1. පාර – මාවත, මාර්ගය, මග
  2. අම්මා – මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා
  3. එන්න – පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න
  4. ගෙදර – නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය
  5. ටිකක් – ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්
  6. ඉක්මනින් – කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව
  7. ගුරුතුමා – ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා
  8. පාසල – විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව
  9. එක්ක – සමග, කැටුව, සහ,හා
  10. උදේ – පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන
  11. කිවුවා – පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා
  12. වාහනය- රථය, රිය, යානය
  13. නගින්න – ගොඩවෙන්න, නැගගන්න
  14. දුව – දියණිය, දෝණිය, දුහිතෘ
  15. දෙපැත්ත – දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය
  16. ඊට පස්සෙ – ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව
  17.  ළග – අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ
  18. හැමෝම – කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම
  19. ප්‍රසංසාව – ස්තුතිය, ගෞරවය, පැසසුම
  20. හඩ – ශබ්දය, නාදය, රාවය, ධ්වනිය
  21. පියා – තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා
  22. පෙර – කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ
  23. කුඹුර – කෙත,වෙල
  24. වතුර – ජලය, දිය,පැන්, උදක, අඹ
  25. වනාන්තරය – වනය, කැලය, කැලෑව, අරණ
  26. අලියා – හස්තියා, වරුණ, ඇතා,ගජ, නා
  27. කන්ද – පර්වතය, පව්ව, ගිර
  28. යාළුවා – මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි
  29. ඥානවන්ත – නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,
  30. අලුත් – නවීන, නොපැරණි
  31. කෙළවර – අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම
  32. විශාල – ලොකු,මහ, මහත්, විසල්
  33. ඇදිරිය – කළුවර, අන්දකාරය, අදුර
  34. පියාඹන්න – ඉගිලෙන්න, පියාසලන්න
  35. ප්‍රමාද – පරක්කුව, පමා,ලස
  36. කුසලතා – ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා
  37. දෙනෙත් – දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන
  38. පොළව – බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය
  39. ප්‍රසිද්ධ – පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල
  40. රජතුමා – භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල
  41. කතාව – අන්දරය, කතන්දරය, කථාව
  42. හද – චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර
  43. අහස – ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
  44. සතුරා – හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු,
  45. තෑග්ග – තිළිණය, ත්‍යාගය, පඩුර
  46. කනවා – බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
  47. ඉර – සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු
  48. කෑම – ආහාර, බොජුන්, භෝජන, ගොදුරු
  49. කෑලි – කැබලි, කොටස්, අංශු, අංග
  50. කුරුල්ලෝ – පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්
  51. වත්ත – උද්‍යානය, උයන
  52. ඔලුව – හිස, සිරස, ශිර්ශය
  53. ඇස් – නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්
  54. කරදර – උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර
  55. ඇග – ශරීරය, සිරුර. ගත,කය
  56. සාරු – යුෂ, ඉස්ම, ශ්‍රාවය
  57. ලස්සන – ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු
  58. පාට – වර්ණය, පෑ,වන්, පැහැය
  59. නරියා – හිවලා, කැනහිලා, ගෘගාලයා
  60. ප්‍රීතිය – සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය
  61. මැණික් – මාණික්‍ය, මිණි, රුවන්, රත්න
  62. රත්තරන් – රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක
  63. දුක – ශෝකය, කනගාටුව, දොම්නස, සොව
  64. කොඩි – ධජ,දද, පතාක
  65. කන – සවන, වදත්මහ, කර්ණය
  66. සරු – සාරවත්, සශ්‍රීක
  67. කට – මුඛය, මුව,මිය
  68. ප්‍රීති ඝෝෂා – ඔල්වරසන්, ජයඝෝෂා
  69. උදව්ව – උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල
  70. අවුරුද්ද – වසර, ශතකය, වර්ෂය
  71. ගෝලාකාර – රවුම්, වටකුරු
  72. පොත – ග්‍රන්ථය, පුස්තකය
  73. සුදු – ධවල, ශ්වේත, සේ
  74. සාගරය – මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර
  75. සමූහය – කැන,රැස, රාශිය
  76. ආකාරය – අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය
  77. උත්සාහය – වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය
  78. පතුල – අඩිය, පත්ල
  79. අවශ්‍ය – වුවමනා, අවැසි
  80. පියගැටපෙළ – පඩිපෙල, සෝපානය
  81. පිච්චෙන – පිළිස්සෙන, දැවෙන
  82. කැකුළු – පොහොට්ටු, මොට්ටු
  83. උපත – ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
  84. පිරිසිදු – නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු
  85. මුහුණ – වත,මූණ, වුවන, වක්ත්‍රය
  86. දියුණුව – ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
  87. අශ්වයා – තුරගා, හය,අසු
  88. ඇත්ත – සැබෑ, සත්‍ය, නිබොරු
  89. ස්වාමිපුරුෂයා – සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
  90. බහුල – බොහෝ, වැඩි, සුබල
  91. ‍ඖෂධ – බෙහෙත්, ඔසු
  92. විහිළු – කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම්
  93. කැදැල්ල – කූඩුව(කුරුළු කූඩුව)
  94. රෝගී – අසනීපය, ගිලන්, ලෙඩ
  95. නුවර – නගරය, පුරය, සිදාදිය
  96. පිපාසය – තිබහ, පවස
  97. පර්වතය – ගල, කන්ද
  98. වදුරා – වානරයා, සාමුව, ගොනගුල්
  99. වළාකුළු – වලා,මේඝ, ජලධර
  100. කල්‍යාණ – යහපත්, හොද, කළණ
  101. ජෝඩුව – යුවළ, යුගල, දෙක, සහල
  102. අත – හස්තය, බාහුව
  103. පොල් – නෙරළු
  104. වාඩිවෙන්න – ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
  105. පැටවුන් – පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන්
  106. ජයගත්තා – දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා
  107. හිටවමු – ඉන්දමු, සිටුවමු, පැළකරමු, ‍රෝපණය කරමු
  108. බෙල්ල – ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
  109. මාලය – දම,හර, දාමය
  110. හදවත – හෘදය, හද
  111. බිරිද – අබුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව
  112. නෙළුම් – කමල්, පියුම්. තඹුරු, සියපත්, ශතපත්‍ර
  113. එළිය – ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස්
  114. සුදුසු – යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි
  115.  දත් – දන්ත, දසන්
  116. තාරකා – තරු, දද
  117. අද්දර – අයිනෙ
  118. සිදුර – හිල,ගුල, කුහරය, ජිද්‍රය, විවරය
  119. වර්ග – ජාතිය
  120. පුංචි – කුඩා,චූටි, සිගිති, පොඩි
  121. දහවල් – දිවා, දවල්
  122. ඉදහිට – කලාතුරකින්
  123. අතීත – පැරණි, පුරාණ, පෙර
  124. ඉහළ පෙදෙස – ඉහත්තාව, උඩපෙදෙස
  125. දුර  – ඈත,එහා, එපිට, ඔබ
  126. රැකියාව – රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
  127. උසස් – වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග
  128. මුලුමනින්ම – සහමුලින්, සම්පූර්ණයෙන්
  129. යහන – ඇද, සයනය
  130. කණ්ඩායමක් – රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
  131. මාළු – මත්ස්‍ය, මින්,මීන,මස්ටක
  132. රතු – ලෝහිත, රක්ත
  133. මාළිගය – මන්දිරය, මැදුර, ප්‍රාසාදය, වාසල, පහය
  134. ගුරුතුමී – ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය
  135. තරහ – කෝපය, කේන්තිය. උරණ
  136. දෙසට – දිශාවට, පැත්තට
  137. ගෙම්බා – මැඩියා
  138. පින් – කුසල්, පුණ්‍ය
  139. පන්සල – විහාරය
  140. පිළිතුර – ප්‍රතිවචනය, පිළිවදන්, උත්තර
  141. කොලපාට – හරිතවර්ණය
  142. කවුදෝ – කව්රුදෝ, කිසිවෙක්, කවරෙක්
  143. කොල්ලා – කොළුවා, ළමයා
  144. ගොනා – හරකා, ගවයා, වස්සා, වෘෂභයා
  145. තමාගේ – සිය, ස්වකීය
  146.  ලොව – ලෝකය, ලෝ,දිය. ජගත්
  147. නිතර – නිබද. නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ
  148. අහංකාර – උඩගු, ආඩම්බර, එඩි
  149. අකමැත්ත – විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය
  150. උණුසුම් – උෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ,ගිම්
  151. ගැහැනිය – ස්ත්‍රිය, කාන්තාව, ළද,ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම. කත, මහිලාව, වනිතාව, බවලතා
  152. සතිය – සුමානය
  153. මෝඩ – නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන,
  154. සමූහය – ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින්
  155. වැද්දා – වනචාරියා. සබර, වනසර
  156. අවිශ්වාසය – සැකය, කුකස
  157. විනාශය – නාස්තිය, වැනසීම. සුන්වීම
  158. යුද්ධය – සටන, සංග්‍රාමය, යුද
  159. ගස්වැල් – තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා, ශාක
  160. දෙව්ලොව – දිව්‍යලෝකය, සුරපුර, සුරලොව, ස්වර්ගය. දෙව්ලොව, දෙව්ලෝ, සග
  161. හසුන – ලිපිය, ලියුම, හස්න, සංදේශය
  162. මිනිස්ලොව – මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
  163. මෙහෙකරුවා – වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා
  164. ආගම – ධර්මය, දහම, සමය
  165. මහත – ස්ථුල, තර
  166. සුළග – පවන, නළ. මාරුතය
  167. අත්තිවාරම – අඩිතාලම, පදනම
  168. මොනරා – මයුර. නිල්ගෙල, පිල්බර, සිකි
  169. වැටුප – චේතනය, පඩිය
  170. මිශ්‍ර – කලවම්, මුසු
  171. ආරෝග්‍යශාලාව – ‍‍රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය
  172. පිරිමැස්ම – සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම
  173. නිශ්ශබ්ද – නිහඩ, නිසල, නිසසල, නිශ්චල
  174. විශ්වාසයක් – අදහසක්, මතයක්
  175. ඇසුවේය – විමසුවේය, විචාළේය
  176. ස්ථිර – නිත්‍ය, තිර
  177. බියකරු – භයානක, භයංකර, බියජනක, බිහිසුනු
  178. උගත් – පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
  179. පුදුමාකාර – විශ්මිත, අසිරිමත්, අද්භූත, අපූර්ව, විශ්මයජනක
  180. බස්නාහිර – බටහිර, අපරදිග, අවරදිග, ප්‍රතිවීන
  181. නැගෙනහිර – පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
  182. දූපත – දිවයින, දූව, ද්වීපය
  183. වෙහෙර – සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය
  184. පිළිමය – ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
  185. සංඥාව – සලකුණ, ඉගිය
  186. නායකයා – නියමුවා, ප්‍රධානියා, මූලිකයා
  187. ඉදිරියේ – අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ
  188. ගීතය – සින්දුව, ගීය
  189. ඉදිබුවා – ඉබ්බා
  190. තරුණ – තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර
  191. සහෝදරයා – සොහොයුරා, සොයුරා, බෑයා
  192. ප්‍රශ්නය – පැනය, ගැටළුව
  193. නොපෙනී – අතුරුදහන්, අන්තර්ධාන, අදර්ශන, අදෘශ්‍යමාන, අතුරුදන්
  194. සිංහයා – සිහ,සීහ, කෙසරිදු, මිගිදා, සී
  195. අවධිය – සමය, යුගය, වකවානුව, කාලසීමාව
  196. ආරංචි – පුවත්, ප්‍රවෘත්ති
  197. පාවිච්චිය – පරිභෝජනය, පරිශීලනය
  198. මෘදු – මොලොක්, මෙලෙක්, සියුමැලි
  199. වචන – වාග්,වාං, වදන්, පද
  200. කනවා – බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
  201. කරදර – උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා,
  202. ප්‍රීතිය – සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය,
  203. උදව්ව – උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර,
  204. සමූහය – කැන,රැස, රාශිය
  205. උපත – ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
  206. දියුණුව – ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
  207. ස්වාමිපුරුෂයා – සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
  208. වාඩිවෙන්න – ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
  209. බෙල්ල – ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
  210. රැකියාව – රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
  211. කණ්ඩායමක් – රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
  212. මිනිස්ලොව – මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
  213. වැටුප – චේතනය, පඩිය
  214. නිශ්ශබ්ද – නිහඩ, නිසල, නිසසල, නිශ්චල
  215. උගත් – පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
  216. නැගෙනහිර – පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
  217. පිළිමය – ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
  218. ගින්දර – අග්නි, ගිනි
  219. වගේ – වැනි,මෙන්, සේ,ලෙස, වත්,එව්
  220. ගල් – සෙල්, ශිලා. ශෛල, පාෂාණ, පහණ්
  221. හිගන්නා – යාචකයා, යදියා
  222. විරල – දුර්ලභ, දුබල, අඩු
  223. ලාම්පුව – ප්‍රදීපය, පහන, පාන
  224. දැහැමි – ධාර්මික, ධර්මිෂ්ඨ
  225. නොයෙක් – අනෙක, නොයෙක්, නෙක,නන්
  226. ගමන – චාරිකාව, සංචාරය
  227. සේයාරුව – පින්තූරය, ඡායාරුව
  228. ආශ්‍රය – ඇසුර, සේවනය
  229. ඔපමට්ටම් – මටසිලිටු. සුමට
  230. ඔටුන්න – කිරුළ, කිරීටය, ක්‍රීටය
  231. කපුටා – කාක්කා, කවුඩා
  232. ආදරය – සෙනෙහස, ස්නේහය, ඇල්ම
  233. කොහා – කොවුලා, කෝකිලයා
  234. දුප්පත් – දුගී, දිළිදු, නිර්ධන, දරීද්‍ර, නිවත්
  235. නුසුදුසු – නොගැලපෙන, නොමනා. නොහොබිනා, නොනිසි, අයෝග්‍ය
  236. පුරසාරම් – පුරාජේරු, පම්පෝරි
  237. අවනම්බුව – අපහාසය, අපකීර්තිය. අගෞරවය, නින්දාව
  238. අවවාද – ඔවදන්, ඔවා
  239. නියෝගය – අණ, නියමය, විධානය, ආඥාව
  240. බියසුළු – බියගුලු, බයාදු, බය
  241. සුබ – හොද, යහපත්, වාසනාවන්ත
  242. ශක්තිය – වීර්යය, වෙර
  243. ඊතලය – ඊය,හීය
  244. බොරු – ව්‍යාජ, මුසා, අසත්‍ය
  245. උපක්‍රමශීලී – උපායශීලී, ප්‍රයෝගශීලී
  246. හපනා – ශූරයා, සමතා, සමර්තයා, දක්ෂයා
  247. මුවා – මිග,මෘග
  248. අඩක් – භාගයක්, අර්ධයක්
  249. දබරය – රණ්ඩුව, හබය, කෝළාහලය, සණ්ඩුව
  250. තේරුම – අදහස, අර්තය, අරුත
  251. කොණ්ඩය – වරල, මුහුල. කෙස්, හිසකෙස්, ඉසකේ
  252. සිතුවිලි – අදහස, චේතනාව
  253. සැලෙන – හෙල්ලෙන, සෙලවෙන, චංචල, කම්පිත
  254. අමාරු – අපහසු, දුෂ්කර, උගහට
  255. බළලා – පූසා, බිළාලයා
  256. සෙබලා – සොල්දාදුවා, භටයා, හේවායා, බළයා
  257. නපුරු – කුරිරු, කෘර, දුෂ්ට, සැහැසි. දරුණු
  258. මුදුන – කූටය, කුළ
  259. නිර්භිත – අභීත, නිර්භය, එඩිතර
  260. ගෙහිමියා – ගෘහමූලිකයා, ගෘහපතියා, කෙළෙඹියා
  261. තවුසා – තාපසයා
  262. තාප්පය – පවුර, ප්‍රාකාරය
  263. ජනපදය – ජනාවාසය, දනව්ව
  264. විඩාව – වෙහෙස, මහන්සිය
  265. පියාපත් – අත්තටු, තටු,පියා
  266. නිසරු – නිස්සාර, අසරු. අසාර, නිශ්‍රික ‍‍‍‍
  267. මීමා – මීහරකා
  268. බමන – කැරකෙන
  269. මොළය – මස්තිෂ්කය
  270. ගෝනුස්සා – නුහුසුවා
  271. ජෝඩුව – යුවළ, දෙක, සගල, යුගල
  272. සිනහව – හිනාව, හාස්‍ය
  273. පුද්ගලයා – තැනැත්තා
  274. ඇතුළ – අභ්‍යන්තරය, තුළ
  275. පෘෂ්ඨය – මතුපිට, මුහුණත
  276. පොකුණ – තඩාගය, තටාකය, පුෂ්කරණි
  277. අදක්ෂ – නොහැකි, අසමත්
  278. කෙට්ටු – කෙසග, දිරාපත්, වැහැරුණු
  279. අප්‍රමාණ – අසීමිත, අමිත, අපමන
  280. පිපෙයි – විකසිතවෙයි, ප්‍රබෝධවෙයි, මිණිමුතුවෙයි, පුබුදුවෙයි
  281. රෝසමල – සෙව්වන්දි
  282. තාප්පය – ප්‍රාකාරය, පවුර
  283. ලංකාව – සිරිලක, ශ්‍රී ලංකාව, ලක්දිව, හෙලදිව, ලංකාද්වීපය
  284. වියදම – වැය, ගෙවීම
  285. තෝ – යුෂ්මතා, නුඹ, ඔබ
  286. බෞද්ධ – බොදු, බුද්ධාගම්කාර
  287. මැලියම් – ලාටු, ගම්
  288. වෙළද – වාණිජ, වාණිජ්‍ය
  289. අනංගයා – මල්සරා, මදන, මලවි, පන්සැර, මින්දද
  290. පවුකාර – පාපිෂ්ඨ, පාපකාරී
  291. පස්වරු – අපරභාග
  292. පෙරවරු – පූර්වභාග
  293. අනුග්‍රහය – උපකාරය, අනුමැතිය
  294. විදුහල්පති – විද්‍යාලයාධිපති, මුල්ගුරු, ප්‍රධානාචාර්ය, පදනැදුරු
  295. මත්පැන් – මද්‍යසාර, රහමෙර, සුරා
  296. ඇඹුල් – අම්ල,
  297. ශ්‍රමණ – සමණ, මහණ
  298. නිවන – නිර්වාණය, මෝක්ෂය, මොක්පුර
  299. අසන්න – අහන්න, කන්දෙන්න, විමසන්න, සවන්දෙන්න
  300. අලවංගුව – ගල්ඉන්න, නාරස්නය
  301. ශක්‍රයා – සුරපති, පුරන්දර, සහසැල්, සහස්නෙත්, සුරිදු, ඉන්ද්‍ර, විදුරවි
  302. ඊෂ්වර – තිනෙත්, මහෙසුරු, මහේෂ්වර
  303. අනාවැකිය – සාත්තරය
  304. බුදුන් – මොකැදුරු, තිලෝගුරු,දම්රද, මරරුපු, මුනිදු, දියනා, දම්රද
  305. සැතපුම – හැතැප්මය, මයිල
  306. නිශ්පාදනය – නිපැයුම, නිර්මාණය
  307. ලනුපට – රැහැන, වරපට
  308. ඡායාව – සෙවනැල්ල, ප්‍රතිබිම්බය, සේයාව
  309. රාජ්‍ය – රජය, ආණ්ඩුව
  310. කවිය – කාව්‍ය, සිව්පදය, කව

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් ප්‍රවීණ ආචාර්ය W. S  බණ්ඩාර ආරච්චි මහත්මාට  බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.