වර්ෂයේ දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන ලද අන්තර් පාරිවේණික තරගාවලියේ ප්‍රථම ස්ථානය ලැබූ ශිෂ්‍යයන් වෙනුවෙන් පවත්වන සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගය 2018 සැප්තැම්බර් 29 වෙනි සෙනසුරාදා ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරය, ගම්/යශෝදරා දේවි බාලිකා මහ විදුහල සහ ගම්/සිද්ධාර්ථ කුමාර මහ විදුහල ෙකේන්ද්ර කොට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සදහා සුදුසුකම් ලැබූ ඔබ වහන්සේගේ පිරිවෙණෙහි ශිෂ්‍ය නාම ලේඛනය මේ සමග එවා ඇත. ඒ් අනූව අදාළ ශිෂ්‍යයන් අනන්‍යතා පත්‍රය ද සහිතව භාරකරුෙවෙක් ද සමග සහභාගී කරවන මෙන් දන්වා සිටිමු.
උපදෙස් –
-
ශාසනික ගෞරවය ඇතිවන පරිදි සියළු සිසුන් කටයුතු කලයුතු ය.
-
පැවිදි සිසුන් ශ්‍රමන සාරුප්‍යයට ගැළපෙන අයුරින් තරග සදහා සහභාගී විය යුතු ය.
-
විහාර භූමිය, දහම් පාසල් භූමිය අපවිත්‍ර කිරීම ෙහෝ එහි පොදු දේපලට හානි කිරීම සිදු නොකළ යුතු ය.
-
දිවා ආහාරය සහ ගිලන් පස සපයනු ලැබේ.
-
ගම්පහ නගර මධ්‍යයේ ඇති ගුවන් පාලම අසල ඒම තරග මධ්‍යස්ථානය පිහිටා ඇත.
විජිත වෙලගෙදර,
අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්),
අධ්‍යාපන ලේකම් වෙනුවට.
සමස්ත ලංකා තරග සදහා තේරීපත් වී ඇති සිසුන්ගේ නම් සටහන් කිරීම සදහා ඇති ආදර්ශ ෆෝරමය ඩවුන්ලෝඩ් කරගන්න.
සමස්ත ලංකා තරග සදහා තේරීපත් වී ඇති සිසුන් සදහා ඇති ආදර්ශ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න.
Leave A Comment
You must be logged in to post a comment.