පලකළ දිනය - May 25, 2018

ගුරු භවතුන් සහ සිසු දරුවන් දත යුතු කරුණු

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව මගින් සංවිධානය කරනු ලබන පාරිවේණික දිස්ත්‍රික් තරග සඳහා පිරිවෙන් 46 කින් තරග ඉසව් හැත්තෑවක් වෙනුවෙන් තරඟකරුවන් දහසකටත් අධික පිරිසක් සහභාගීව වන තරගයට අදාළ කටයුතු සඳහා ඔබ පිරිවෙනේ තරග විස්තර ඉතා ඉක්මනින් ලබා දීම බෙහෙවින්ම සංවිධායක මණ්ඩලයට පහසුවකි. පසුගිය වර්ෂයේ සියලු කටයුතු විධිමත්ව නිමා කිරීම පිණිස කෘත්‍යාධිකාරී හිමිවරුන්ගෙන්ව සහ පරිවේනාධිපති සහ ආචාර්යවරුන්ගෙන්  ලැබුණු අනුග්‍රහය මෙවරද විශේෂයෙන් අපේක්ෂා කරමින් පහත සඳහන් උපදෙස් පිළිපැදීම ද ඊට අනුබලයක් වනු ඇත.

තරග පැවැත්වෙන ස්ථානය – පානදුර – වලපල – සධර්මෝදය පිරිවෙණ  දිනය – 2018 – ජුලි – 09 වන සදුදා දින..

  1. පෙ.ව. 8.00 ට පෙර පැමිණීම වාර්තා කළ යුතුය.
  2. පෙරවරු 8.30 තරග ආරම්භ කෙරේ.
  3. ඉල්ලුම්පත්‍ර / අනන්‍යතා පත්‍ර / විනිශ්චය ලේඛන  පැහැදිලිව සම්පූර්ණ කොට ජූනි 30 වන දිනට පෙර ලැබීමට සැලැස්විය යුතුය.
  4. ඉන්ඉ පසු ලැබෙන ල්ලුම්පත්‍ර බැහැර කෙරේ. වරින්වර සංශෝධන සිදු නොකෙරේ.
  5. අනන්‍යතා පත්‍ර ද කල්  ඇතිව ලබාදියයුතුය.
  6. සැම පිරිවෙනටම  අංකයක් ලැබෙනු ඇත.
  7. ඔබෙ පිරිවෙන අංකය තරගකරුගේ නම වෙනුවට භාවිත කළ යුතුය.
  8. තරගකරුගේ නම සහ පිරිවෙන නම භාවිතා නොකළ යුතු බව තරග කරුවා දැනුවත්දැ විය යුතුය.
  9. අවශ්‍ය කරන ලියන කඩදාසි පෑන් පැන්සල් සපයාගත යුතුය.
  10. හසුරු කුසලතා යටතේ එම අවස්ථාවේ ම කරන ලද නිර්මාණ පමණක් අනුමත කෙරේ.
  11. එක් තරගකරුවකු තරග දෙකකට පමණක් ඉදිරිපත් විය හැක. ලිඛිත තරග එකක් හා සෙසු තරඟ එකක් වශයෙනි.
  12. තරගයක් සඳහා සිසුන් කිහිප දෙනකුගේ නම් ඉදිරිපත් කර නොකළ යුතුය.
  13. පරිවේනාධිපති හිමි අත්සන නිළ මුද්‍රාව යොදා අනුමත කරන ලද ඉල්ලුම් පත්‍ර සහ අනන්‍යතා පත්‍ර පමණක් භාරගනු ලැබේ.
  14. තරග විනිශ්චය සඳහා මූලික පිරිවෙනකින් ගුරුභවතුන් 3 ක්ද සෙසු පිරිවෙන්වලින් පස් දෙනෙක් ද (5) සහභාගී කරවිය යුතුය.
  15. තරග පැවැත්වෙන ස්ථානයේ ගෞරවය රැකෙන අයුරින් ක්‍රියා කිරීමට සිසුන්ට උපදෙස් දිය යුතුය.
  16. විනිශ්චයකරුවන් අපක්ෂපාතීව, සාධාරණව, ආදර්ශමත්ව ක්‍රියාකිරීම තුළින් ගැටලුවලින් තොර ව ඉක්මනින්ම ප්‍රතිඵල නිකුත් කළ හැකි වනු ඇත.
  17. තරගවලින් ප්‍රථම, ද්වීතිය හා තෘතිය ස්ථාන ලබා ගැනීම පිණිස අවම වශයෙන් අනුපිළිවෙළින් ලකුණු  80%  65%  40% යන සාධන මට්ටම් ලබාගත යුතුය.

ඔබට අවශ්‍ය අයදුම් පත්‍ර බාගත හැකිය. 

පුර්ව ප්‍රාථමික තරග කරුවන්ගේ අයදුම් පත 

ප්‍රාථමික තරග කරුවන්ගේ අයදුම් පත

ජ්‍යේෂ්ඨ තරග කරුවන්ගේ අයදුම් පත 

කණිෂ්ඨ තරග කරුවන්ගේ අයදුම්පත 

අනන්‍යතා පත්‍රය 

විමසීම් – පුජ්‍ය රොටුබ පේමරතන නා හිමි – 0770450388

තරගය සදහා තව දින
0
0
0
0
Days
0
0
Hrs
0
0
Min
0
0
Sec

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment