සංස්කෘත කාව්‍ය සාහිත්‍ය තුළ ඡන්දස් ශාස්ත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකී. වේදාංග ගණයට වැටෙන ඡන්දස් ශාස්ත්‍රය කාව්‍ය නිර්මාණය සඳහා අත්‍යවශ්‍ය අංගයකී.

“වාක්‍යං රසාත්මකං කාව්‍යං” යන විග්‍රයට අනූව රසවත් වූ වැකිය කාව්‍ය නම් වේ.

කාව්‍ය ප්‍රභේද තුනකී.

1. ගද්‍ය

2. පද්‍ය

3. මිශ්‍ර

වශයෙන් ඒවා හැඳින්වේ.

මින් පද්‍ය කාව්‍ය ඡන්දසින් බඳිනා ලද වචන සමූහයකී. “ඡන්දෝ බද්ධං පදං පද්‍යං” යනු එහි විග්‍රහ වාක්‍යයි.  ඒ අනූව ඡන්දස් ශාස්ත්‍රානුකූලව බදනා ලද පද සමුදාය සහිත පදවලින් යුක්ත නිර්මාණය කරන ලද පද්‍යයක් වේ.පද්‍යයක බාහිර ආකෘතිය, කාලය, රිද්මය තීරණය කරන්නේ ඡන්දස් විසිනි.  “අක්ෂර නියමේන ඡන්ද:” යන විග්‍රයට අනූව යම් පදයකට මෙපමණ අක්ෂර ප්‍රමාණයක් තිබියු යුතු යැයි තීරණය කරනුයේ ඡන්දස් විසිනි.

ඡන්දස් ශාස්ත්‍රය මහා භාරතයේ  ආරම්භ වූවකි. සෙසු ශාස්ත්‍රයට සේම ඡන්දස් ශාස්ත්‍රයේ ද  ආරම්භය මහා බ්‍රහ්මයා කරා දිවයයි. මහා බ්‍රහ්මයාගෙන් ඡන්දස් ශාස්ත්‍රය ඉගෙන මෙය මානව වර්ගයාට ප්‍රකාශ කරනු ලැබුවේ පිංගලක නාග නම් මුණිවරයා විසිනි. ඔහුගේ ඡන්දස් ශාස්ත්‍රය නම් ග්‍රන්ථය හරහා ඡන්දස් ශාස්ත්‍රය මුල් වරට ප්‍රකාශ කරන ලදී. මේ පිළිබඳ ගෙතුණු කතාවක් ද පවතී. මහා බ්‍රහ්මයා හමුවේ ඡන්දස් ශාස්ත්‍රය ඉගෙන ගත් පිංගලක නම්  නා රජු එය මනු ලොව ගෙනාවේ ය. සිරි නරඹමින් පෙරළා පාතාල ලෝකයට යෑමට සූදානම් වූ විට ගුරුලෙකු​ට හමුවිය. එහිදී ඒ ගුරුලා විසින් පිංගලක නාගයා ගිල දැමීමට සූදානම් වූ විට ඡන්දස් ශාස්ත්‍රය දන්නා බවත් එය ප්‍රකාශ කරනතුරු ඉවසන ලෙසත් ගුරුලාට දන්වා ඡන්දස් ශාස්ත්‍රය ප්‍රස්ථාර ගත කොට ඇත. අවසානයෙහි “භුජසිග ප්‍රයාත” නම් විරිත (ගණ හතරක්) මුහුදු වෙරළේ ප්‍රස්තාර කොට මුහුදට පැන පලාගොස් ඇත. මෙම කතාව තුළ පිංගලක   නාගයකු ලෙස නිර් නිරූපණය කර ඇත.

මෙම පිංගල ක නාග මුණිවරයා විසින් රචිත ඡන්දස් ග්‍රන්ථය ඡන්දස් සූත්‍ර නම් වේ එහි වෛදික ඡන්දස් සහ ලෞකික ඡන්දස් යන ඡන්දස් වර්ග දෙකම අන්තර්ගතව පවතී. සංස්කෘත කාව්‍ය සාහිත්‍යය තුළ ලෞකික ඡන්දස් උපයෝගී කරගෙන රචිත මුල්ම කාව්‍ය වනුයේ රාමායණයයි. ලෞකික පරමාර්ථයන් උදෙසා සේම රස් රසවින්දනය උදෙසා රචිත පද්‍ය කාව්‍ය නිර්මාණ සඳහා ලෞකික ඡන්දස් භාවිත කොට ඇත. වෛදික ඡන්දස් යනු සෘක්, යජුර්, සාම, අථර්වන් යන වේද ග්‍රන්ථයන් හි අන්තර්ගත ඡන්දස් වේ.

වෘත්තරත්නාකරය

පිංගලක මුනිවරයාගේ “ඡන්දස් සූත්‍ර” ග්‍රන්ථ​ය අනුසාරයෙන් ​කේදාර භට්​ට නම් පඩිවරයා විසින් රචිත ඡන්දස් ග්‍රන්තයකි. වෘත්තරත්නාකරය. මෙම කතුවරයාගේ කාලය නිශ්චිත නැත. ඔහු විසින් රචනා කරන ලද වෘත්තරත්නාකරය පරිච්ඡේද හයකින් යුක්තය.

1. පළමු පරිච්ඡේදය ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීම් කාණ්ඩයකි. එහි ඡන්දස් විභාග, ග​ණ විභාග, ගුරු ලඝු ලක්ෂණ, භූත සංඛ්‍යා හා යති ලක්ෂණ අන්තර්ගත වේ.

2. දෙවැනි පරිච්ඡේදයෙහි මාත්‍රා ඡන්දස දැක්වේ.
3. තුන් වන පරිච්ඡේදයෙහි වර්ණ ඡන්දස ට අයත් සම විරිත් දැක්වේ.
4. සිව් වන පරිච්ඡේදයෙහි අර්ධ සම විරිත් දැක්වේ.

5. පස්වන පරිච්ඡේදයෙහි විෂම නම් විරිත් දැක්වේ.

6. සය වන පරිච්ඡේදය ප්‍රස්තාර සඳහා වෙන්කර ඇත.

සංස්කෘත ඡන්දස්

සංස්කෘත ඡන්දස් වල මූලික ප්‍රභේද දෙකකි.

1.වෛදික ඡන්දස් 
2.ලෞකික ඡන්දස්

මින් වේද මන්ත්‍ර රචනා කරන ලද ඡන්දස් වෛදික ඡන්දස් ගණයට වැටේ. ඉන් පරිබාහිරව කාව්‍ය නිර්මාණය සඳහා භාවිත ඡන්දස් ලෞකික ඡන්දස ය. ලෞකික ඡන්දස 1.මාත්‍රා ඡන්දස 2. වර්ණ ඡන්දස වශයෙන් කොටස් දෙකකට බෙදේ. මාත්‍රා ඡන්දස මාත්‍රාවක් යනු අක්ෂර උච්චාරණය මනින ඒකකයකි. ඇසිපිය හෙළීමක් හෝ ඇසුරු සැනක් තුළ උච්චාරණය කරනු ලබන කාලය මාත්‍රාවකි. එක මාතාවක් තුළ උච්චාරණය කරනු ලබන අකුරු හ්‍රස්ව අකුරු ලෙස හැඳින්වේ. මෙම ඡන්දස් ශාස්ත්‍රයේදී ලඝු අකුරු ලෙස හැඳින්වෙන අතර කෙටි ඉරකින් (-) එය සංකේතවත්වත් කෙරේ.

උදාහරණ – 

    ,    ,  ,  ​

උච්චාරණය සඳහා මාත්‍රා දෙකක කාලයක් ගත්වන අකුරු දීර්ඝ අකුරු ලෙස හැඳින්වෙන අතර එය ඡන්දස් ශාස්ත්‍රයේ දී ගුරු ලෙස හැඳින් වේ. එය වක්‍ර වූ හැඩයකින් ($) සංකේතවත් කෙරේ.

1. මෙම ගුරු අකුරු ගණයට දීර්ඝ අකුරු ගැනේ.

 ආ, ඊ, කා , මී , ​තෙ , කො 

2. හ්‍රස්ව අකුරකට  හෝ දීර්ඝ අකුරකට පරව අනුස්වාරයක් ​හෝ විසර්ගයක් යෙදූවිට ඒ දෙකම තනි ​අකුරක් වේ.

අං ,  ක: , ආ: , කා‍: , කං 
3. සංයෝග අකුරු හෙවත් බැඳි අකුරු ගුරු අකුරු ලෙස හැඳින්වේ.

ක්ෂ , ෂ්ට ඣ, 

4. හල් ව්‍යඤ්ජ​න අකුරක් පර කොට ඇති හ්‍රස්ව  අකුර ගුරක් වේ.

අම් , ලම් , තන්

මෙසේ මාත්‍රා සංඛ්‍යාව ගණනය කරමින් පදයකට මෙපමණ මාත්‍රා ප්‍රමාණයක් තිබිය යුතු යැයි නියම කිරීම මාත්‍රා ඡන්දසයි. මාත්‍රා ඡන්දස හි ඝන පහකි. එක් ගණයකට මාත්‍රා සතරකි. එම ඝන පහ මෙසේය.මෙම මාත්‍රා ඡන්දසෙහි එන ඡන්දස් “ජාති” නමින් හඳුන්වයි.
“මාත්‍රසා නිබද්ධා ජාති:” ඒ අනුව ජාතිවල මාත්‍රා නියමයෙන් ඡන්දස් පිහිටවනු ලැබේ. එවැනි ජාති පහකි. 

1. ආර්ය
2. ගීති
3. වෛතාලීය
4. වත්‍ර
5. මාත්‍රා

වර්ණ ඡන්දස්

ස්ංස්කෘත  භාෂාවේ බහුලව භාවිතා වනුයේ වර්ණ ඡන්දසයි. වර්ණ  හෙවත් අක්ෂර ගණයෙන් පාද බැඳීම වර්ණ ඡන්දසයේ දී සිදු කරන කාර්යයි. “අක්ෂර නියමෝ ඡන්ද:” යන විග්‍රහ​යෙන්ද  එක් පාදයකට මෙපමණ වූ අක්ෂර ප්‍රමාණයක් තිබේ යැයි පැවසීම වර්ණ ඡන්දසයි. වර්ණ ඡන්දසෙහි ගණ අටකි. ගණයකට අක්ෂර තුනකි.  මෙසේ එක් ගණයකට අක්ෂර තුනක් යොදා ගෙන ඇත්තේ හින්දු ආගමේ එන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රි මූර්තිය සහ සත්ත්ව, රජස්, තමස් යන ගුණ තුන සිහිපත් කරනු සඳහාය.

  1. ම ගණය – 
  2. ය ගණය – _
  3. ර ගණය  –    _
  4. ස ගණය  – _  _  
  5. න ගණය –         _
  6. ජ ගණය  – _       _
  7. බ ගණය  –     _   _
  8. න ගණය – _  _  _

 

වෘත්තරත්නාකරයෙහි වර්ණ ඡන්දස් යටතේ ඡන්දස් විසි හයක් (26) ක් දක්වා ඇත. එම ඡන්දස් එක් වර්ණයක සිට වර්ණ 26 ක් දක්වා වූ පරාසයක විහිදේ. ඡන්දසක් යනු අක්ෂර නියම කිරීමයි. මෙම ඡන්දස් 26 වෘත්තරත්නාකරයෙහි මෙසේ දක්වා ඇත.

උක්තාත්‍යුක්තා කථා මධ්‍ය ප්‍රතිෂ්ඨාන්‍යා සුපූර්විකා

ගායත්‍යුෂණී ගනුෂ්ටුප් ච බෘහති පඞතිරේව ච

ත්‍රිෂ්ටුප් ච ජගතී චෛව තථාති ජගතී මහා

ශක්ෂිරී සා’ති පූර්වා ස්‍යාදෂ්ට්‍යන්‍යෂ්ටී තත: ස්මෘතෙ

ධෘති ශ්වානිධෘනිශෛව ව  කෘති: ප්‍රකෘති රාකෘති

විකෘති: සංකෘතිශෛව ව තථාතිකෘති රැ ත්කෘති:

 

ඉහත ශ්ලෝකවලින් ඡන්දස් විසි හයක් දක්වා ඇත. ඒ ඒ ඡන්දස් තු​ළ විරිත් රාශියක් දක්නට ලැබේ. විරිත් යනු “අක්ෂර සංඛ්‍යයා නිබද්ධං වෘත්තම්” යන විග්‍රහයට අනුව මෙයට මෙපමණ අක්ෂර  සංඛ්‍යාවක් තිබිය යුතුය. මෙහි ගුරු, ලඝු මෙසේ විය යුතු යැයි නියම කිරීමයි. වෘත්ත හෙවත් විරිත් නම් වේ. එම විරිත් වලින් රචිත ශ්ලෝක ප්‍රධාන කොටස් තුනකට බෙදෙයි.

1. සම විරිත්
2. අර්ධ සම විරිත්

3. විෂම විරිත්

 
සම විරිත් යනු පාද හතර්ම එක සමාන වීමයි.
අර්ධ සම විරිත් යන එක, තුන පාද එක සමාන වන අතර දෙක, හතර පාද එක සමාන වන අවස්ථාවයි.

පාද හතරම අසමාන වන ඒවා විෂම විරිත් වේ.

වෘත්තරත්නාකරයෙහි තුන්වෙනි පරිච්ඡේදය වෙන් වී ඇත්තේ එම සම විරිත් සඳහා යත එම සම විරිත්වල ඡන්දස් 26 ක් ඇති අතර ඒ ඒ ඡන්දස් යටතේ විරිත් මෙසේ ය. 

  1. උක්තා ඡන්දස

උක්තා යනු ඒකාශ්වර ඡන්දසයි. මෙම ඡන්දසට විරිත් එකකී. 

“ශ්‍රී”

2. අත්‍යුක්තා ඡන්දස

වර්ණ 2 ක් සහිත ඡන්දස අත්‍යුක්තා ඡන්දසයි. මෙහිද එක විරිතකි.

“ස්ත්‍රී”

3. මධ්‍යා ඡන්දස

අක්ෂර (වර්ණ) තුනකින් යුක්ත ඡන්දස මධ්‍ය ඡන්දසයි. මෙහි විරිත් තුනකී.

    1. නාරී
    2. මෘගී
    3. කෙශා

4. ප්‍රතිශ්ඨා ඡන්දස

වර්ණ 4 න් යුක්ත ඡන්දසයි. මෙහි විරිත් 6 කි.

    1. කණ්‍යා
    2. ක්‍රීඩා
    3. ලාශිණි
    4. සුමුඛි
    5. සුමතී
    6. සමෘද්ධි