පලකළ දිනය - April 9, 2018

පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය රැකගැනීම අපකාගේත් යුතුකමයි. එය එසේ කලයුතු වන්නේ ඇයිදැයි ලාංකේය අධ්‍යාපනයේ ඉතිහාසය දන්නෝ දනිති. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නවීන යුගයට අනුව කෙසේ සකස් විය යුතු දැයි ඔබේ අදහස් මෙහි පල කරන්න. 

පිරිවෙන් අධ්‍යාපනය කෙසේ සංස්කරණය විය යුතු ද?

  • ත්‍රිපිටක ධර්මය , පාලි, සිංහල  යන විෂයන්  විභාගයට සීමා නොකර සිසුන් ඒ විෂයන් පිලිබඳ නව මානයන් සදහා සිසුන් යොමු කළ යුතුයි.
  • භාවනාව වෙනම ප්‍රධාන විෂයක් බවට පත් කළ යුතුයි.
  • ආකල්ප ඉගැන්වීමට සීමා නොවි ප්‍රායෝගිකව සිසුන් තුළ සැබෑ ආකල්ප පරිවර්තනයක් ඇතිවන අධ්‍යාපන රටාවක් පිරිවෙන් තුළ ඇති විය යුතුයි. 
  • නව තාක්ෂණික ප්‍රවණතා පිලිබඳ පුහුණුව හා ඒවායේ යෝග්‍ය අයෝග්‍යතා පිලිබඳ සිසුන්ට ඉගැන්විය යුතුයි.
  • වර්තමාන ශාසනික අර්බුධ පිලිබඳ සාකච්ඡාවක් හා සවිඥානික බවක් පිරිවෙන් සිසුන් හා ගුරුවරුන් තුළ ගොඩ නැගිය යුතුයි…

කලල්පිටියේ සුමනසිරි හිමි

2018.04.18

Piriven adhayapanaya

piriven adhyapanaya thula bhavanavata athi ida prasthava gana vadath hithuvoth yahapathya. podi namala adyapanaya hodin sidukalath adhyathmikathvayen godak pirihi ath. e pilibadavath obavahanselage avadhanaya yomu vunoth vadagath..
theruvan saranayi

Kannimahara Samitha himi

2018.04.10

තාක්ෂන භාවිතය සම්බන්ධවයි

ඔබවහන්සේ නවීන තාක්ෂණය පිරිවෙන් අධ්‍යාපනය තුළ වර්ධනය කිරීමට ගන්නා උත්සායහය ප්‍රසංසණීයයි. මා මෙහිදි ඔබවහන්සේගේ සිදු කරන දේශන පිංතුර ද දැක ඇත. වර්තමානයේ වැඩිහිටි හා සාමණේර භීක්ෂුන් සමාජ මාධ්‍ය පරිහරණය කිරීම ගැන දැනුවත් කරන්න හැකිනම් අගනේය. මන්ද භිෂුන් දමන පෝස්ට් සහ කොමෙන්ට් බොහෝවිට ලැජ්ජාසහගත සිවුරට නොහොබිනා දේ එමටය. ගිහියන් ඉතා හොදින් ඇතැම් විට ප්‍රතිචාර දැක්වුවත් භික්ෂුන්ගේ සාමාජ ජාලා පරිශීලනය අතිශයින්ම කණගාටු දායකය. මේවා නතර කීරීමට නොහැක. තාක්ෂණය පරීශීලනය කළ යුතුවේ. හැදෙන සාමණෙරයන්ට පිරිවෙන් තුලින් මෙවා භාවිතය පිළිබද ඉගැන්වීමට කලාය පැමිණ ඇත. කරුණාකර ඒ පිළිබද වැඩපිළිවෙලක් වහ වහා සකස් කරන්නේ නම් මැනවි යයි මම යෝජනා කරමි.

සිරිරතන හිමි

2018.03.07

ඔබේ අදහස අපිට ලියන්න

[contact-form-7 id=”275″ title=”Contact form 1″]

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment