මුල් පදයේ අවසාන අකුර විය යුත්තේ හ්‍රස්ව ස්වර අකුරකි. එවිට පසු පදයේ මුලින් ඇති ඡකාරය දෙකක් බවට පත් වේ. පහත උදාහරණය විමසන්න.

	मम + छात्रः	- विसन्धि
	मम + छ्छात्रः	- छः
	मम + च् छात्रः	- खसे चपा झसानाम्
	ममच्छात्रः		- सन्धि
	
	මම + ඡාත්‍ර: 	- විසන්ධිය
	මම + ඡ්ඡාත්‍ර:	- ඡ:
	මම + ච් ඡාත්‍ර: 	- ඛසෙ චපා ඣසානාම්
	මමච්ඡාත්‍ර:		- සන්ධිය

ඉහත උදාහරණයේ මුල් පදයේ අවසාන අකුර වී ඇත්තේ හ්‍රස්ව අකාරය යි. එයින් පසුව ඇති පදයේ ආරම්භක අකුර මහප්‍රාණ ඡකාරය යි. එනිසා එම ඡකාරය ද්විත්ව වී තිබේ. පසුව ‘ඛසේ චපා ඣසානාම්‘ යන සූත්‍ර න්‍යායෙන් එම ද්විත්ව වූ ඡකාරය අල්පප්‍රාණ චකාරයබවට පත් වී සන්ධි පදය අවසන් වේ. පහත උදාහරණ දෙස ද බලන්න.

තව + ඡත්‍රම්		= තවච්ඡත්‍රම්
	නෘප + ඡන්දම්		= නෘපච්ඡන්දම්
	රවි + ඡාදයති		= රවිච්ඡාදයති

खसे चपा झसानाम् ඛසෙ චපා ඣසානාම්)

ඣස ප්‍රත්‍යහාර අකුරකින් පර වී ඛස ප්‍රත්‍යහාර අකුරක් ඇති විට ඣස ප්‍රත්‍යහාරය වෙනුවට චප ප්‍රත්‍යහාර අකුරු ආදේශ වෙයි. ඣස ප්‍රත්‍යහාර යනු

झ, ढ, ध, घ, भ, ज, ड, द, ग, ब, ख, फ, छ, ट, त, च, ट, त, क, प, श, ष, स
ඣ, ඪ, ධ, ඝ, භ, ජ, ඩ, ද, ග, බ, ඛ. ඵ, ඡ, ඨ, ථ, ච, ට, ත, ක, ප, ශ, ෂ, ස

යන අකුරු ටිකයි. එනම් මෙයට අයත් වන්නේ වර්‍ග මූලාක්ෂර හා වර්‍ගාන්තාක්ෂර හැර සෙසු වර්‍ගාක්ෂර අකුරු හා සකාර තුන යි. ඛස ප්‍රත්‍යහාර යනු

ख, फ, छ, ठ, थ, च, ट, त, क, प, श, ष, स
ඛ, ඵ, ඡ, ඨ, ථ, ච, ට, ත, ක, ප, ශ, ෂ, ස

යන අකුරු යි. එනම් අඝෝෂ අකුරු යි. මෙම සන්ධිය ආදේශ ආදේශී දෙදෙනාගේ සමත්වයෙන් සිදු වේ. එනම් ‘ඡ:‘ යන සූත්‍ර න්‍යායෙන් මහප්‍රාණ ඡකාරය ආදේශ වූ පසු මෙම සන්ධි නිමයෙන් ආදේශ වූ ඡකාරය අල්පප්‍රාණය බවට පත් කරයි. ඒ අනුව ඣස ප්‍රත්‍යහාරයකින් පරවී අඝෝෂ අකුරක් ඇතිවිට චප ප්‍රත්‍යහාර හෙවත් ච,ට,ත,ක,ප යන අකුරු ආදේශ වෙයි. පහත උදාහරණය විමසන්න.

श्वेत + छत्रम्	- विसन्धि
श्वेत + छ्छम्	- छः
श्वेत + च् छत्रम्	- खसे चपा झसानाम्
श्वेतच्छत्रम्		- सन्धि

ශ්වෙත + ඡත්‍රම්	- විසන්ධිය
ශ්වේත + ඡ්ඡත්‍රම්	- ඡ:
ශ්වෙත + ච් ඡත්‍රම්	- ඛසෙ චපා ඣසානාම්
ශ්වෙතච්ඡත්‍රම්	- සන්ධිය

ඉහත උදාහරණයේ මුලින් ම ඡ: යන න්‍යායෙන් මහප්‍රාණ ඡකාරය ආදේශ විය. පසුව මහප්‍රාණ ඡකාරයෙන් පරව තවත් මහප්‍රාණ ඡකාරයක්ඇති ශබ්ද පරිසරයක් ඇති වේ. එම ශබ්ද පරිසරය විමසා බැලූ විට පෙනීයන්නේ එහි ඇත්තේ ඣස ප්‍රත්‍යහාරයකින් පර වු ඛස ප්‍රත්‍යාහර ශබ්ද පරිසරයකි. එනිසා එහි දී මුලින් ඇති ඡකාරය වෙනුවට ‘ඛසෙ චපා ඣසානාම්‘ යන සුත්‍ර න්‍යායෙන් ඊට අනුරූපී චප ප්‍රත්‍යාහාර අකුර ආදේශ කරනු ලැබෙයි. පහත උදාහරණ ද විමසන්න.

ගණ + ඡායා	= ගණච්ඡායා
ප්‍රාණ + ඡන්දම්	= ප්‍රාණච්ඡන්දම්
ප්‍රිය + ඡාත්‍ර:	= ප්‍රියච්ඡාත්‍ර:

क्वचिद्दीर्घादपि वक्तव्यम् (ක්වචිද්දීර්‍ඝාදපි වක්තව්‍යම්)

ඡ: යන සූත්‍ර න්‍යායෙන් පැවසූයේ හ්‍රස්වයකින් පර වූ ඡකාරය ද්විත්වයක් වන බවයි. මෙම සූත්‍රයෙන් ඊට විකල්පයක් ඉදිරිපත් කරයි. එනම් දීර්‍ඝ ස්වරයකින් පර වූ ඡකාරය ද ඇතැම් තැනක ද්විත්වයක් බවට පත් වේ. පහත උදාහරණය විමසන්න.

म्ले + छः		- विसन्धि
म्ले + छ्छः	- क्वचिद्दीर्घादपि वक्तव्यम्
म्ले + च् छः	- खसे चपा झसानाम्
म्लेच्छः		- सन्धि

ම්ලේ + ඡ:	- විසන්ධිය
ම්ලේ + ඡ්ඡ: 	- ක්වචිද්දීර්‍ඝාදපි වක්තව්‍යම්
ම්ලේ + ච් ඡ:	- ඛසෙ චපා ඣසානාම්
ම්ලෙච්ඡ:		- සන්ධිය

ඉහත උදාහරණයේ මුල් පදයේ අවසාන අකුර වී ඇත්තේ හ්‍රස්ව ස්වරයක් නොව දීර්‍ඝ ස්වරය කි. එනම් ඒ කාරය යි. එනිසා පසුව ඇති පදයේ මුලින් ඇති අකුර වන ඡ් කාරය ද්විත්ව වී සන්ධි පදය සෑදී තිබේ. මෙම උදාහරණ ද විමසන්න.

හ්‍රී + ඡ:		= හ්‍රීච්ඡ:
නදී + ඡායා	= නදීච්ඡායා

आङ्माङ्भ्यां च (ආඞ්මාඞ්භ්‍යාං ච වක්තව්‍යම්)

ඡකාර ද්විත්වය සදහා ඇති විකල්ප සූත්‍රයක් වශයෙන් මෙම සූත්‍රය දැක්විය හැකිය. මෙහි දී පවසනුයේ ‘ආඞ්මාඞ්‘ දෙකින් පර වූ ඡකාරය ද ද්විත්ව වන බවයි. මෙම ප්‍රත්‍යයන් දෙකෙහි ඇති ‘ඞ්‘ ශබ්දය ඉත් සංඥාවක් වන නිසා නිය ම ප්‍රත්‍යය වනුයේ ‘ආ, මා‘ යන දෙකයි. මෙම දෙකින් පර වූ ඡකාරය ද්විත්වයක් බවට පත්වෙයි. පහත උදාහරණය විමසන්න.

आ + छादयति	- विसन्धि
आ + छ्छादयति	- आङ्माङ्भ्यां च वक्तव्यम्
आ + च् छादयति	- खसे चपा झसानाम्
आच्छादयति	- सन्धि

ආ + ඡාදයති	- විසන්ධිය
ආ + ඡ්ඡාදයති	- ආඞ්මාඞ්භ්‍යාං ච වක්තව්‍යම්
ආ + ච් ඡාදයති	- ඛසෙ චපා ඣසානාම්
ආච්ඡාදයති	- සන්ධිය

मा + छिदत्	- विसन्धि
मा + छ्छिदत्	- आङ्माङ्भ्यां च वक्तव्यम्
मा + च् छिदत्	- खसे चपा झसानाम्
माच्छिदत्	- सन्धि

මා + ඡිදත්	- විසන්ධිය
මා + ඡ් ඡිදත්	- ආඞ්මාඞ්භ්‍යාං ච වක්තව්‍යම්
මා + ච් ඡිදත්	- ඛසෙ චපා ඣසානාම්
මාච්ඡිදත්		- සන්ධිය
 
අනුස්වාර සන්ධිය

අනුස්වාරට යනු බින්දුව යි. මෙම අනුස්වාරය මූලිකස්ථානයක් ගනිමින් සිදුවන සන්ධිය අනුස්වාර සන්ධිය යනුවෙන් හැඳින්විය හැකි ය. අනුස්වාර සන්ධිය යනුවෙන් බෙදා දැක්වීමක් සාරස්වතයේ දැකිය නොහැක. නමුත් අනුස්වාරය මුල් වී සිදුවන සන්ධි විධි කිහිපයක් ම සාරස්වතයෙහි දැක්වේ. අනුස්වාර සන්ධි විධි සියල්ල ම සාරස්වතයේ අන්තර්ගත වන්නේ ව්‍යඤ්ජන සන්ධිය යටතේ ම ය. නමුත් අධ්‍යයනයේ පහසුව සඳහා අනුස්වාර සන්ධිය යනුවෙන් වෙන ම අධ්‍යයනය කරනු ලැබෙයි. මෙහි සාරස්වතයෙහි ඇති අනුස්වාර සන්ධි විධි වෙන ම දක්වනු ලැබේ.

1. මොනුස්වාර:
2. අවසානෙ වා
3. නශ්චාපදාන්තෙ ඣසෙ
4. යමා යපෙස්‍ය
5. වා පදාන්තෙ
6. වර්‍ගෙ වර්‍ගාන්ත:
7. වර්‍ගභාවෙ පරරූපං ස්‍යාත්
8. ඞෙණා: කුක්ටුග්වා ශරි
9. ම: ස්වරෙ
10. ඡන්දසි
11. මනයවලපරෙ හකාරෙනුස්වාරස්‍ය තෙ යථාක්‍රමං භවන්ති

विसर्जनीयस्य सः (විසර්ජනීයස්‍ය ස:)

විසර්ගයෙන් පරව ඛස ප්‍රත්‍යහාර වර්ණයක් ඇතිවිට විසර්ගය වෙනුවට ස් කාරය ආදේශ වේ. ඛස ප්‍රත්‍යහාර යනු පහත ඒවා ය.

ख, फ, छ, ठ, थ, च, ट, त, क, प, श, ष, स

ඛ, ඵ, ඡ, ඨ, ථ, ච, ට, ත, ක, ප, ශ, ෂ, 
යන අකුරු යි. එනම් අඝෝෂ අකුරු යි. එවිට මෙහි දී පැවතිය යුතු ශබ්ද පරිසරය වන්නේ විසර්ගයෙන් පරව අඝෝෂ අකුරක් ඇතිවිට විසර්ගය වෙනුවට ස් කාරය ආදේශ වීම යි. පහත උදාහරණ විමසන්න
कः + तनोति	- विसन्धि
कस् + तनोति	- विसर्जनीयस्य सः
कस्तनोति		- सन्धि

ක: + තනෝත 	- විසන්ධිය
කස් + තනෝති	- විසර්ජනීයස්‍ය ස:
කස්තනෝති	- සන්ධිය
ඉහත උදාහරණය දෙස බැලීමෙන් පෙනී යනුයේ විසර්ගයෙන් පසුව ඇත්තේ අඝෝෂ අකුරක් හෙවත් ඛස ප්‍රත්‍යහාර වර්ණය කි. එනිසා විසර්ගය වෙනුවට ස් කාරය ආදේශ කර ගැනීමෙන් සන්ධි පදය සාදා ගැනීමට හැකිවිය. පහත උදාහරණ දෙස ද බලන්න.
ස: + කරෝති	- සස්කරෝති
බාලක: + සයති	- බාලකස්සයති
නර: + පතති	- නරස්පතති
මුනි: + ශාසති	- මුනිස්ශාසති
භානු: + චරති	- භානුස්චරති

शषसे वा (ශෂසෙ වා)

විසර්ගයෙන් පරව ශස ප්‍රත්‍යහාරය ඇතිවිට විසර්ගය වෙනුවට විකල්පයෙන් ස්කාරය ආදේශ වේ. එවිට මෙහි දී පැවතිය යුතු ශබ්ද පරිසරය වන්නේ විසර්ගයෙන් පරව ශ, ෂ, ස යන අකුරුවලින් එකක් පරවී තිබිය යුතු වීම යි. එවිට විකල්පයෙන් විසර්ගය වෙනුවට ස්කාරය ආදේශ වේ. පහත උදාහරණය විමසන්න.

कः + शेते	- विसन्धि
कस् + शेते	- शषसे वा
कश् + शेते	- स्ते: श्चुभि: श्चु:
कश्शेते		- सन्धि

ක: + ශෙතෙ	- විසන්ධිය
කස් + ශෙතෙ	- ශෂසෙ වා
කශ් + ශෙතෙ	- ස්තො: ශචුභි: ශචු:
කශ්ශෙතෙ		- සන්ධිය

ඉහත උදාහරණය දෙස බැලූවිට විසර්ගයෙන් පරව ශස ප්‍රත්‍යහාරය පරවී ඇත. එනිසා විසර්ගය වෙනුවට ස්කාරය ආදේශ කොට පසුව තාලව්‍යාදේශ සූත්‍රයෙන් දන්තජ සකාරය වෙනුවට තාලුජ ශකාරය ආදේශකොට සන්ධි පදය නිර්මාණය විය. මෙහි දී මෙම සූත්‍රය ද ‘විසර්ජනීයස්‍ය ස:‘ යන සූත්‍රයෙන් පැවසූ කාර්යට සමාන කාර්යක් ඉටුකරයි. එහි දී ද ඛස ප්‍රත්‍යහාරය පරවී ඇතිවිට විසර්ගය වෙනුවට සකාරය ආදේශවීම සිදුවිය. ඛස ප්‍රත්‍යහාරය යටතට සකාර තුන අයත් වේ. නමුත් ඉහත සූත්‍රයේ ඛ, ඵ, ඡ, ඨ, ථ, ච, ට, ත, ක, ප සදහා මෙම ස්කාර ආදේශය නිත්‍ය වන අතර මෙම සූත්‍රයෙන් පවසනුයේ ශස ප්‍රත්‍යහාරය ඇතිවිට එය විකල්ප බවයි. ඉහත පදය ක:ශෙතෙ වශයෙන් මෙන් ම කශ්ශෙතෙ වශයෙන් ද පැවතිය හැකිය. පහත උදාහරණ දෙස ද බලන්න.

ක: + ෂෂ්ඨ:	= කෂ්ෂෂ්ඨ:
ක: + සයති	= කස්සයති
ස: + ශංසති	= සශ්ශංසති
බාලක: + සංචරති	= බාලකස්සංචරති

कुप्वोः ॅक ॅपौ वा (කුප්වෝ: Xක Xපෞ වා)

කවර්ග පවර්ග දෙක සම්බන්ධ වූ ඛස ප්‍රත්‍යහාරය පර වී ඇතිවිට විකල්පයෙන් ජිහ්වාමූලිය අකුර හා උපධ්මානීය අකුර ආදේශ වේ. මෙහි දී ආදේශය සිදුවනුයේ පහත පරිදි ය. විසර්ගයෙන් පරව යෙදී ඇත්තේක,ඛ යන අකුරු දෙකින් එකක් නම් විසර්ගය වෙනුවට ආදේශවනුයේ ජිහ්වාමූලීය අකුර යි. විසර්ගයෙන් පරව යෙදී ඇත්තේ ප, ඵ යන අකුරු දෙකින් එකක් නම් විසර්ගය වෙනුවට ආදේශවනුයේ උපධ්මානිය අකුර යි. පහත උදාහරණය විමසන්න.

कः + करोति	- विसन्धिय
क X + करोति	- कुप्वोः xक xपौ वा
कXकरोति		- सन्धि

ක: + කරොති	- විසන්ධිය
කx + කරොති	- කුප්වො: xක xපෞ වා
කxකරොති	- සන්ධිය

ඉහත උදාහරණය දෙස බලන විට දක්නට හැක්කේ විසර්ගයෙන් පරව යෙදී ඇත්තේ  අකුර යි. එනිසා විසර්ගය වෙනුවට ජිහ්වාමූලීය අකුර ආදේශ විය. පහත උදාහරණය ද විමසන්න.

कः + पचति	- विसन्धिय
क X + पचति	- कुप्वोः xक xपौ वा
कXपचति		- सन्धि

ක: + පචති	- විසන්ධිය
ක x+ පචති	- කුප්වො: xක xපෞ වා
කxපචති		- සන්ධිය

ඉහත උදාහරණයට අනුව විසර්ගයෙන් පරව යෙදී ඇත්තේ  අකුරයි. එනිසා විසර්ගය වෙනුවට අදේශ කරනු ලැබූයේ උපධ්මානීය අකුර යි. පහත උදාහරණ ද විමසන්න.

ක: + ඛනති	= ක xඛනති
ක: + ඛාදති	= ක xඛාදති
ස: + පචති	= ස xපචති
ස: + ප්‍රාප්ණොති	= ස xප්‍රාප්නොති
තත: + ඵලති	= තත xඵලති

ඉහත සූත්‍ර විධියෙහි දී දක්වන ලද අර්ථය නිපාත විධියෙන්වෙනස් වන දැක්වීම සදහා ‘වාචස්පත්‍යාදය:‘ යනාදී සූත්‍ර වෘත්තිය දක්වා වදාළේ ය. මෙහි දී වාචස්පති ආදී ශබ්දයන්හි ජිහ්වාමූලිය අකුර හා උපධ්මානීය අකුර ආදේශ කළ යුතුව තිබුණ ද එම ආදේශය සිදුනොකොට ඒ වෙනුවට ස්කාරය අදේශ කිරීම සිදුකළ යුතු බව දැක්වයි. භාෂාවෙහි ඒ ඒ සූත්‍ර විධීන්ට ඇතුළත් නොවී තැන තැන දක්නට ලැබෙන සන්ධි ආදිය සිද්ධරූපයෙන් ම නිපදවා ගැනීම සදහා ව්‍යාකරණ කර්‍තෘවරු නිපාතන සූත්‍රය යි කොටසක් දැක්වූහ. මෙය ද එම නිපාතන සූත්‍ර විධීන්ට අනුව සිද්ධ සන්ධි කරුණ කි. පහත උදාහරණ විමසන්න.

वाचः + पतिः	- विसन्धि
वाचस् + पतिः	- वाचस्पत्यादयः संज्ञाशब्दा निपातात्साधवः
वाचस्पतिः		- सन्धि

වාච: + පති:	- විසන්ධිය
වාචස් + පති:	- වාචස්පත්‍යාදය: සංඥාශබ්දා නිපාතාත්සාධව:
වාචස්පති:		- සන්ධිය

तत् + करः	- विसन्धि
तस् + करः	- वाचस्पत्यादयः संज्ञाशब्दा निपातात्साधवः
तस्करः		- सन्धि

තත් + කර:	- විසන්ධිය
තස් + කර:	- වාචස්පත්‍යාදය: සංඥාශබ්දා නිපාතාත්සාධව:
තස්කර:		- සන්ධිය

පහත උදාහරණ දෙස ද බලන්න.

වෘහත් + පති:	= වෘහස්පති:
කාර + කර:	= කාරස්කර:
පාර + කර: 	= පාරස්කර:
භා + කර:	= භාස්කර:
හරි + චන්ද්‍ර:	= හරිස්චන්ද්‍ර:

මෙහි දී චොර අර්ථයන්හි හා දෙවතාර්ථයන්හි කර, පති යන ශබ්ද දෙදෙනාගේ මුලින් සකාරාමය ද තත්, වෘහත් යන ශබ්දයන්ගේ තකාර ලෝපය ද වීමෙන් සන්ධි පදය සිද්ධ වන බව පෙනේ.

अह्नोरोरात्रिषु(අහ්නොරෝරාත්‍රිෂු)

අහන් ශබ්දය සම්බන්ධ විසර්ගය සදහා ර් කාරය ආදේශ කිරීම පිළිබද මෙහි දී පැවසෙයි. ‘අහ්න: ස:‘ යන සූත්‍ර විධියෙන් අහන් ශබ්දයාගේ න් කාරය සදහා ස්කාරය ආදේශ වෙයි. ‘සොර්විස්ර්ග:‘ යන සූත්‍ර න්‍යායෙන් ස්කාරය සදහා විසර්ගය ආදේශ වෙයි. මෙසේ ආදේශ කරනු ලබන විසර්ගය සදහා රේඵය ආදේශ කළ යුතු බව මෙම සූත්‍රයෙන් ප්‍රකාශිත වේ. මෙහි දී පසුව ඇති ශබ්දය රාත්‍රි ආදී ශබ්දයක් නොවිය යුතුයි. රාත්‍රි ආදී ශබ්දයෝ නම්

1.රූප		रूप
2.රාත්‍රි		रात्रि
3.රථන්තර	रथन्तर

යන ශබ්ද යි. මෙම ශබ්ද ඇතිවිට රේඵාදේශය නොවන අතර සෙසු කුමන ශබ්දයක් පර වී තිබුණ ද විසර්ගය සදහා ර්කාරය ආදේශ වෙයි. පහත උදාහරණය විමසන්න.

अहः + पतिः	- विसन्धि
अहर् + पतिः	- अह्नोरोरात्रिषु
अहर्पतिः		- सन्धि 

අහ: + පති:	- විසන්ධිය
අහර් + පති:	- අහ්නොරෝරාත්‍රිෂු
අහර්‍පති:		- සන්ධිය

ඉහත උදාහරණය තුළ අහ: ශබ්දයෙන් පසුව ඇත්තේ පති යන පදය යි. එය රාත්‍රි ශබ්දයන්ට ඇතුළත් නොවන නිසා රේඵය ආදේශ කොට සන්ධි පදය සාදා ගැණිනි. මෙම උදාහරණ ද විමසන්න.

අහ: + ගණ:	= අහර්‍ගණ:
අහ: + අත්‍ර	= අහරත්‍ර
අහ: + ඉධ	= අහරිධ
අහ: + ඛාදාමි	= අහර්‍ඛාදාමි

अतोत्युः (අතොත්‍යු:)

මුල් පදයේ අවසාන ශබ්දය විසර්ගය වූ විට එම විසර්ගය අකාරයකින් ද පරවී ඇත්නම් පසුව ඇති පදයේ මුලින් ඇති අකුර ද අකාරයක් වුවොත් විසර්ගය වෙනුවට උකාරය ආදේශ වෙයි. එනම් අකාර දෙකක් අතර විසර්ගය ඇතිවිට විසර්ගය වෙනුවට උකාරය ආදේශ වෙයි. මෙම උකාරය ආදේශ වූ පසු ‘උඔ‘ සූත්‍රයෙන් ඕකාරය ආදේශ වී පසුව ‘එදොතො‘ත:‘ යන සූත්‍ර න්‍යායෙන් අකාර ලෝපය වෙයි. පහත උදාහරණය විමසන්න.

कः + अर्थः		- विसन्धि
क् + अ:+ अर्थः		- स्वर व्यञ्जन विसंयोजन
क् अ  उ + अर्थः		- अतोत्युः
क् + ओ + अर्थः		- उओ
क् + ओ +  र्थः		- एदोतोSतः
को + र्थः			- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
कोSर्थः			- सन्धि 

ක: + අර්ථ:		- විසන්ධිය
ක් + අ: + අර්ථ:		- ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම
ක් + අ+  උ + අර්ථ:	- අතොත්‍යු:
ක් + ඔ + අර්ථ:		- උඔ
ක් + ඔ +  ර්ථ:		- එදොතො‘ත:
කො + ර්ථ:		- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයොජ්‍යම්
කො‘ර්ථ:			- සන්ධිය

ඉහත උදාහරණයේ විසර්ගය යෙදී ඇත්තේ අකාර දෙකක් මැද ය. එනිසා විසර්ගය වෙනුවට උකාරයක් ආදේශ විය. පසුව ඔකාරය ද ඉන්පසුව අකාර ලෝපය ද වීමෙන් සන්ධි පදය නිර්මාණය විය. පහත උදාහරණ ද විමසන්න.

ස: + අන්ධ:	= සො‘න්ධ:
තත: + අපගත:	= තතො‘පගත:
නර: + අධිතෙ	= නරො‘ධීතෙ
දාරක: + අගච්ඡත්	= දාරකො‘ගච්ඡත්
ක: + අධිගච්ඡති	= කො‘ධිගච්ඡති

हबे (හබේ)

අකාරයෙන් පර වූ විසර්ගයට හබ ප්‍රත්‍යහාරයක් පර වී ඇතිවිට උකාරය ආදේශ වෙයි. මෙහි දී විසර්ගය අකාරයකින් පර වී විසර්ගයෙන් පසුව ඇති අකුර හබ ප්‍රත්‍යහාරයට අයත් අකුරක් විය යුතුයි. හබ ප්‍රත්‍යහාර නම්:-

ह, य, व, र, ल
ञ, ण, न, ङ, म
झ, ढ, ध, घ, भ
ज, ड, द, ग, ब

හ, ය, ව, ර, ල
ඤ, ණ, න, ඞ, ම
ඣ, ඪ, ධ, ඝ, භ
ජ, ඩ, ද, ග, බ 

යන අකුරු යි. එනම් ඝෝෂ අකුරු යි. එවිට මෙහි දී අකාරයෙන් පර වී විසර්ගය තිබී එයින් පරව ඝෝෂ අකුරක් ඇතිවිට විසර්ගය වෙනුවට උකාරය ආදේශ වේ. පහත උදාහරණය විමසන්න.

कः + गतः		- विसन्धि
क् + अ + : + गतः	- स्वर व्यञ्जन विसंयोजन
क् + अ + उ + गतः	- हबे
क् + ओ + गतः		- उ ओ
को + गतः		- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
कोगतः			- सन्धि

ක: + ගත:		- විසන්ධිය
ක් + අ + : + ගත:	- ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම
ක්  + අ + උ + ගත:	- හබෙ
ක් + ඔ + ගත:		- උඔ
කො + ගත:		- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
කොගත:			- සන්ධිය

ඉහත උදාහරණයේ අවර්ණයෙන් පරවී විසර්ගයත් ඉන් පරව හබ ප්‍රත්‍යහාර වර්ණයකුත් ඇත. එනිසා විසර්ගය වෙනුවට උකාරය ආදේශ කොටගෙන පසුව ‘උඔ‘ සූත්‍ර න්‍යායෙන් ඔකාරය බවට පත් කොටගෙන සන්ධි පදය නිර්මාණය කොටගෙන ඇත. පහත උදාහරණ ද විමසන්න.

දෙව: + යාති	= දෙවොයාති
මන: + රථ: 	= මනොරථ:
ස: + වදති	= සොවදති
බාලක: + ගායති	= බාලකොගායති
බුද්ධ: + දෙශති	= බුද්ධොදෙශති

आदबे लोपश् (ආදබේ ලෝපශ්)

අබ ප්‍රත්‍යහාරයට අයත් අකුරක් පර වී ඇතිවිට අවර්ණයෙන් පර වූ විසර්ගයට ලෝපශ් වේ. අබ ප්‍රත්‍යහාර යනු

अ, आ, इ, ई, उ, ऊ, ऋ, ऋॄ, लृ, लॄ, ए, ऐ, ओ, औ
ह, य, व, र, ल, ञ, ण, न, ङ, म
झ, ढ, ध, घ, भ, ज, ड, द, ग, ब

අ, ආ, ඉ, ඊ, උ. ඌ, සෘ, සෘෘ. ප, පෟ, ඒ, ඓ, ඕ, ඖ
හ, ය, ව, ර, ල, ඤ, ණ, න, ඞ, ම
ඣ, ඪ, ධ, ඝ, භ, ජ, ඩ, ද, ග, බ

යන අකුරු යි. එනම් ස්වර අකුරු හා ඝෝෂ අකුරු යි. ඒ අනුව ස්වරයක් හෝ ඝෝෂ අකුරක් පසු පදයේ මුල් අකුර වී මුල් පදයේ අවසාන අකුර අවර්ණය හෙවත් අ, ආ දෙකින් පර වූ විසර්ගය වූවොත් විසර්ගය ලෝපශ් වේ. ලෝපශ් වූ පසු වෙනත් සන්ධි කාර්යක් සිදුකළ නොහැකිය. පහත උදාහරණය විමසන්න.

देवाः + अत्र		- विसन्धि
देव् + आ + : +  अत्र	- स्वर व्यञ्जन विसंयोजन
देव् + आ + : + अत्र	- आदबे लोपश्
देवाअत्र			- सन्धि 

දෙවා: + අත්‍ර		- විසන්ධිය
දේව් + ආ + අත්‍ර		- ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීම
දේව් + ආ + : + අත්‍ර	- ආදබේ ලෝපශ්
දේවාඅත්‍ර			- සන්ධිය

ඉහත උදාහරණයේ විසර්ගය යෙදී ඇත්තේ ආයන්නෙන් පසුව ය. ආයන්න අවර්ණාක්ෂරයකි. පසුව ඇති පදයේ මුල් අකුර ද අකාරය වී ඇත. එනිසා විසර්ගය ලෝපශ් කොට සන්ධි පදය සාදාගෙන ඇත. පහත උදාහරණ ද විමසන්න.

වාතා: + වාතා:	= වාතාවාතා
විහගා: + ගායන්ති	= විහගාගායන්ති
මෘගා: + භායන්ති	= මෘගාභායන්ති
තත: + වදත	= තතවදත
නර: + භාෂති	= නරභාෂති

මීට ඉහත සූත්‍ර දෙකෙහි ම මෙම ශබ්ද පරිසරය ඇතිවිට උකාරාදේශ විධියක් ඉදිරිපත් කොට ඇත. මෙහි දී එම විසර්ගය ම ලෝපශ් කිරීම පිළිබද පැවසෙයි. මෙසේවීමට හේතුව විධායන්හි ඇති සාවකාශවිධිය හා නිරවකාශ විධිය අනුව ය. පූර්වවිධියකට අවකාශ ඇති විධිය සාවකාශවිධිය වන අතර පූර්වවිධියකට අවකාශ නොමැති විධිය නිරවකාශවිධිය වේ. ඒ අනුව ලෝපශ්විධිය සාවකාශ වන අතර උකාරවිධිය නිරවකාශ වේ. ඒ අනුව මේ සූත්‍රයෙන් දක්වන විසර්ග ලෝපනීය ස්ථානයෝ නම්:-
1. අයන්නෙන් පර වූ විසර්ගයට ආ, ඉ, ඊ, උ, ඌ, සෘ, සෘෘ, ප, පෟ, එ, ඓ, ඔ, ඖ යන අකුර පරකල්හි ද
2. ආයන්නෙන් පර වූ විසර්ගයට අයන්නේ සිට බයන්න තෙක් ඇති අකුරු හෙවත් අබ ප්‍රත්‍යහාරයක් පර කල්හි ද

स्वरे यत्वं वा(ස්වරේ යත්වං වා)

අවර්ණයෙන් පර වූ විසර්ගය ඇතිවිට පසුව ඇති පදයේ මුල් අකුර ද ස්වරයක් වූවොත් විසර්ගය වෙනුවට යකාරය ආදේශ වේ. ස්වර 14 අතුරින් කුමන ස්වරයක් තිබුණ ද මෙම යකාරාදේශය සිදුවෙයි. නමුත් මෙම විධිය විකල්ප නිසා ඇතැම්විට නොසලකා ද හැරිය හැකිය. පහත උදාහරණය විමසන්න.

देवाः + अत्र		- विसन्धि
देव् + आ + : + अत्र	- स्वर व्यञ्जन विसंयोजन
देव् + आ + य् + अत्र	- स्वरे यत्वं वा
देवा + य + त्र		- स्वरहीनं व्यञ्जनम् परेण संयोज्यम्
देवायत्र			- सन्धि

දෙවා: + අත්‍ර	- විසන්ධිය
දේවා + ය් + අත්‍ර	- ස්වරේ යත්වං වා
දේවා + ය + ත්‍ර	- ස්වරහීනං ව්‍යඤ්ජනං පරේණ සංයෝජ්‍යම්
දෙවායත්‍ර		- සන්ධිය

ඉහත උදාහරණයේ විසර්ගයට මුලින් ආකාරය ද විසර්ගයෙන් පසුව අකාරය ද වේ. එවිට අවර්ණයෙන් පරව විසර්ගය යෙදී ඉන්පරව ස්වරයක් ඇතිනිසා විසර්ගය වෙනුවට යකාරය ආදේශකොට සන්ධි පදය නිර්මාණය විය. පහත උදාහරණ දෙස ද බලන්න.

තත: + ඉච්ඡති	= තතයිච්ඡති
ස: + එලක:	= සයෙලක:
සුරා: + උපදිශන්ති	= සුරායුපදිශන්ති
අර්ථා: + අපගත:	= අර්ථායපත:
සූර්ය: + උදෙති	= සූර්යයුදෙති

මෙහි දැක් වූ විධිය විකල්පීය හේතුවෙන් ඉහත සූත්‍රානුසාරයෙන් ලෝපශ් කිරීමට ද බදුන් කොට සන්ධි පද සාදාගත හැකිය.

भोसः (භෝස:)

භො: , භගො: , අඝෝ: යන පදයන්ගේ ඇති අන්ත විසර්ගය අබ ප්‍රත්‍යහාරයක් පර වී ඇතිවිට ලෝපශ් කරනු ලැබේ. අබ ප්‍රත්‍යහාර යනු අයන්නේ සිට බයන්න තෙක් ඇති ප්‍රත්‍යහාර සමූහය යි. මේ ගණයට ස්වර අකුරු 14 හා ඝෝෂ අකුරු ඇතුළත් වේ. ඒ අනුව ඉහත පදයන්ගෙන් පසුව ස්වරයක් හෝ ඝෝෂයක් ඇතිවිට විසර්ගය ලෝපශ් කෙරේ. පහත උදාහරණය විමසන්න.

भोः + एहि	- विसन्धि
भो + एहि		- भोसः
भोएहि		- सन्धि

භෝ: + එහි 	- විසන්ධිය
භෝ : + එහි	- භොස:
භෝඑහි		- සන්ධිය

ඉහත උදහරණයේ භෝ: යන්නෙන් පසුව ස්වරයක් ඇතිනිසා විසර්ගය ලෝපශ් කෙරිණි. පහත උදාහරණ දෙස ද බලන්න.

භගො: + නමස්තෙ	= භගොනමස්තෙ
අඝො: + යාති	= අඝොයාති
භො: + ඉති	= භොඉති
අඝො: + ධරති	= අඝොධරති
භගො: + වදතු	= භගොවදතු

नामिनो रः(නාමිනෝ ර:)

මුල් පදයේ අවසාන අකුර නාමින් ස්වරයකින් පර වූ විසර්ගය වී පසුපදයේ මුල් ශබ්දය අබ ප්‍රත්‍යහාරයට අයත් අකුරක් වූ විට විසර්ගය වෙනුවට ර්කාරය ආදේශ වේ. අබ ප්‍රත්‍යහාර යනු ස්වර අකුරක් හෝ ඝෝෂ අකුරකි. ඒ අනුව නාමින් ස්වරයකින් පර වූ විසර්ගයෙන් පරව ස්වරයක් හෝ ඝෝෂයක් ඇතිවිට විසර්ගය වෙනුවට ර්කාරය ආදේශ වේ. පහත උදාහරණය විමසන්න.

अग्निः + अत्र		- विसन्धि
अग् न् + इ + : + अत्र	- स्वर व्यञ्जन विसंयोजन
अग् न् + इ + र् + अत्र	- नामिनो रः
अग्नि + र + त्र		- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
अग्निरत्र			- सन्धि

අග්නි: + අත්‍ර		- විසන්ධිය
අග්න් + ඉ + : + අත්‍ර	- ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීම
අග්න් + ඉ + ර් + අත්‍ර	- නාමිනො ර:
අග්නි + ර + ත්‍ර		- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
අග්නිරත්‍ර			- සන්ධිය

ඉහත උදාහරණය දෙස බලන විට විසර්ගය යෙදී ඇත්තේ ඉයන්නෙන් පසුව ය. ඉකාරය නාමින් ස්වරයකි. එසේ ම විසර්ගයෙන් පසුව ඇත්තේ අකාරය යි. එය අබ ප්‍රත්‍යහාරයට අයත් අකුරකි. එනිසා විසර්ගය වෙනුවට ර්කාරය ආදේශකොට සන්ධි පදය නිර්මාණය කෙරිණි. පහත උදාහරණ දෙස ද බලන්න.

පටු: + ජයතෙ	= පටුර්‍ජයතෙ
ගුරු: + යාති	= ගුරුර්යාති
ධෙනු + භාති	= ධෙනුර්‍භාති
මති: + ලසති	= මතිර්‍ලසති
මාතු: + ඔදනං	= මාතුරොධනං

रेफप्रकृतिकस्य खपे वा(රේඵප්‍රකෘතිකස්‍ය ඛපෙ වා)

නාමින් ස්වරයකින් පර වූ රේඵප්‍රකෘති විසර්ගය ඇතිවිට පසුපදයාගේ මූලාක්ෂරය ඛප ප්‍රත්‍යහාර අකුරක් ද වූවොත් විසර්ගය වෙනුවට රේඵය ආදේශ වේ. ඛප ප්‍රත්‍යහාර නම්:-

ख, फ, छ, ट, त, च, ट, त, क, प

ඛ, ඵ, ඡ, ඨ, ථ, ච, ට, ත, ක, ප 

යන අකුරු යි. මේවානම් වර්ගාක්ෂරයන්ගේ පළවෙනි දෙවැනි අකුරුයි. රේඵප්‍රකෘති විසර්ගය යනු රේඵයට ආදේශව සිටි විසර්ගය යි. එනම් ර්කාරය වෙනුවට විසර්ගය ආදේශවීමෙන් නිපන් පදයි. පහත උදාහරණය විමසන්න.

गीः पतिः 	- विसन्धि
गीर् पतिः	- रेफप्रकृतिकस्य खपे वा
गीर्पतिः	- सन्धि

ගී: + පති:	- විසන්ධිය
ගී ර් + පති:	- රේඵප්‍රකෘතිකස්‍ය ඛපෙ වා
ගීර්පති:		- සන්ධිය
මෙහි ගී: යනු රේඵප්‍රකෘති පදයකි. එනම් ගීර් යනු එහි ප්‍රකෘති යි. ඒ සදහා විසර්ගය ආදේශ කොට ගී: යනුවෙන් සෑදෙයි. මෙහිදී මෙසේ නිපන් නාමයේ ඇති විසර්ගය සදහා රේඵය හෙවත් ර්කාරය ම නැවත විකල්ප වශයෙන් ආදේශ කළ හැකි බව මෙම සූත්‍රයෙන් දක්වයි. එනිසා ගී: යන්නෙහි විසර්ගය සදහා ර්කාරය ආදේශ කොට සන්ධි පදය සාදා ගැණිනි. පහත උදාහරණ විමසන්න.

ධූ: + පති:	= ධුර්පති:
ගී: + තනොති	= ගීර්තනොති
ධූ: + චරති	= ධූර්චරති

रः(ර:)

අබ ප්‍රත්‍යහාරයක් පර වී ඇති විට රේඵය හා සම්බන්ධ විසර්ගයට අවිකල්පයෙන් නැවතත් රකාරය වේයැයි මෙම සූත්‍රයෙන් ප්‍රකාශිත යි. අබ ප්‍රත්‍යහාරයක් යනු අයන්නේ සිට බකාරය තෙක් ඇති අකුරු ඛාණ්ඩය යි. ඒවානම් ස්වර හා ඝෝෂ අකුරු යි. පහත උදාහරණය විමසන්න.

प्रातः + अत्र	- विसन्धि
प्रातर् + अत्र	- रः
प्रात + र + त्र	- स्वरहीनं व्यञ्जनं परेण संयोज्यम्
प्रातरत्र		- सन्धि

ප්‍රාත: + අත්‍ර	- විසන්ධිය
ප්‍රාතර් + අත්‍ර	- ර:
ප්‍රාත ර ත්‍ර		- ස්වරහීනං ව්‍යඤ්ජනං පරෙණ සංයෝජ්‍යම්
ප්‍රාතරත්‍ර		- සන්ධිය

ඉහත උදාහරණයේ ප්‍රාත: යනු රේඵයට විසර්ගයවීමෙන් නිපැයුණකි. පසුව ඇති පදය ස්වරයක් හෙවත් අබ ප්‍රත්‍යහාරයකි. එනිසා විසර්ගයට නැවතත් රේඵය ම ආදේශ කොට සන්ධි පදය සාදාගන්නට යෙදුණි. පහත උදාහරණ ද විමසන්න.

අන්ත: + ගත:	= අන්තර්‍ගත:
පුන: + ගතම්	= පුනර්‍ගතම්
ප්‍රාත: + චරති	= ප්‍රාතර්‍චරති

रिलोपो दीर्घश्च(රිලෝපෝ දීර්‍ඝශ්ච)

රකාරය පරවී ඇතිවිට පූවර්‍ වූ රේඵය ලොප් වෙයි. එමෙන් ම රේඵයෙන් පූර්‍ව වූ ස්වරයට දීර්‍ඝය ද වේ. මෙහි දී රේඵයට විසර්ගය වී තිබුණ ද එම විසර්ගය ලොප් වී පූවර්‍ වූ ස්වරය දීර්‍ඝත්වයට පත්වේ. පහත උදාහරණය දෙස බලන්න.

पुनः + रमते	- विसन्धि
पुना + रमते	- रिलोपो दीर्घश्च
पुनारमते		- सन्धि

පුන: + රමතේ	- විසන්ධිය
පුනා: + රමතේ	- රිලොපො දීර්‍ඝශච
පුනාරමතේ	- සන්ධිය

ඉහත උදාහරණයේ පුන: යනු රේඵයට විසර්ගය වීමෙන් සෑදුණ පදය කි. පසුව ඇති පදයේ ආරම්භක අකුර රකාරය යි. එනිසා විසර්ගය ලොප්කොට ඉන් පූර්‍ව වූ අකාරය ද දීර්‍ඝවීමෙන් සන්ධි පදය සෑදුණේ ය. පහත උදාහරණ ද විමසන්න.

ශුක්ති: + රූප්‍යාත්මනා	= ශුක්තිරූප්‍යාත්මනා
ප්‍රාත:+ රචයති		= ප්‍රාතාරචයති
අන්ත: + රමති	= අන්තාරමති

सैषाद्धसे(සෛෂාද්ධසේ)

හස ප්‍රත්‍යහාර ශබ්දයක් පර වී ඇතිවිට ස: හා එෂ: යන ශබ්ද දෙකෙහි ඇති විසර්ගයට ලෝපශ් වේ. තත් ශබ්දයේ ප්‍රථමා ඒකවචන පදය වන ස: යන්න ද එතත් ශබ්දයේ ප්‍රථමා ඒකවචන පදය වු එෂ: යන්නෙහි ඇති විසර්ගය හස ප්‍රත්‍යහාරයක් පරවී ඇතිවිට ලෝපශ් වීමට ලක්කරයි. මෙම පද දෙකින් පසුව ඇති පදයේ ආරම්භක ශබ්දය හස ප්‍රත්‍යහාරයට අයත් අකුරක් විය යුතුයි. එනම් ඕනෑම ව්‍යඤ්ජන අකුරක් විය යුතුයිි. පහත උදාහරණය විමසන්න.

सः + चरति		- विसन्धि
स + चरति		- सैषाद्धसे
सचरति			- सन्धि

ස: + චරති	- විසන්ධිය
ස: + චරති	- සෛෂාද්ධසේ
සචරති		- සන්ධිය

ඉහත උදහරණයේ ස: ශබ්දයෙන් පසුව ඇත්තේ චකාරයයි. එය හස ප්‍රත්‍යහාරයට අයත් අකුරකි. එනිසා ස: යන්නෙහි ඇති විසර්ගය ලෝපශ් කොට සන්ධි පදය සාදාගන්නට යෙදුණි. පහත උදාහරණ ද බලන්න.

එෂ: + හසති	= එෂහසති
ස: + කරොති	= සකරොති
එෂ: + පතති	= එෂපතති
ස: + ගායති	= සගායති
එෂ: + විලසති	= එෂවිලසති

විසර්‍ග සන්ධිය

විසර්ගයට මූලිකස්ථානයක් දෙමින් සිදු වන සන්ධිය විසර්ග සන්ධිය යි. විසර්ගය ලෝප, ආදේශ, ආගම ආදී සන්ධි කාර්යන් මඟින් පසු පදය හා එක්වීම සිදුවෙයි.
1. විසර්‍ජනීයස්‍ය ස:
2.ශෂසෙ වා
3. කුප්වො කපෞ වා
4. අහ්නොරෝ රාත්‍රිෂු
5. අතොත්‍යු:
6. හබෙ
7. ආදබෙ ලොපශ්
8. ස්වරෙ යත්වං වා
9. භොස:
10. නාමිනො ර:
11. රෙඵප්‍රකෘතිකස්‍ය ඛපෙ වා
12. ර:
13. රිලොපො දීර්‍ඝශ් ච
14. සෛෂාද්ධසෙ

ලෝපශ් වේ.