පලකළ දිනය - March 5, 2018

ශ්‍රී ලංකාවට බුදු දහම ලැබීමත් සමඟ ආරම්භ වූ අධ්‍යාපන ක‍්‍රම අතර, ආගමික අධ්‍යාපනය සඳහා වූ ජන සමාජයේ උනන්දුව හා නැඹුරැුව ඉතා උත්කර්ෂවත් ලෙස දැකිය හැකිවන්නේ ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය තුළිනි. එය අන් කවර බෞද්ධ රටකටත් වඩා මහත්, අභිමානයක් ඉතිහාසයක් ඇති අතර, 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනතින් වර්තමානය හා ගැලපීමෙන් විද්‍යා, කලා, තාක්ෂණය වැනි විෂයන් ද, පිරිවෙන් අධ්‍යාපනය තුළින් හැදෑරීමට අවස්ථාවක් ලැබීමත්, දැනුමෙන් පිරිපුන් මෙන් ම ශික්ෂණයෙන් හෙබි ආත්ම සංයමයෙන් යුත් මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා ආදී උත්තරීතර ධර්මතාවයන්ගෙන් යුත් ජන සමාජයක් බිහි කිරීමට පෙරමුණ ගන්නා සංඝ සමාජයක් ඇති කරලීම පිරිවෙන් අධ්‍යාපනය තුළින් අපේක්ෂිතය.

අසරණ සරණ සරණංකර ස`ග රජු සිහිපත් කරන 2018 වසරේ ජාතික පිරිවෙන් දින සැමරීමේ උත්සවයේ සත්කාරක දායකත්වය කළුතර දිස්ත‍්‍රික්කයට ලැබීම අතිශය සතුටට කරුණකි.

මේ සඳහා කළුතර දිස්ත‍්‍රික්කය භාර පළාත් සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ වශයෙන් මා වෙත පැවරී ඇති කාර්යභාරය අනලස්ව අප‍්‍රමාදව ඉටුකර එකී අපේක්ෂාවන් ඉටුකරලීමට සියළු සහයෝගය ලබාදීම, මාගේ අරමුණ සහ දැක්ම වන්නේය. පිරිවෙන් සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල ඉහල නැංවීම තේමාකරගත් 2018 වසරේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීමට ලැබීම සතුටකි, භාග්‍යයකි.

දැනුම, ආකල්ප, කුසලතා තුලින් පිරිපුන් උසස් නිපුණතා ලඟාකරගත් ගුරු උපදේශකවරයන් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය කෙරෙහි මහත් දායකත්වයක් සලසනු ලබන්නේ, ගුරුවරුන් හා සිසුන් සමඟ ඇති කරගනු ලබන සෘජු සම්බන්ධතාවයෙන් යුත් මාර්ගෝපදේශනය තුළිනි. පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන් ගුරු උපදේශකවරුන් විෂයානුබද්ධව වර්ෂ 2003 දී ප‍්‍රථම වරට පළාත් මට්ටමින් අර්ධකාලීනව සේවය කිරීමට පත්කරනු ලැබූ අතර, වර්තමානයේ දිස්ත‍්‍රික්ක මට්ටමින් ද, සතියට දින දෙකක් අදාළ දිස්ත‍්‍රික්කය තුළ පිරිවෙන් ගුරු උපදේශණය සහ සහාය ඉගැන්වීමේ කටයුතුවල ද, සතියේ ඉතිරි දින තුන පිරිවෙණේ අධ්‍යාපන කටයුතුවලට සෘජු දායකත්වයක් ලබාදෙමින්ද, අර්ධකාලීනව සේවය කරනු ලබයි.

පිිරිවෙන් ගුරු උපදේශකවරුන් පත්කළ වර්ෂයේ සිට වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට ඉතා ඉහළ දායකත්වයක් ගුරු උපදේශකවරුන් ලබා දී ඇති බැව් ප‍්‍රත්‍යක්ෂ්‍ය වන්නේ විභාග ප‍්‍රතිඵල හා පාරිවේණික දැනුම මිනුම හා භාෂා නිපුණතා ඇගයීම් වලදී ලැබී ඇති ප‍්‍රගතිය අනුසාරයෙනි.  කළුතර දිස්ත‍්‍රික්කය තුළ ඉදිරි වර්ෂවලදී මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විෂයන්ගෙන් සමත් වීමේ ප‍්‍රතිශතය ලංකාවේ අනෙකුත් සියළු දිස්ත‍්‍රික් අභිබවා පවත්වා ගනීම, අප සැමගේම සුවිශේෂ ජයග‍්‍රහණය ද වන්නේය.

මේ සඳහා ඉතාමත් කැපවීමෙන් යුතුව ඉහළම දායකත්වයක් දැක්වීම හා නිසි මාර්ගෝපදේශනය සහ සහාය ඉගැන්වීමේ කටයුතුවල නියැලෙන අපි, පිරිවෙන් සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල ඉහල නැන්වීම ද, පිරිවෙන් සිසුන්ගේ අභිවෘද්ධිය ද, ඔවුන්ගේ සියළු ප‍්‍රාර්ථනාවන් ද, ඉෂ්ඨ සිද්්ධ වන අයුරින් කටයුතු කිරීමේ අභිප‍්‍රායෙන් යුතුව 2018 වර්ෂයේ ඉදිරිපත් කරනු ලබන මේ වැඩ සැලැස්ම වගකීමෙන් යුක්තව ඉෂ්ඨ කිරීමට අපේක්ෂා කරමු.

පූජ්‍ය බලගොඩ අමරජෝති නා හිමි
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්)
කළුතර දිස්ත්‍රික්කය

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

One Comment

  1. Santh Kusumsiri Perera April 9, 2018 at 7:27 am - Reply

    oba vahnseta dgasiri pathanava. oba vahanse piriven adhyapanaya venuven sidikaran sevaya athishayinma vatinava. oba vahanseta theruvan saranayi..

Leave A Comment