මෙම සන්ධි ක්‍රමය සාරස්වතයේ හඳුන්වන්නේ “මිත්‍රවදාගම:” යනුවෙනි. එහි අර්ථය වන්නේ ආගමය මිතුරෙක් හා සමානය යන්නයි. මිතුරකුගේ ස්වභාවය නම් කිසිම් හානියක් සිදුනොකොට ළගට පැමිණීමයි. කිසිම අකුරකට කිසිදු වෙනසක් සිදු නොකොට අකුරු අතරට පැමිණීම මෙම සන්ධියේදී සිදු වේ. ස්වර සන්ධියේ දී ඉගැන්වෙන මෙම ආගම සන්ධියේ දී අපට ඕනෑම ස්වරයක් ආගම කරගත නොහැක. ‘අ’ අක්ෂරය පමණක් ආගම කරගත හැකිය . එමෙන්ම ‘අ’ අක්ෂරය ආගම කිරීමට පෙර මතකතබාගතයුතු කොන්දේසි කිහිපයක් ඇත.

  1. ​මේ ශබ්ද හතරෙන් එක් ශබ්දයක් මුල පදයෙන් තිබිය යුතු ය. එම ශබ්ද හතර නම් – ගො, ස්ව, අක්ෂ, ප්‍
  2. පසු පදය වශයෙන් මේ ශබ්ද තිබිය යුතුය – අක්ෂ, ඉන්ද්‍ර, අග්‍ර, අජිත, ඊර, ඌහිණි, ඌඪ
  3. පෙර උගත් දීර්ඝ සන්ධිය සහ ව්‍යස්ථ සන්ධිය උපයෝගී කොට ගතයුතු ය.

උදාහරණ – 

ගො + අක්ෂ: (විසන්ධිය)

ගො + අ + අක්ෂ: (ගවාදෙරවර්ණාගමොක්ෂාදෞ වක්තව්‍ය:)

ගො + ආ + ක්ෂ: (සවර්ණේ දීර්ඝ: සහ)

ග් + ඔ + ආ + ක්ෂ: (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

ග් + අව් + ආක්ෂ: (ඔ අව්)

ග වා ක්ෂ: (ස්වරාරෑඪය)

ගවාක්ෂ: (සන්ධිය)


ස්ව + ඊරම් = සෛවරම්

ප්‍ර + ඌඪ: = ප්‍රෞඪ:

ගො + අග්‍රම් = ගවාග්‍රම්

ගො + ඉන්ද්‍ර: = ගවෙන්ද්‍ර: 

ගො + අජිනම් = ගවාජිනම්

අක්ෂ + ඌහිණී = අකෙෂෟහිණී

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀