මෙම සන්ධිය ප්‍රධාන වශයෙන් කොටස් 2 කයි. එනම්-

  1. යකාර ලෝපශ්
  2. වකාර ලෝපශ්

5.1. යකාර ලෝපශ් 

මීට පෙර උගත් ව්‍යස්ථ සන්ධියේ සිදු වූයේ මුල් පදයේ අග ‘එ’ සහ ‘​ඓ   ‘ ස්වර දෙකට ‘අය්’ සහ ‘ආය්’ ආදේශ වීමයි. මෙම සන්ධියේ දී ‘අය්, ආය්’ දෙක ආදේශ වූ පසු එහි ඇති ‘ය්’ යන්න ලෝපශ් වේ. එය සිදුවනුයේ විකල්පයෙනි. විකල්පයෙන් සිදුවීම යනු තමන්ට අවශ්‍යනම් ‘අය්, ආය්’ වල ඇති ‘ය්’ ඉතුරු කරන්නත් පුළුවන් නැත්නම් කපාහරින්නත් පුලුවන්. මෙම සන්ධිය බොහොවිට අවශ්‍ය වන්නේ සංස්කෘත ශ්ලෝක නිර්මාණය කිරීමේදී විරිත් ආරක්ෂා කරගැනීම සඳහා ය. 

උදාහරණ – 

නෙ + ආම: (විසන්ධිය)

ත් + එ + ආම: (ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීම)

ත් + අය් + ආම: (එ අය්)

න් + අය් + ආම: (ය්වෝර්ලෝපශ්)

න ආම: ( සන්ධිය) 


නෙ + අනම් = න අනම්

රෛ + ආම: = රා ආම:

ශ්වේ + ඉෂ්‍යති = ශ්ව ඉෂ්‍යති

අශ්වේ + ඊත් = අශ්ව ඊත්

දේවේ + උපරි = දේව උපරි

භද්‍රෙ + සෘද්ධි: = භද්‍ර සෘද්ධි:

තෙ + එවම් = ත එවම්

ගෘහෙ + ඓ  ශ්චර්යම් = ගෘහ ​ෛඑශ්චර්යම්

ජෛ + උ: = ජා උ:

අස්‍යෛ + ඊහතෙ = අස්‍යා ඊහතෙ

තස්මෛ + ඔදනම් = තස්මා ඔදනම්

5.2. වකාර ලෝපශ්

මීට පෙර උගත් ව්‍යස්ථ සන්ධියේ සිදු වූයේ මුල් පදයේ අග ‘​ඔ’ සහ ‘​​ඖ ‘ ස්වර දෙකට ‘අව්’ සහ ‘ආව්’ ආදේශ වීමයි. මෙම සන්ධියේ දී ‘අව්, ආව්’ දෙක ආදේශ වූ පසු එහි ඇති ‘ව්’ යන්න ලෝපශ් වේ. එය සිදුවනුයේ විකල්පයෙනි. විකල්පයෙන් සිදුවීම යනු තමන්ට අවශ්‍යනම් ‘අව්, ආව්’ වල ඇති ‘ව්’ ඉතුරු කරන්නත් පුළුවන් නැත්නම් කපාහරින්නත් පුලුවන්. මෙම සන්ධිය බොහොවිට අවශ්‍ය වන්නේ සංස්කෘත ශ්ලෝක නිර්මාණය කිරීමේදී විරිත් ආරක්ෂා කරගැනීම සඳහා ය. 

උදාහරණ – 

භො + අති = (විසන්ධිය)

භ් + ඕ + අති ( ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

භ් + අව් + අති (ඕ අව්)

භ් + අව් + අති ( ය්වෝර්ලෝපශ්වා පදාන්තේ)

භ අති (සන්ධිය)


භො + ආමි = භ ආමි

අපෞ +  ඊත් = අපා ඊත්

නෞ + ආ = නා ආ

නෞ + ඉක: = නා ඉක:

භෞ + උක: = භා උක:

නෞ + එ = නා එ

ගො + උත්තම: = ග උත්තම:

භො + එත් = භ එත්

ගො + ඖෂධම් = ග ඖෂධම්

ගො + සෘණම් = ග සෘණම්

ගො + ඌඪී:= ග ඌඪී:

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀