ජාතික පිරිවෙන් දිනය නිමිති කොටගෙන ඊට සමගාමිව සිදුකෙරෙන “කළුගන්තොට පිරිවෙන් පුනරුදය” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.(2018/06/15) අද දිනය නම් කොට තිබුණේ සිංහල සහ දෙමළ භාෂා දිනය වශයෙනි. මෙදින මෙම සත් කටයුත්ත අතිපුජනිය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) බලගොඩ අමරජෝති නා හිමියන්ගේ ආරාධනයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ අනුනායක ධුරන්දර දෙදියවල ධර්මාරාම පරිවේනධ්‍යක්ෂ අතිගරු දෙදියවල තිලකසිරි නායක ස්වාමින්ද්‍රයන්ස වහන්සේගේ සහ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ චන්දන කුමාර කඩිගමුව මැතිතුමාගේ සහභාගිත්වයෙන් සහ තවත් ගිහි-පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි විවෘත කරන ලදී. හරබර දේශනයන්ගෙන් යුත් ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමද සිදු වූ අතර රාත්‍රී කාලයෙහි විද්‍යාසාර විද්‍යායතන පිරිවෙණ මගින් සහ මීගහතැන්න විද්‍යාරාම විද්‍යායතන පිරිවෙණ මගින් සෞන්දර්යාත්මක වැඩසටහන් ද ඉදිරිපත් කරන ලදී.
පින්තුර
Leave A Comment
You must be logged in to post a comment.