මෞර්ය අධිරාජ්‍යයේ බිහිවූ ශ්‍රේෂඨතම පාලකයා වශයෙන් ලෝක ඉතිහාසය තුළ පිළිගැනීමට ලක් වනුයේ අශෝක අධිරාජ්‍යයායි. ක‍්‍රි.පූ. 322 දී චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගෙන් ආරම්භ වූ මෞර්ය රාජවංශයේ තුන්වන අධිරාජ්‍යයා වශයෙන් සටහන් වනුයේ අශෝක අධිරාජ්‍යයාය. දෙවන අධිරාජ්‍යයා වශයෙන් සඳහන් වන බින්දුසාර රජුගේ පුත‍්‍රයා වනුයේ මෙම අශෝක කුමරුය. දේවානම් පියදස්සී දෙවියන්ට ප‍්‍රිය වූ පි‍්‍රය දර්ශී වූ හෙවත් මිත‍්‍රශීලී බැල්මෙන් යුතු වූ තැනැත්තා ලෙස අසෝකයෝ හදුන්වා ඇත්තාහ මෙසේ මස්කි (කර්ණාටක) හා ගුංරාරා (මධ්‍යම ප‍්‍රදේශය) යන ශිලා ලිපි වලදී පමණක් අශෝක නමට සමානාර්ථ පර්යාය තනි යෙදුමක් ලෙස පියදස්සී යන නම සදහන් කරනු ලැබ තිබේ. මෙයින් සනාථ වන්නේ දෙවානම්පිය පියදස්සී සහ අශෝක යනුවෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයා බවය. සත්‍ය වශයෙන්ම දෙවානම්පිය යන අශෝක නාමයට මුලින් යෙදුණු ගෞරව නාමයක් හෙවත් උප පදයකි. මෙලෙස අශෝක රජු ඔහුගේ මානව හිතවාදී ක‍්‍රියාවන්හිදී ප‍්‍රසිද්ධව සිටියේ ඉහත නාමයෙනි. අශෝක කුමාරයා ක‍්‍රි.පූ. 274 දී රාජ්‍ය ප‍්‍රාප්තියට පත් වූ අතර දීපවංශය හා මහා වංශය වන ප‍්‍රමුඛ මූලාශ‍්‍රයන්හිද, සමන්තපාසාදිකාවේ ද අශෝක කුමරු පිළිබඳ සඳහන් ව ඇත. එසේම බොහෝ බෞද්ධ ග‍්‍රන්ථයන්හීද අශෝක අධිරාජ්‍යයා පිළිබඳ සඳහන් කරනු ලැබේ. විශේෂයෙන් තත් වාර්තා අනුව අශෝක කුමරා සිය සොහොයුරන් මරා රජ වීම හේතුවෙන් චණ්ඩාශෝක යන නාමයෙන් හැඳින්වීමට පටන් ගැනුණි. කෙසේ වුවත් පසුව ඇති වූ කාලිංග යුද්ධවෙන් ඇති වූ ජීවිත හානිය හා විනාශය දැක කළකිරීමට පත් වී බුදු සසුනේ පහස ලැබ ක‍්‍රමයෙන් ධාර්මික වූ අධිරජකු බවට පත් වීය. ඒ හේතුවෙන් මෙතෙක් පැවැති චණ්ඩාශෝක වෙනුවට ධර්මාශෝක යන නාමය භාවිත වූ බවක් දක්නට ලැබේ. දෙවානංපියපියදසී නමින් සිය ශිලා ලේඛන වල නිහතමානී ලෙස හදුන්වනු ලැබීමට ප‍්‍රියකළ අශෝක අධිරාජ්‍යයා ක‍්‍රි.පූ. 274 සිට ක‍්‍රි.පූ 232 දක්වා ඉන්දියාවේ විශාල අධිරාජ්‍යක් පාලනය කළ මෞර්ය වංශික රජ කෙනෙකි ගිර්නාර්, කාල්සි, බාර්ගර්හි , මන්සේහ්රා, ධෞලි, ජෞගදා සහ සොපාරා යන ස්ථානයන්හි දක්නට ඇති හතලිහක් පමණ වූ ශිලා ලේඛන වලින් ප‍්‍රධානතම ඒවාය.

අශෝක රජතුමා උපතින් ජෛන හෝ ආජිවක භක්තියකු ලෙස උපත ලබා ඇත. පාළි සාහිත්‍යය ග‍්‍රන්ථ අනුව මෙතුමා ආජිවකයන්ගේ දායකයකුව සිටි බව සඳහන් වේ. බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුවද මෙතුමා විසින් ආජීවයන් උදෙසා ලෙන් පුජා කළ බව සඳහන් වේ. විශේෂයෙන් ගිරි ලිපි අංක 12 හි සඳහන් වන ආකාරය අනුව බලන කළ ‘‘ පූජෙ තයාතු එව පරපාසංඩා තෙන තෙන ප‍්‍රකරනෙන ’’ අන්‍යය ආගමික පූජකයෝද ඒ හා සමාන වූ ක‍්‍රමයක් ඔස්සේ පීදීමට බඳුන් කළ යුතුය. මේ අනුව අශෝක රජතුමා කිසිදු ආගමකට ගර්හා නොකළ බවත් එසේ කිරීම ද බෞද්ධ දහමට සපුරා එකඟ වනුයේය. එහිදී තම මුල් ආගමට ගරු කොට සැළකීම ඉතා උචිත වූ කාරියක් වශයෙන් බුද්ධ දේශනාව තුළද දක්වනුයේ මැනවිනි. මෙහිදී අශෝක බෞද්ධයකු වූ ආකාරයත් මෙහිදී යම් පරිද්දකින් විමසා බැලිය යුතුය. ඒ අනුව නිග්‍රොධ සාමණේරයාණන් වහන්සේගෙන් අප්පමාදො අමත පදං යනාදී වූ ධර්ම දේසනයට සවන්දීමෙන්ම හෙතම බෞද්ධයකු බවට පත් වී ඇත. ඉන් පස් ක‍්‍රමයෙන් එතුමා බුදුදහම හා සම්බන්ධ වූ අයුරු ගවීමට් ගිරි ලිපියෙහි අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් මම ගිහි උපාසකයෙක්ව විසීමි. එහෙන් මම මහත් උනන්දුවෙන් මනාව පිළිපැදීමක් නො කෙළෙමි. අවුරුද්දකට වැඩි කාලයක් සංඝයා වෙත එළඹ සංඝයා සමග ආශ‍්‍රයෙන් විසුවෙමි. ඒ කාලය තුළ හොදින් පිළිපැද්දෙමි. මේ ආකාරයට බුදුදහම කෙරෙහි පැහැදුණු මෙතුමා කාලිංග යුද්ධයෙන් වුණු විනාශයට සාධාරණයක් ඉෂ්ඨ කරන්නට සැමවිට උත්සහගත් බව සදහන් කරුනු වලින් පැහැදිළිය.

අශෝක රජතුමාගේ දේශපාලන ප‍්‍රතිපත්ති

බින්දුසාර රජතුමාගේ දේවිය වූ ධර්මා ආජිවක දායිකවක් වුවද දේශපාලනික වශයෙන් පිළිගනු ලැබුවේ කෞටිල්ලගේ දේශපාලනික සංකල්පයයි. හේ අනුව කෞටිල්ගේ දේශපාලනික සංකල්පය හා න්‍යාය මත පදනම්ව මෞර්ය අධිරාජ්‍ය කටයුතු සිදු වූ බවක් දක්නට ලැබේ. මේ අනුව බින්දු සාර රජතුමාගේ රාජ්‍ය පාලනයෙන් අවසානයේ රාජ්‍යයත්වයට පත් අශෝක කුමරුවාගේ රාජ්‍ය දේශපාලනික සංකල්පය ද කෞටිල්ලගේ දේශපාලනික න්‍යාය හා පදනම මත ක‍්‍රියා කළ බවක් දක්නට ලැබේ. නමුත් පසු කාලීනය වන විට බුදු දහමේ ආභාෂයත් සමඟ අශෝක රජතුමා බෞද්ධ දේශපාලන න්‍යාය හා සංකල්ප පිළිපැදීමට පටන් ගැනණි. ඒ අනුව අශෝක අධිරාජ්‍යගේ මූලික දේශපාලන න්‍යාය හා සංකල්ප පිළිබඳ අධ්‍යයනට බඳුන් කිරීමේ දී ප‍්‍රධාන වූ දේශපාලනික න්‍යායන් දෙකක් හඳුනා ගත හැකිය. එනම්

  • කෞටිල්ලගේ දේශපාලන සංකල්ප හා න්‍යායන්
  • බෞද්ධ දේශපාලන සංකල්ප හා න්‍යායන්

ආදී වශයෙන් ප‍්‍රධාන වූ දේශපාලන සංකල්ප හා න්‍යායන් හඳුනා ගැනීමට හැකිය. බහුල වශයෙන්ම අශෝක අධිරාජ්‍යාගේ දේශපාලන න්‍යාය හා ඔහුගේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ කි‍්‍රයාත්මක වූයේ උක්ත දේශපාලන සංකල්පයන් හා න්‍යායයන්ය. මෙහිදී අශෝක අධිරාජ්‍යාගේ කුඩා කාලය හා තරුණ කාලය තුළ බහුල වශයෙන් කෞටිල්ලගේ අනුශාසනා හා ඔහුගේ ග‍්‍රන්ථයක් වූ අර්ථ ශාස්ත‍්‍රය ඇසුරෙන් තම දේශපාලන නයායන් සිදු කළ බවක් දකන්ට හැකි වනුයේය. කෞටිල්‍යගේ උපදේශ මත ගොඩ නැගූ මෞර්ය අධිරාජ්‍යයේ උච්ඡුතම අවධිය ලෙස අශෝක සමය පෙන්වා දිය හැකි ය. අධිරාජ්‍යයක් නිර්මාණය වීමට කරුණු දෙකක් අවශ්‍ය වේ. ඒ හොදින් සංවිධානය වූ පරිපාලනය හා යටත් වැසියන්ගේ දේශපාලනික පක්‍ෂපාතීත්වය යි. කෞටිල්‍ය අනුව ගිය මෞර්ය වංශයේ ආදිතමයෝ පරිපාලනය මනා සංවිධානාත්මක බවකින් ගොඩනගා තිබුණ ද පරිපාලනය දැඩිව කේන්ද්‍රගතව තිබුණි. නිලධාරීන් පත්කිරීම රජු හරහා සිදු වූ අතර ඒ ස`දහා එකම සමාජ පන්තියක් යොදා ගැනීම නිසා එම සමාජ පන්තිය බලය වර්ධනය කරගන්නා බවක් පෙනේ. එසේ ම මෞර්ය අධිරාජ්‍යය තුළ ක‍්‍රියාත්මක වූ චරපුරුෂ සේවය ද ප‍්‍රශ්න ඇතිකිරීමට හේතු භූත වන්නට ඇත. අධිරාජ්‍යය තුළ පොදුජන මතයට අවකාශයක් නොතිබූ බැවින් මහජනතාව චන්ද්‍රගුප්ත, බින්දුසාර හා අශෝක වෙත දැක්වූ රාජ පාක්‍ෂික භාවය පසුකාලීන පාලකයන් වෙත දැක් වූ බවක් පෙනේනට නැත.

අශෝකගේ අනුප‍්‍රාප්තිකයන් නිකුත් කළ කාසිවල රිදී ප‍්‍රමාණය එන්න එන්නම අඩු වී තිබෙනු පෙනේ. මුල් කාලීන මෞර්ය පාලකයෝ ස්ථාපිත කළ යුද හමුදා නඩත්තු කිරීම හා පරිපාලන නිළධාරී පැළැන්තියට වේතන ගෙවීම ආදිය සිදු කිරීම සදහා ආර්ථිකය නිසි ලෙස මෙහෙයවීමට අශෝකගේ අනුප‍්‍රාප්තිකයන්ට හැකියාව ලැබී නැත. අශෝක වැනි ප‍්‍රතාපවත් රජවරුන් විසින් වර්ධනය කරන ලද මෞර්ය අධිරාජ්‍යය පාලනය කිරීමට එවැනි ම පාලකයන් අවැසි වුව ද එවැනි දක්‍ෂ පාලකයන් බිහි වී නැත. මෙම රාජවංශයේ අවසන් පාලකයා වූ බෘහද්රථ තම හමුදා සේනාංක පරීක්‍ෂා කිරීමට පැමිණි මොහොතේ සෙන්පති පුෂ්‍යමිත‍්‍ර විසින් සෙබළුන් බලා සිටියදී ම ඔහුව ඝාතනය කර තිබේ. ඒ ක‍්‍රි.පූ 185 දීය. අර්ථ ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයට අනුව පෙනීයන කරුණු රාශියක් අශෝක අධිරාජ්‍යා තම දේශපාලන තන්ත‍්‍රය හා දිග් විජය ප‍්‍රතිපත්තිය තුළ ක‍්‍රියාත්මක කළේය. එහිදී කෞටිල්‍ය විසින් අර්ථ ශාස්ත‍්‍ර යන්නෙහි අර්ථය පිළිබඳව දකක්වා ඇත්තේ ‘‘ පොළව අයත් කර ගැනීමේ හා එලෙස අයත් කර ගත් පොළොව කෙලෙස ආරක්ෂා කරනුයේද ’’ යන්න පිළිබඳ පෙන්වා දෙන ක‍්‍රම හා විධි අයත් ග‍්‍රන්ථයක් වශයෙනි. මෙහිදී තව දුරටත් එම වචනය පිළිබඳ අර්ථ ශ‍්‍රාස්ත‍්‍රය තුළ අර්ථ කථනය සිදු කර ඇත්තේ ‘‘මනුෂ්‍යාණං වෘත්තිරර්ථ: මනුෂ්‍යවතී භූමිරිත්‍යාර්ථ:. තස්‍ය: පෘථිව්‍යා: ලාභ පාලනෝපාය ශාස්ත‍්‍ර මර්ථ ශාස්ත‍්‍රමිති………………’’ මිනිසාගේ ඉදිරි ජීවිතියට හේතු සාධක වනුයේ අර්ථය හෙවත් ධනයයි. වෙනත් ආකාරයෙන් කිවහොත් මිනිසුන් වාසය කරනු ලබන මේ මහා පෘථිවියයි. එම පෘථිවි ලාභය හා පාලනය පිළිබඳ වූ ක‍්‍රමවේදයන් වනුයේ අර්ථ ශාස්ත‍්‍රයයි.

මේහිදී අශෝක අධිරාජ්‍යගේ අධිරාජ්‍ය සංකල්පය ඔහුගේ ජීවිතයේ පමණක් නොව පූර්වයේ සිටම අධිරාජ්‍ය සංකල්පය පැවැති බවකි. එයට මූලාරම්භය කොෟටිල්ලගේ අර්ථ ශාස්ත‍්‍රයේ ඉගන්වීම් මුල පුරන්නට ඇත. කෙසේ වුවත් අශෝක අධිරාජ්‍යාගේ දේශපාලන න්‍යායේ ප‍්‍රමුඛ කාර්ය වූයේ අධිරාජ්‍ය නිර්මාණය කරමින් අවට සියලූ රාජ්‍යයන් තමා සතු කර ගැනීමටය. ඒ අනුව අර්ථ ශාස්ත‍්‍රයේ පෙන්වා දී ඇති ‘‘පොළව අයත් කර ගැනීමේ හා එලෙස අයත් කර ගත් පොළොව කෙලෙස ආරක්ෂා කරනුයේද ’’ යන්න පිළිබඳ අශෝක කුමරා කුඩා කාලයේ සිටම දැනුවත් වූ බවකි. එහිදී මෙම දේශපාලන සංකල්පය තුළ ගැබ්ව ඇත්තේ අවට රාජ්‍යයන් යටත් කර ගනිමින් එවා ක‍්‍රමයෙන් ක‍්‍රමානුකූල පාලන තත්ත‍්‍රයක් තුළ ක‍්‍රියාත්මක කිරීමය. මෙම කටයුත්ත චන්ද්‍ර ගුප්ත යුගයේ සිට මෞර්ය වංශිකයන් සිදු කරමින් පැවැති අතර අශෝක යුගය වන විට එය මහා පරිමාණ වශයෙන් සිදු විය. එහිදී භූමිය යනු ධනයක් වශයෙන් විග‍්‍රහ කරන විෂ්ණු ගුප්තයන් එම ඉගැන්වීම් මෞර්යන් තුළ ඇති කිරීමට කටයුතු කරන ලදී. කෞටිල්‍ය හෙවත් විෂ්ණු ගුප්තයන් මෞර්ය පාලන තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ වු අනුශාසකයා වූ අතර ඔහුගේ අනුශාසනා තුළින් ක‍්‍රමයෙන් මෞර්ය අධිරාජ්‍ය වර්ධනීය තත්වයක් බවට පත් විය. මේ අනුව අශෝක අධිරාජ්‍යයාගේ දේශපාලන න්‍යාය තුළ බහුල වශයෙන් අර්ථ ශාස්ත‍්‍රය හා චානක්‍යයන්ගේ අනුශාසනවන්ද ඇතුළත් විය. කෙසේ වුවත් අශෝක අධිරාජ්‍යා තම දේශපාලන න්‍යාය තුළ මූලික වූ අරමුණක් වශයෙන් තම අධිරාජ්‍ය විශාල කිරීමත් අවට රාජ්‍යයන් යටත් කිරීමත් ප‍්‍රමුඛ වූ අරමුණු වශයෙන් තබා ගත් බවක් කාලිංගය වැනි විශාල රාජ්‍යයන් කෙබඳු ආකාරයෙන් හෝ තම යටතට ගැනීම මඟින් ඒ බව තහවුරු වේ.

අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳ ගැනීමට පෙරාතුව බොහෝ විට තම දේශපාලන න්‍යාය වශයෙන් කෞටිලගේ අනුශාසනයන් හා අර්ථ ශාස්ත‍්‍ර අනුව කටයුතු කරමින් තම දේශපාලන ක‍්‍රියාවන් සිදු කරන ලදී. මෙහිදී තම දේශපාලන අධිකාරීත්වය පෙන්වා දීම සඳහා මුලින්ම දිග් විජය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට බඳුන් කරන ලදී. එහීදී විශාල වශයෙන් තම රාජ්‍යට අන් රාජ්‍යයන් ඇඳා ගැනීම සිදු විය. මෙහිදී ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව මෙහෙයවමින් යුධමය වශයෙන් රාජ්‍යයන් නතු කර ගැනීම සිදු විය. ඇතැම් විටකදී කුඩා රාජ්‍යයන් යුධ කිරීමෙන් තොරව තම රාජ්‍යය අධිරාජ්‍යයට යටත් විය. මෙහිදී මොහුගේ දේශපාලනයේ ප‍්‍රමුඛ කරුණ වූයේ තම අධිරාජ්‍යය පුළුල් කිරීමය. ඒ සඳහා සුදුසු වූ සෑම දෙයක්ම කිරීමට මොහු පසුබට නොවීය. එහිදී සෑම අයුරින්ම රාජ්‍ය පුළුල් කිරීමට ඔහු විසින් කටයුතු කළ බවක් දක්නට හැකි වනුයේය. විශේෂයෙන් ඔහු පියා ජීවත්ව සිටි කාලයේ දී පවා තක්ෂිලාවේ හා අවන්තියේ පාලන කටයුතු සිදු කළ බවත් එහිදී තක්ෂිලාවේ ඇතිවූ කැරැල්ලක් මැඩ පවත්වමින් තම අධිරාජ්‍යවාදී සංකල්පය ඉස්මතු කර දැක්වීමට කටයුතු කළ බව පෙන්වා දිය හැකිය. විශේෂයෙන් බින්දුසාර රජුගේ අවසාන පාලන කාලය වන විට භාරතයේ ප‍්‍රමුඛ වූ ප‍්‍රදේශයක් වශයෙන් සැළකෙන උදේනිය අශෝක කුමරුවා විසින් පාලනය කෙරුණු බවට දීපවංශය, මහාවංශය වැනි සාහිත්‍ය මූලාශයන් හී දක්වා ඇත. පියාගේ මරණයත් සමඟ රාජ්‍යයට ඇතිවූ බල අරගයේදී අශෝක කුමරු විසින් තම සොහොයුරන් මරණයට පත් කරමින් අධිරාජ්‍ය සංකල්පය ආරම්භ කිරීමට පටන් ගැනුණි. රාජ්‍යයත්වයට පත් වී මුල් කාලයේදී අශෝක රජු විවිධ වූ වැරදි ක‍්‍රියාවන් වල නිරත වෙමින් චණ්ඩ වූ ජීවිතයක් ගත කළ බව අශෝකාවදනය වැනි ග‍්‍රන්ථ මඟින් පෙන්වා දෙනු ලැබේ. අශෝක රජතුමා දිග් විජය ප‍්‍රතිපත්තිය මත තම දේශපාලනික න්‍යායන් හා සංකල්පයන් තබමින් සෑම විටකදීම රාජ්‍යයන් යටත් කර ගැනීමේ ක‍්‍රියාවලිය සිදු කරන ලදී. අධිරාජ්‍යය සංකල්පය මුල් බැස තිබූ මෞර්ය පාලනය තුළ එම සංකල්පය තවදුරටත් වැඩිවූවා මිස අඩු නොවීය. ඒ අනුව අශෝක රජතුමා ද එහි එක් පාලකයෙකු විය. ඒ අනුව රාජ්‍යත්වයට පත් වීමෙන් මුල් වර්ෂ කිහිපය කුඩා කුඩා රාජ්‍යයන් ක‍්‍රමයෙන් තම අධිරාජ්‍යයට නතු කරමින් කටයුතු කළේය.

දිග් විජය ප‍්‍රතිපත්තියේ රාජ්‍යයන් යටත් කරගැනීමේ අරමුණට ප‍්‍රමුඛ අභියෝගයක්ව පැවැති එවක භාරතයේ පැවැති ප‍්‍රමුඛ රාජ්‍යයක් වහයෙන් කාලිංග රාජ්‍ය නම් දරා සිටියේය. කාලිංග රාජ්‍යය සතුව විශාල වූ යුධ ශක්තියක් වූ බව බොහෝ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන්ගේ මතය වනුයේය. මේ අනුව විශාල යුධ ශක්තියක් සහිත වූ කාලිංගය අත්පත් කර ගැනීමට අශෝක රජතුමා තම රාජ්‍යයත්වයට පත්වීමෙන් 13 වන වර්ෂයේ කටයුතු සිදු කළ බව එතුමන් විසින් පිහිටවූ 13 වන ගිරි ලිපියේ සඳහන්ව ඇත. මෙහිදී මූලික වශයෙන් ම සිදු වූ ජීවිත සංහාරය හා විනාශන් පිළිබඳ විද්වතුුන් විවිධ වූ අදහස් දක්වනු ලැබේ. ඒ අනුව බලන විට මූලික වශයෙන්ම සංග‍්‍රාමාවතීර්ණ රණශූරයකු ස්වකීය විජයග‍්‍රහණයෙන් පසු පසුතැවෙන යුද්ධයක් වශයෙන් කාලිංග යුද්ධය සඳහන් වේ. කාලිංග යුද්ධය පිළිබඳ සඳහන් වන කාලිංග ලිපිය දෙස බලන කළ එක් ලක්ෂ පණස් දහසක් සිරභාරයට පත් වූහ මිනිස්සු ලක්ෂයක් මරණ ලදහ ඊට වඩා බොහෝ ගණනක් විනාශාභිමුඛයට පත් වූයේය කාලිංග ප්‍රදේශය ජය ගත්තායින් පසු මහරජතුමා ඉතාමත් සංවේගයට පත් වියග ඒ කුමක් නිසා ද? කාලිංගයට විරුද්ධ ව යුද්ධ කිරීමේදී මිනිසුන් සිරභාරයට ගැනීමෙන්ල වධ දීමෙන් මනුෂ්‍ය ඝාතනයන් අනිවාර්යයෙන් ම සිදු වන හෙයිනි” රජතුමාගේ ශෝකයත් පශ්චාත්තාපයත් මෙයින් ප්‍රකාශ වෙයිග කාලිංග ලිපිය අන්තර්ගතය අනුව විශාල වූ ජීවිත හානියක් සිදු වූ බවත් එයින් ඇති වූ දිග් විජය ප‍්‍රතිපත්තිය කෙරෙහි කළ කීරීමට පටන් ගත් අතර ක‍්‍රමයෙන් සිතෙහි ඇතිව තිබූ වික්ෂිප්ත භාවය හා සන්තාපය අඩුකර ගැනීම උදෙසා හැකි තරම් වූ උත්සාහ ගත් බවක් දක්නට හැකි වුයේය. මෙහිදී නිග්‍රෝධ සාමණේර හිමියන් කෙරෙහි පැහැදී ක‍්‍රමයෙන් නිග්‍රෝධ හිමියන්ගේ ගුරුවරයෙකු වූ මෝග්ගලී පුත්තතිස්ස තෙරුන් කෙරෙන් බුදු දහම මැනවින් අනුගමනය කරමින් ඉන් අනතුරුව බහුල වශයෙන් බුදුදහම කෙරෙහි නැඹුරු විය. මෙයින් අනතුරුව තම දේශපාලන න්‍යායයේ එක් අංගයක් වූ දිග් විජය ප‍්‍රතිපත්තිය හෙවත් කෞටිල්ලගේ පෙන්වාදීම අනුව භූමිය යටත් කර ගැනීම යම් දුරකට සීමා කළ බවක් දක්නට හැකිය. මෙහිදී දිග් විජය ප‍්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප‍්‍රතිපත්තිය භාවිතයට ගත් බවක් දක්නට හැකිය. අශෝක බෞද්ධයකු වීම පිළිබදව විවිධ විචාරකයින් විවිධ වූ කරුනු ඉදිරිපත් කොට ඇත. ඒ අනුව අශෝක කිසි ආගමකට අයත් නොවන බවත් පොදු බවත් වින්සන්ට් ස්මිත් මහතා සදහන් කරයි. එසේම කිසිම ආගමකට විරුද්ධ නොවන බව ප්ලීට් පවසන අතර ආචාර්ය මුඛර්ජි පවසනුයේ අශෝක බෞද්ධයකු බවය මෙලෙස විවිධ මතවාදයන් ඉදිරිපත්ව තිබේ. කෙසෙ වෙතත් සමස්තයක් වශයෙන් ගත් කළ්හි අශෝක රජු බෞද්ධයකු යැයි පිළිගත හැකි තොරතුරු බොහෝ ප‍්‍රමාණයක් අප සතුවේ. මෙලෙස අශෝකයාණන්ගේ ධර්මය බුදු දහම පදනම් කර ගනිමන් එය ලෝක වාසීන්ටත් පිළිපැදීමෙන් ඔවුන්ගේ ජීවිත සාර්තකත්වයට පත්කර ගත හැකි බව ඔහු අවධාරණය කරමින් ඒ අනුව කටයුතු කොට ඇත.

දිග්විජය ප‍්‍රතිපත්ති ඉවත් කරමින් ධර්මවිජය ප‍්‍රතිපත්තියෙහි මනා ප‍්‍රතිඵලයක් ලෙස ලිපි පිහිටුවීම දැක්විය හැක. මෙය එක්තරා ලෙස දේශපාලනික තන්ත‍්‍රය තුළ බෞද්ධ ක‍්‍රියාකාරිත්වය ඇති වූ කරුණකි. මෙහිදී අශෝක රජතුමා නිර්මාණය කළ ලිපි අතර වූ සුවිශේෂී ලිපි දෙකක් ලෙස 13 වැනි කාල්සි ගිරි ලිපිය හා 7 වැනි ටැම් ලිපිය හදුන්වා දිය හැක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හෙවත් ඉගැන්වීම් අශෝකයෝ සිය සෙල්ලිපි වලදී පොදු ජනයාගේ භාෂාවෙන් ඉදිරිපත් කළහ. මෙම ධර්ම දේශනා හා ගාථා පොදු ජනයා අතර ඉමහත් පිළිගැනීමට ලක් වීමත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමට හැකි වීමත් නිසා ලෝක ඉතිහාසය තුළ අශෝකයන්ට කීර්තිමත් නාමයක් හිමිකර දීමට එම තොරාගැනීම් ඉවහල් විය. යතෝක්තව සදහන් කළ ලිපි දෙකෙන් හෙළිවන අශෝක රාජ්‍ය ප‍්‍රතිපත්ති හා දේශපාලත න්‍යාය මොනවාද යන්න එම ලිපි දෙකෙහි සදහන් කරුනු කාරනා විමසීමෙන් පැහැදිළි වේ.

අඨවෂාභිසිතව ෂා දෙවානංපියෂා පියදසිනෙ ලාජිනෙ කාලිග්‍යා විජිතා වශයෙන් අභිෂේකයෙන් 13 වන වස ලියන ලද 13 වැනි කාල්සි ගිරි ලිපියේ දැක්වෙන පරිදි අභිෂේකයෙන් අට වැනි වර්ශයේ කාලිංගය දිනන ලදි. මෙසේ කරන්නට වූ යුද්ධය අශෝකයන්ගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් විය. මන්ද යත් එයින් විශාල ජීවිත දේපල ආදී වශයෙන් වූ බොහෝ විනාශයක් වීම නිසාත් පසුව අශෝක ඒ හේතු කොටගෙ බෞද්ධයකු බවට පත්වීමට පදනමක් වූ නිසාත්ය. මෙම යුද්ධයෙන් සිදු විනාශය පිළිබදව අශෝකයාණෝ 13 වැනි කාල්සි ගිරි ලිපියෙන් දක්වා ඇති අන්දමට දියඪමිතෙ පානෂත ෂහශෙ යෙ තථා අපවුඪෙ ශතෂහසෙ මිතෙ තත හතෙ බහුතාවකෙ වා මටෙ තතො පජා වශයෙන් දැක්වෙන පරිදි එයින් එක්ලක්‍ෂ පනස් දහසක් දෙනා අල්වාගෙන යන ලදහ. එක් ලක්ෂයක් මරණ ලදහ. එවැනි තව බොහෝ වාර ගණනක් මරණයට පත්වූහ. මෙසේ වූ විනාශය ගැන කලකිරුනු අශෝක රජුට ලතැවිල්ලක් හටගත්හ. එම ශෝකය බහුල වශයෙන්ද දැඩි වශයෙන්ද රජුට දැණුනු අයුරු එම ලිපියෙහි සදහන් වේ. මෙ ආකාරයට තැවුනු රජු මේ සදහා සාධාරණයක් ඉටුකිරීම සදහා තියුණු වූ ධර්ම පාලනයක්, (ධංමවායෙ) ධර්ම ක‍්‍රියාවක් (ධංමකාමතා) , ධර්මානුශිෂ්ටියක් (ධංමානුසථි) කාලිංගය අත්කර ගැනීමත් සමග පවත්වන්නට යෙදිණ. මේ සෑම කාරණයක්ම අශෝක රජුගේ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා දේශපාලන න්‍යාය වශයෙන් සැළකිය හැක. එහි සදහන් පරිදි මෙතුමා අනුගමනය කළ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස ධර්ම අැමැතියන් පිටත් කිරීම දැක්විය හැක. එය 13 වැනි ගිරි ලිපියෙහි සදහන් කොට ඇත්තේ මෙසේය. ෂවේෂු ව අතෙෂු අ ෂෂු පි යොජන ෂතෙෂු අත අතියොග නාම යොනලා. . . වශයෙන් දැක්වෙන පරිදි යොදුන් හයසියයකට ඈත සිටින අන්තියෝග නම් යවන රජුගේ රාජ්‍යයේද අන්තියොක රජුගේ රාජ්‍යයෙනුත් එපිට සිටින තුලමය අන්තෙකින, මකා, අලිකසුත්‍දර, නම් රජවරුන් සතර දෙනාගේ රාජ්‍යන්හිද , පහළ දකුණෙහි චොල පාණ්ඩ්‍ය සහ තාම‍්‍රපර්ණ යන රටවලද එසේම මෙහි රජුගේ විජිත වූ යවන, කාම්බෝජ, දේශයන්හිද, නාහක හා නාභපඬ්ක්තීන්ගේ රටවලද, භෙජ – පීතිතික අන්‍ධු, පාරද දේශයන්හිද, යන සෑම රටවලම දෙවානම්පිය රජුගේ ධර්මානුශාසන පිළිපදිනු ලැබෙත් මෙසේ අසෝක රජුගේ ධර්ම ප‍්‍රචාරය දක්වා ඇත. මෙහිදී තව දුරටත් අශෝක රජු දන්වා සිටිනුයේ දේවානම් පියතිස්ස රජුගේ අමාත්‍යයන් යම් පෙදෙසකට නොයේද, ඒ පෙදෙසවල වැස්සෝද , දේවානම් පිය රජුගේ ධර්ම චර්යාව , ධර්ම විධානය, ධර්මානුශාසනය අසා ධර්මය අනුව පිළිපදිත්. මතුවටද පිළිපදින්නාහ මෙවැනි කරුනු තුළින් පැහැදිළ වනුයේ එතුමාගේ රාජ්‍ය ප‍්‍රතිපත්තීන්ය. එහිදී දිග් විජය ප‍්‍රතිපත්තියෙන් තොරව ධර්ම විජය ප‍්‍රතිපත්තිය මඟින් ක‍්‍රමයෙන් රාජ්‍යයන් යටත් කර ගැනීම සිදු වූ බවක් දැක ගත හැකිය. එසේම එම ලිපිය අවසානයේ දැක්වෙන මෙම ලිපිය ලියන ලද හේතුව නවං විජයංමවිජයතවිය මනිෂු ෂයකෂි. . . වශයෙන් දැක්වෙන පරිදි මාගේ දරුවෝද, මුණුබුරෝද, අලුතින් රටවල් ජයගැනීම වටනා ක‍්‍රියාවක් ලෙස නොසළකත්වා. යම් ලෙසකින් එබදු ජයග‍්‍රහණයක් ලැබුවොත් , කරුණාව පෙන්වීම හා සුළු දඩුවම් දීමත් රුචි කෙරෙත්වා. ඔවුහු ධර්මයෙන් දිනීමම නියම දිනීම ලෙස සළකත්වා. . . මෙසේ දිග් විජය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක නොකර ධර්ම විජය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වීම තුළින් ගම්‍ය වනුයේ රටවල් යටත් කිරීමේදී ධර්ම විජය ප‍්‍රතිපත්තිය අනුගමනය කළ බවකි.

මෙහිදී විශේෂයෙන් අශෝක අධිරාජ්‍යයා තම ධර්ම විජය ප‍්‍රතිපත්තිය මත ක‍්‍රියාත්මක වෙමින් වක‍්‍ර බවකින් යුක්තව රටවල් යටත් කර ගැනීමට බඳුන් කළ බවක් දැක ගත හැකිය. විශේෂයෙන් ධර්ම දූත ප‍්‍රතිපත්තිය මත විශාල වූ රටවල් සංඛාවක් සඳහා ධර්ම දූතයන් වහන්සේලා පිටත් කළ බවක් දක්නට හැකිය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව සඳහා මිහිඳු හිමියන් ඇතුලූ පිිරිස එවන ලදී. 7 වැනි ටැම් ලිපිය අශෝක රාජ්‍ය ප‍්‍රතිපත්ති හා දේශපාලන න්‍යායන් හෙළිවන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම දැක්විය හැක. මෙහි මුලින් දැක්වෙන පරිදි පෙර රජවරුන්ද ජනයා ධර්මයෙහි යෙදවීමට උත්සහ ගත් අතර එය නිසි පරිදි සිදු කර ගැනීමට අවස්ථාවක් නො ලැබුණත් අශෝක රජු මේ පිළිබදව සිතූ ආකාරය මෙලෙස දැක්වා ඇත. එතං දෙවානංපියෙ පියදසි ලාජා හෙවං ආහා. එස මෙ හුතා. ධම්මසවනානි සවාපයාමි ධංමානුසථිනි අනූසාසාමි, එතං ජනෙ සුතු අනූපටිපජිසති අභ්‍යුංනමීසති ධංමයඪියා ච බාඪං වඪීසතිවශයෙන් දැක්වෙන පරිදි මම බණ ඇස්සවීම් අස්සවන්නෙමි, ධර්මානුශාසනා කරන්නෙමි, ජනයාට අවවාද කිරීමට රාජ පුරුෂයෝ ද, දස දහස් ගණන් වැසියන් අතර රජ්ජුකයන්ද යොදවන්නෙමි යනාදී වශයෙන් අශොකයන්ගේ රාජ්‍ය දේශපාලන ප‍්‍රතිපත්ති හා පිළිපැදීම් දක්වා ඇත. මේ තූළින් සෑම ජනයා කෙරෙහිම යම් ලෙසකට රජු ඒවා පිළිපදිමින් ක‍්‍රියාත්මක වන බවක් පෙන්වා දීම කෙරෙහි ඉවහල් වී ඇත. මෙ පමණක් නොව එහිදී භාවිත තවත් විශේෂ අංගයක් ලෙස ‘‘එතමෙව මෙ අනුවෙඛමානෙ ධංමථංභානි කටානි. ධංමමහාමාතා කටා ධංමසාවනෙ කටෙ’’ වශයෙන් දැක්වෙන පරිදි ,ධර්ම ස්ථම්භ පිහිටුවීම, ධර්ම මහාමාත්‍යන් පත්කිරීම, ධර්ම දේශනා පැවැත්වීමේ නියමයන් ඇති කිරීම යනාදී වූ බොහෝ රාජ්‍ය ප‍්‍රතිපත්තීන් මෙ තුළින් පිළිබිඹු වේ. මේ සෑම කරුණක් තුළින්ම වක‍්‍ර ආකාරයෙන් තම බල අධිකාරීත්වය නංවාලීමට ක‍්‍රියා කළ බවක් දක්නට හැකිය. එපමණක්ම නොව 7 වැනි ටැම් ලිපිය තුළින් හෙළිවන තවත් දේශපාලනික න්‍යායන් හා රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇත. ඒ අනුව අශෝක රජු මිනිසුන්ට පමණක් නොව සතුන්ටත් සැලකිළි කරවීය. එනම් ‘‘මලෙසුපි මෙ නිගොහානි ලොපාපි තානි. ඡුායොපගානිි හොසංති පසුමුතිසානං අංබාවඩික්‍යා ලොපාපිතා.අඪකොසික්‍යානි පි මෙ උදුපානානි ඛානාපාපිතානි’’ මේ ආදී වශයෙන් දක්වා ඇත්තේ සතු්නට හා මිනිසුන්ට සෙවන ලැබෙන පිණිස මහා මාර්ගවල නුග ගස් පිහිටුවන ලදි. ඒ නිසාම අඹ උයන් රෝපණය කරවන ලදි. ක්‍රෝශ අටෙන් අටට මවිසින් ළං කරවන ලදි. විශ‍්‍රාම ශාලා පිහිටුවන ලදි. සතුන්ගේ ප‍්‍රයෝජනය පිණිස ඒ ඒ තන්හි පැන්හල් පිහිටුන ලදි. මෙලෙස මිනිසුන්ට මෙන්ම සෑම සත්‍වයෙකුටමත් තම සැළකීම මෙමගින් පැහැදිළි කරගත හැක. මෙයද අශෝක රජුගේ සුවිශේෂී රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස සදහන් කිරීම යුක්ති යුක්තය. මෙම ප‍්‍රතිපත්ති තුළින් සෑම විටම ක‍්‍රමයෙන් රජතුමා ජනතාවගේ හිතවත් කම හා ආකර්ශනීය තත්වය ලඟා කර ගැනීමට හේතු සාධක වේ. මෙය දේශපාලන ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාත්මක වීමේදී ඉතා වැදගත් වූ සාධනීය තත්වයක් වශයෙන් දක්වා ලීමට හැකිය.

අශෝක රජතුමා විසින් කළ ධර්ම මහාමාත්‍යන් යොදවන ලද ආකාරය ගැනද කතා කළ යුතුය. එනම් තමන් ධර්ම මහාමාත්‍යන් යෙදවූයේ ගිහියන්ගේ හා පැවිද්දන්ගේ යහපත සදහා හේතුවන නොයෙකුත් කටයුතු සදහාය. එනම් එහිද විවිධ අවස්ථා විය. එනම් සංඝයාගේ වැඩ පිණිසද, බ‍්‍රාහ්මණයන් අතරෙහිද, අජීවකයන් අතරෙහිද, එසේම සියලු පාණ්ඩයන් අතරෙහිද, වශයෙන් ඔවුන් වෙත වෙන් වෙන් වශයෙන් යවන ලදහ. මෙසේම මෙහි සදහන් නොවුණු ආගමික නායකයන් අතරට යවන ලදි. මෙසේ තමන්ට හැකි සෑම කාර්යක්ම හැකි උපරිමයෙන් කිරීමට අශෝක තම රාජ්‍ය ප‍්‍රතිපත්ති උපයෝගී කරගෙන ඇතිබව නම් සත්‍යය. එය 7 වැනි ටැම් ලිපියේ සදහන් වනුයේ ධංමමහාමාතා පි මෙ තෙ බහුවිධෙසු අඨෙසු ආනුගහිකෙසු වියාපටාසෙ. අවිජිතානං චෙව ගිහිථානං ච සවපාසංඪසු පි ච වියාපටාසෙ. සංඝඨසි පි මෙ කටෙ ඉමෙ වියාපටා හොහංතිති. . . වශයෙනි. එසේම ඉහත සදහන් නිලධාරීහුද මගේ සහ මගේ භිසෝවරුන්ගේද තෑගි බෙදා දීමෙහි යොදවන ලදහ. ඔවුහු මාගේ සියලූ අන්තඃපුරයෙහි තුෂ්ඨායතන මෙහි හා නොයේක් පලාත් වලද පිළියෙළ කරත්. ඔවුහු මගේ දරුවන්ගේද දන් බෙදා දීමෙහි, ධර්මපදානය, ධර්මානු ධර්ම භාවෙයන් ව්‍යාවෘත්ත වෙති. ධර්මපාදනය සහ ධර්මානු ධර්ම ප‍්‍රතිපත්තිය නම්, ලෝකයා තුළ දයාව, දානය, සත්‍ය ගරුක බව , පිරිසිදු බව, සතුට සහ යහපත් බව දියුණු කිරීමයි මෙලෙස ලෝකයා තුළ ඔවුන්ගේ සිත්තුල යහපත් ගුණධර්ම දියුණු කරන්නට, ඔවුන්ගේ දෙලොව දියුණුව සළසන්නට මෙය හේතූ වී ඇතැයි කිව හැකිය. මේ සියල්ලක්ම අසෝක රජුගේ දේශපාලන න්‍යායන් සේම රාජ්‍ය ප‍්‍රතිපත්තීන් වනුයේය.

කානිචි මමියා සාධවානි කටානි තං ලොකෙ අනුපටිපංනෙ තං ච අනුවිධියංති. තෙන වඪිතා ච වඪිසංති ච මාතාපිතිසු සුසුසායා ගුලූසු සුසුසායා වයොමහාලකානං අනුපටිපතියා වශයෙන් දැක්වෙන පරිදි මව්පියන්ට සේවය කිරීම, ගුරුවරුන්ට සේවය කිරීම, වැඩිහිටි මහල්ලන් කෙරෙහි මනා සේ හැසිරීම, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් කෙරෙහි දුගීන් අවාසනාවන්තයින් කෙරෙහි යටත් පිරිසෙන් දාසයන් හා මෙහෙකරුවන් කෙරෙහි යහපත් ලෙස හැසිරීම දියුණු විය. මතුවටද දියුණු වන්නේය. මේ ආදී වශයෙන් රජු මුලින් ආදර්ශමත් වී පසුව ඒ තුළින් තම වැසියාට එම ආදර්ශය ලබා දී ඇත. බෞද්ධ දේශපාලන චින්තනයේ පදනම ප‍්‍රජාතන්ත‍්‍ර වාදයයි. පාලකයා හෙවත් රජු විධායක පාලකයෙකු පමණක් නොව පාලනය වන ගුණ දහමින් පිරිණු පිරිසිදු තැනැත්තෙකු විය යුතු බව බුදු දහමේ පෙන්වා දේ. මහජන අදහස් වලට ගරුකරණ හා තම බලය මහජන සුබසෙත වෙනුවෙන්ම කැපකරන රජෙකු බුදු දහම අපේක්‍ෂාකර ඇත. එසේම රටේ හා ජනතාවගේ දියුණුව වෙනුවෙන් කැපවෙන රජු ජනතා පරමාධිපත්‍ය කෙරෙහි විස්වාසය තබා යම් තීරණයන්ට එළඹෙන අවස්තා වලදී ජනතාව සමග සාකච්ඡුාකොට ක‍්‍රියාකළ යුතු බව බුදු දහම පෙන්වාදී තිබේ. රට තුළ නීතිය කි‍්‍රයාත්මක කරීමේදී සැමටම එකහා සමාන වනසේ රජු ක‍්‍රියාත්මක විය යුතු බව බුදු දහමේ එන සමානාත්මතා ගුණයෙන්ද පැහැදිළිවෙයි. රටතුළ ක‍්‍රියාකරන විට සතර අගතියෙන් වැලකී මධ්‍යස්ත පිළිවෙත් අනුව පාලන කටයුතු මෙහෙය විය යුතුය. රාජ්‍ය යටතේ ජීවත්වන සියලූම ප‍්‍රජාව ජීවත්කරවීම සදහා පූර්ණ දායකත්වය රජය විසින් ලබාදිය යුතුය. රැකියා ලබාදීම, ප‍්‍රාග්ධනය ලබාදීම රජය සතු පූර්ණ වගකීමකි. එසේම දරුණු චණ්ඩ ගතිපැවතුම් වලින් ඉවත්ව අවංක හා මෘදුගුණ ඇති අයෙකුමෙන් රජු ක‍්‍රියාකළ යුතුය. එසේම රජයක් ජනතාවගේ ඉදිරියේ නම්‍ය සීලී විය යුතුය. පියෙක් තම දරුවන්ට යම්සේ ආදරය කරයිද එසේම රාජ්‍යද සිය ප‍්‍රජාව රැුකගතයුතු බව බුදුසමය අවධාරණය කරයි. මේ අනුව බෞද්ධ දේශපාලන න්‍යාය තුළ පදනම වන්නේ කුමක්දැයි පැහැදිළිය.

කිසියම් රටක උද්ගතවන ප‍්‍රශ්න හමුවේ රජයක් කෙසේ ක‍්‍රියාකළ යුතුදැයි සොයාබැලීමේදී ඒ සදහා බෞද්ධ දේශපාලන සංකල්ප රාශියක් පිළිබදව බුදුදහමෙන් විස්තර කෙරේ.

  • දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීම. (දීඝ නිකාය – චක්කවත්තී සීහනාද සූත‍්‍රය)

 

  • දස සක්විති වත් අනුගමනය කිරීම.

 

  • සතර සංග‍්‍රහ වස්තු කි‍්‍රයාත්මක කිරීම.

 

  • සතර අගතියේ වැළකී කටයුතු කිරීම.

 

  • සප්ත අපරිහානී ධර්ම අනුගමනය කිරීම.

 

  • පංචසීල ප‍්‍රතිපදාව අනුගමනය කිරීම.

 

  • ආදානග‍්‍රාහි නොවී යහපත් අවබෝධයෙන් කටයුතු කිරීම

 

  • සීලයෙහි පිහිටීම හෙවත් කායික වාචසික සංවරයෙහි පිහිටීම

 

  • ගැටුමක පසුබිම හදුනාගෙන එය විසදීම සදහා විවෘතව කටයුතු කිරීම

මේ ආකාරයෙන් අශෝක රජතුමා තම දේශපාලන න්‍යායන් කි‍්‍රියාත්මක කිරීමේදී බහුල වශයෙන් බෞද්ධ ප‍්‍රතිපත්තීන් හා බෞද්ධ ආචාර විද්‍යාත්මක පසුබිමක් මත සිටිමින් ක‍්‍රියා කර ඇති බවක් දක්නට හැකිය. විශේෂයෙන් දස සක්විති වත් වැනි ප‍්‍රමුඛ බෞද්ධ දේශපාලන තත්වයන් ක‍්‍රියාවට නඟමින් තත් දේශපානය ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කළ බවක් දක්නට හැකි වනුයේය. අශෝක රජතුමා තම දේශපාලන ප‍්‍රතිපත්ති බුදුදහම හා ජෛන දහම මූලික කොට ගනිමින් භාවිත කළ බවක් උක්ත සාධක ඇසුරෙන් දක්වාලීමට හැකි වනුයේය.