පෙර පදය සහ පසු පදය යන දෙකම සමාන ස්වර වූ විට ඒ ස්වර දෙකම එක්වී එහි දීර්ඝය වීම මෙහිදී සිදු වේ. සාරස්වත්යේ එය “අඉඋසෘඏ  සමානා:” යනුවෙන් හැඳින්වේ. ‘ අ, ඉ, උ, සෘ, ඏ’ යන අකුරු පහ සමාන අක්ෂර වශයෙන් ඔබ උගෙන ඇත. මේවා හ්‍රස්ව සහ දීර්ඝ වශයෙන් ගත්කල දහයක් (10) බවට පත්වේ. මෙම සන්ධියේදී සිදුවනුයේ සමාන අක්ෂර දෙකක් පෙර පදය සහ පසු පදය ලෙස යෙදුණු විට ඒ දෙකම එකතු වී එහි දීර්ඝ අක්ෂරය නිර්මාණය වීමයි. එය සාරස්වතයේ ” සවර්ණේ දීර්ඝ: සහ” යන සූත්‍රයෙන් විග්‍රහා කෙරේ. දීර්ඝ සන්ධිය කොටස් පහකි. එනම් –

    1. අ වර්ණ දීර්ඝය
    2. ඉ වර්ණ දීර්ඝය
    3. උ වර්ණ දීර්ඝය
    4. සෘ වර්ණ දීර්ඝය
    5. ඏ වර්ණ දීර්ඝය  වශයෙනි.

1.1. අ වර්ණ දීර්ඝ සන්ධිය

පූර්ව ස්වරය සහ පසු ස්ව​රය අ වර්ණය වූ විට එහි දීර්ඝය නිර්මාණය වේ. මෙහිදී අ වර්ණය යෙදිය හැකි ක්‍රම සතරක් ඇත. එනම් –

අ + අ = ආ

අ + ආ = ආ

ආ + අ = ආ

ආ + ආ = ආ

උදාහරණ –

දේව + ආලය (විසන්ධිය)

දේව් + අ + ආ + ලය (ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීම)

දේව් + ආ + ලය ( සවර්ණේ දීර්ඝ: සහ)

දේවාල​ය (සන්ධිය)


ගජ + ආනන: = ගජානන:

සුර + අසුර = සුරාසුර

ගඞ්ගා + අම්හි = ගඞ්ගාම්හි

ගඞ්ගා + ආසීත් = ගඞ්ගාසීත්

චන්ද්‍ර + ආලෝක = චන්ද්‍රාලෝක

විද්‍යා + අංශ = විද්‍යාංශ

කන්‍යා + ආභරණ = කන්‍යාභරණ

1.2. ඉවර්ණ දීර්ඝය

පූර්ව ස්වරය සහ පසු ස්ව​රය ​ඉ වර්ණය වූ විට එහි දීර්ඝය නිර්මාණය වේ. මෙහිදී ​ඉ වර්ණය යෙදිය හැකි ක්‍රම සතරක් ඇත. එනම් –

ඉ + ඊ = ඊ

ඉ + ඉ = ඊ

ඊ + ඉ = ඊ

ඊ + ඊ = ඊ

උදාහරණ –

හරි + ඉන්ද්‍ර: ( විසන්ධිය)

හර් + ඉ + ඉ + න්ද්‍ර: (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

හර් + ඊ + න්ද්‍ර: ( සවර්ණේ දීර්ඝ: සහ)

හ + රී + න්ද්‍ර: ( ස්වරාරෑඪය)

හරීන්ද්‍ර: (සන්ධිය)


මුනි + ඉන්ද්‍ර: = මුනීන්ද්‍ර:

කවි  + ඊශ්වර: = කවීශ්වර:

පෘථිවි + ඊශ්වර: = පෘථිවීශ්වර:

යති + ඉන්ද්‍ර: = යතීන්ද්‍ර:

කපි + ඊශ්වර: = කපීශ්වර:

සේනානි + ඉන්ද්‍ර: = සේනානීන්ද්‍ර:

සපත්නී + ඊර්ෂ්‍යා = සපත්නීර්ෂ්‍යා

කවි + ඉන්ද්‍ර: = කවීන්ද්‍ර:

1.3. උ වර්ණ දීර්ඝය

පූර්ව ස්වරය සහ පසු ස්ව​රය ​උ වර්ණය වූ විට එහි දීර්ඝය නිර්මාණය වේ. මෙහිදී ​උ වර්ණය යෙදිය හැකි ක්‍රම සතරක් ඇත. එනම් –

උ + ඌ = ඌ

උ + උ = ඌ

ඌ + උ = ඌ

ඌ + ඌ = ඌ

උදාහරණ –

මධ්‍ු + ඌන = මධූන

භූ + උදක = භූදක

භානු + උදය = භානුදය

වායු + ඌන: = වායූන:

වධූ + උදරම් = වධූදරම්

වධූ + ඌහා = වධූහා

වධූ + ඌහනීය = වධූහනීය

1.4. සෘ වර්ණ දීර්ඝය

පූර්ව ස්වරය සහ පසු ස්ව​රය ​සෘ වර්ණය වූ විට එහි දීර්ඝය නිර්මාණය වේ. මෙහිදී ​සෘ වර්ණය යෙදිය හැකි ක්‍රම සතරක් ඇත. එනම් –

සෘ + සෘ = සෘෘ

සෘ + සෘෘ = සෘෘ

සෘෘ + සෘ = සෘෘ

සෘෘ + සෘසෘ= සෘෘ

උදාහරණ –

පිතෘ + සෘණම් = පිතෘෘණම්

කෘෘ + සෘවර්ණ:  = කෘෘවර්ණ:

කර්තෘ + සෘඩුනා = කර්තෘෘජුනා

භෝතෘ + සෘෘකාර: = භෝතෘෘකාර:

සෘ + සෘෘකාරෞ = සෘෘකාරෞ

තෘෘ + සෘෘකාර: = තෘෘකාර:

1.5. ඏ වර්ණ දීර්ඝය

පූර්ව ස්වරය සහ පසු ස්ව​රය ​ඏ වර්ණය වූ විට එහි දීර්ඝය නිර්මාණය වේ. මෙහිදී ​ඏ වර්ණය යෙදිය හැකි ක්‍රම සතරක් ඇත. එනම් –

ඏ + ඏ = ඐ

ඏ + ඐ = ඐ

ඐ + ඐ = ඐ

ඐ + ඏ = ඐ

උදාහරණ –

ඐ + ඐවර්ණ: = ඐවර්ණ:

ඐ + ඐකාරෞ = ඐකාරෞ

මෙම සන්ධියට උදාහරණ බහුල නොවේ.

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀