ලෝපය යනු අකුරක් කපා ඉවත් කිරීමයි. එය සාරස්වතයේ “වර්ණාදර්ශනං ලෝප:” වශයෙන් හැඳින්වේ. අකුරක් කපා ඉවත් කිරීම යනු නොකියා හැරීමයි. මෙම සන්ධිය ප්‍රධාන කොටස් දෙකකි. එනම් – 

    1. අකාර ලෝපය
    2. ටී ලෝපය

1.5.1 අකාර ලෝපය

මුල් පදයේ අග අකුර ‘එ’ කාරය හෝ ‘ඔ’ කාරය වූ විට පසු පදයේ මුල අකුර ‘අ’ යන්න වූ විට මුල් පදයේ ඇති ‘අ’ යන්න ලොප් වේ. ඉන්පසු දෙපැත්තේ පද දෙක එකතු වේ. එලෙස පද දෙක එකතු වීමේදී ‘අ’ ලොප් වූ තැන අවග්‍රහ ලකුණ (S) යෙදේ. සිංහලයේ දී මෙය උඩුකොමාව(‘) ලෙස හැඳින්වේ. 

උදාහරණ – 

හරෙ + අහම් ( විසන්ධිය)

හර් + එ + ආහම් (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

හරේ + අහම් (එදොතොත:)

හරෙ’හම්


භාණෝ + අත්‍ර = භාණො’ත්‍ර

හිතෝපදේශො + අයං = හිතෝපදේශො’යං

1.5.2. ටී ලෝපය 

සංස්කෘතයේ ‘ඊෂ’ ආදී ශබ්ද වශයෙන් ශබ්ද වර්ගයක් ඇත. ඒවා නම් ඊෂ, ඕම්, අන්ධු, අඤ්ජලී, අට, අඞ්ග, අන්ත වශයෙනි. එමෙන්ම හලාදී ශබ්ද නම් වූ ශබ්ද වර්ගයක් ද ඇත. ඒවා නම් – හල, ලාඞ්ගල, මනස්, අද්‍ය, ශක, තර්ක, සීමන්, කුල, පතත්, සාර වශයෙනි. ඊෂාදී ශබ්ද කුමන හෝ හලාදී ශබ්දයකින් පරව යෙදී ඇති කල්හි මුලින් ඇති හලාදී ශබ්දවල ටී සංඥාව ලොප් වේ. පසුව දෙපැත්තේ ඇති අකුරු එකතු වී පද ගැලපී සන්ධිය සිදුවේ. 

උදාහරණ – 

මනස් + ඊෂා (විසන්ධිය)

මන් + අස් + ඊෂා (ටි සංඥාව වෙන් කිරීම )

මන් + අස් +ඊෂා ( හලාදෙරිෂාදෞ ටේර්ලොපො වක්තව්‍යං)

ම නී ෂා (ස්වාරාරෑඪය)

මනීෂා (සන්ධිය)


ලාඞ්ගල + ඊෂා  = ලාඞ්ගලීෂා

අද්‍ය + ඕම් = අද්‍යොම්

ශක + අන්ධු: = සකන්ධු:

කර්ක + අන්ධු: = කර්කනධු: 

සීමන් + අන්ත: = සීමන්ත:

කුල + අටා + කුලටා

පතත් + අඤ්ජලී = පතඤ්ජලී

සාර + අඞ්ග: = සාරඞ්ග:

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀