සංස්කෘත භාෂාවේ ඇති සන්ධිවලින් ස්වර සන්ධියට අයත් හත්වන සන්ධිය ආදේශ සන්ධිය වේ. ආදේශ සන්ධිය සාරස්වතයේ “ශත්‍රැවදාදේශ:” ලෙස හැඳින්වේ. එයින් අදහස් වෙන්නේ “සතුරෙකුමෙන්” යන්නයි. තවදුරටත් පැහැදිලි කරගතහොත් තියෙන අකුරක් කපා ඒ වෙනුවට වෙනත් අකුරක් එතනට ගෙනඒම ආදේශය යනුවෙන් හැඳින්වේ. ආදේශ සන්ධිය ප්‍රධාන කොටස් 4 කි. එනම් – 

  1. යකාරාදේශ සන්ධිය
  2. ව කාරාදේශ සන්ධිය
  3. ර කාරාදේශ සන්ධිය
  4. ල කාරාදේශ සන්ධිය

7. 1. ය කාරාදේශ සන්ධිය

මෙම සන්ධියේ දී සන්ධිවන පද දෙකේ මුල පදයේ අග ‘ඉ’ වර්ණය (ඉ,ඊ) ඇතිවට සහ අග පදයේ මුල ‘ඉ’ වර්ණයට අසමාන (ඉ,ඊ හැර ඕනෑම ස්වරයක් ) ඇති කල්හි මුල පදයේ අග ඇති ‘ඉ’ වර්ණයට ‘ය්’ කාරයක් ආදේශ වේ. මේ ‘ය්’  කාරය ආදේශ වන්නේ “ඉයං ස්වරේ” යන සූත්‍රයට අනූවයි.

උදාහරණ –

ඉති + අහම් (විසන්ධිය)

ඉත් + ඉ + අහම්  (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

ඉත් + ය් + අහම්  (ඉයං ස්වරේ)

ඉත්  + ය  + හම් (ස්වරාරෑඪය)

ඉත්‍යහම් (සන්ධිය)


කති + ඖෂධානි = කත්‍යෞෂධානි

ඉති + ආහ = ඉත්‍යාහ

අති + උග්‍රම් = අත්‍යුග්‍රම්

විංශති + ඌනම් = විංශත්‍යූනම්

කති + සෘණම් = කත්‍යෘණම්

ඉති + සෘෘකාරීයති = ඉත්‍යෘෘකාරීයති

අභි + එති = අභ්‍යෙති

අති + ඓශචර්යම් = අත්‍යෛශචර්යම්

කති + ඔදනානි = කත්‍යෝදනානි

බලී + අත්‍ර = බල්‍යත්‍ර

සුධී + ආකෘති: = සුධ්‍යාකෘති:

නදී + ඌණා = නද්‍යූනා

නගරී + එති = නගර්යේති

බලී + ඕතු: = බල්‍යොතු:

කුධී + ​ඖනනත්‍යම් = කුධ්‍යෞනනත්‍යම්

7.2. ව කාරාදේශ සන්ධිය

මෙම සන්ධියේ දී ​ද සන්ධිවන පද දෙකේ මුල පදයේ අග ‘​උ’ වර්ණය (​උ,​ඌ) ඇතිවිට සහ අග පදයේ මුල ‘​උ’ වර්ණයට අසමාන (ඉ,ඊ හැර ඕනෑම ස්වරයක් ) ඇති කල්හි මුල පදයේ අග ඇති ‘​උ’ වර්ණයට ‘ව්’ කාරයක් ආදේශ වේ. මේ ‘ව්’  කාරය ආදේශ වන්නේ “උවම්” යන සූත්‍රයට අනූවයි.

උදාහරණ –

මධු + අත්‍ර (විසන්ධිය)

මධ් + උ + අත්‍ර ( ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

මධ් + ව් + අත්‍ර ( උවම්)

මධ්  ව ත්‍ර (ස්වරාරෑඪය)

මධ්වත්‍ර (සන්ධිය)


සාධු + ඖෂධම් = සාධෙවෟෂධම්

වධූ + ඒෂණා = වධෙවෂණා

භානු + ආකෘති: = භාන්වාකෘති:

ගුරු + ඉති = ගුර්විති

කුරු + ඊත = කුර්වීත

කුරු + සෘෘකාරම් = කුර්වෘෘකාරම්

මධූ + එතන් = මධ්වෙතන්

ගුරු + ඔදනම් = ගුර්වෝදනම්

වධු + අභාග්‍යම් = වධවභාග්‍යම්

වමෝරු + ඊශ: = වමෝර්විශ:

ස්වයම්භු + සෘද්ධි: = ස්වයම්භ්වෘද්ධි:

ජම්බූ + ඖෂධම් = ජම්බ්වෞෂධම්

7.3. ර කාරාදේශ සන්ධිය

මෙම සන්ධියේ දී ද සන්ධිවන පද දෙකේ මුල පදයේ අග ‘සෘ’ වර්ණය (සෘ,සෘෘ) ඇතිවට සහ අග පදයේ මුල ‘සෘ’ වර්ණයට අසමාන (සෘ,සෘෘ හැර ඕනෑම ස්වරයක් ) ඇති කල්හි මුල පදයේ අග ඇති ‘සෘ’ වර්ණයට ‘ර්’ කාරයක් ආදේශ වේ. මේ ‘ර්’  කාරය ආදේශ වන්නේ “සෘරම්” යන සූත්‍රයට අනූවයි.

උදාහරණ –

කර්තෘ + අර්ථ: (විසන්ධිය)

කර්ත් + සෘ + අර්ථ: (ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීම)

කර්ත් + ර් + අර්ථ: ( සෘරම්)

කර්ත් ර ර්ථ: ( ස්වරාරෑඪය)

කර්ත්‍රර්ථ: (සන්ධිය)


පිතෘ + ​ඓ  ශ්චර්යම් = පිත්‍රෛශ්චර්යම්

පිතෘ + ආදි: = පිත්‍රාදි:

හර්තෘ + ඊ  = හර්ත්‍රී

පිතෘ + උපස්ථානම් = පිත්‍රැපස්ථානම්

මාතෘ + ඌඪි: = මාත්‍රෑඪි:

කර්තෘ + එ = කර්ත්‍රෙ

භ්‍රාතෘ + ඔදනම් = භ්‍රාත්‍රොදනම්

සෘෘ + අනුබන්ධ: = රනුබන්ධ:

සෘෘ + ආකාර: = රාකාර:

සෘෘ + ඉත: = රිත:

සෘෘ + උපමා = රූපමා

සෘෘ + ඖ = රෞ

7.4. ල කාරාදේශ සන්ධිය

මෙම සන්ධියේ දී ද සන්ධිවන පද දෙකේ මුල පදයේ අග ‘ඉලු’ වර්ණය (ඉලු, ඉලූ) ඇතිවට සහ අග පදයේ මුල ‘ඉලු’ වර්ණයට අසමාන (ඉලු, ඉලූ හැර ඕනෑම ස්වරයක් ) ඇති කල්හි මුල පදයේ අග ඇති ‘ඉලු’ වර්ණයට ‘ල්’ කාරයක් ආදේශ වේ. මේ ‘ල්’ කාරය ආදේශ වන්නේ “ඉලුලම්” යන සූත්‍රයට අනූවයි. මෙම සන්ධි ක්‍රමයට උදාහර බහුල නොවේ. ඔබට හමුවන නව උදාහරණ ඇත්නම් comment එකක් ලෙස එකතු කරන්න.  * ඉලු අක්ෂරය නිවැරදි කරගන්​න

උදාහරණ – 

ඉලු + අනුබන්ධ: 

ල් + අනුබන්ධ:

ලනුබන්ධ:


ඉලු + ආකාර: = ලාකාර:

ඉලු + උපාය: = ලුපාය:

ඉලු + එ = ලෙ

ඉලු + ඔ: = ලො:

මෙම ව්‍යාකරණ විධිය පිළිබඳ කිසියම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් ඇත්නම් කමෙන්ට් එකක් ලෙස පහතින් යොමුකිරීමට කාරුණික වන්න.

 😀