පලකළ දිනය - November 2, 2023

පාලි භාෂාව යනු කුමක්දැයි හඳුන්වාදීමේදී මෙහිදි අප උත්සහ කරන්නෙ ඔබට පාලි භාෂාවේ ඉතිහාසය ගැන හෝ එහි විවිධ විසිතුරු කථා බහට ලක් කළ හැකි විවාද සම්පන්න පැතිකඩයන් විග්රහ කිරීමට නොවේ. මන්ද, ඉදින් ඔබට ඒවා ඉගෙනීමට ඇවැසි නම් ඒ පිළිබඳව හාත්පස අලලා පාණ්ඩිත්යයන් විසින් ලියූ පොත පත ලක්දිව ඕනෑ තරම් අද ද ලබාගැනීමට හැකියාව තිබෙන බැවිනි. සරලවම මේ පාඩම් මාළාව තුළ ඔබ පාලි භාෂාව තුළට ක්රමයෙන් බැහැ ගන්නා අතර දෙන අභ්යාසාදිය කිරීම ඔබේ භාෂා ඥාණය වර්ධනය වීම පිණිස හේතු වන්නක් වන බව ද ප්රථමයෙන් සිහිපත් කිරීමට කැමැති අතර පාඩම් මාළාව සම්ප්රදායෙන් බැහැර වී ඇති බව පමණක් විට ඔබට දැනෙන්ට ද පුලුවනි. නමුත් භාෂාවක් ඉගනීමේදී අත් නොහැරිය යුතු සන්ධිස්ථාන අත් නොහැර භාෂාව පහසුවෙන් ග්රහණය කරගත හැකි ක්රමවේදයකට පාඩම් මාළාවම ලියවෙනු ඇති බැවින් පාඩම් ද භාෂාව ද සරල වූවත් අන්තර්ගත කරුණු අතින් නම් මෙය ඔබට පුංචි නොවනු ඇත..

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment