සං+ආස යන පදය එක්වීමෙන් සමාස යන පදය සෑදී ඇත. මනාව එකතු කිරීම යන එහි අර්ථයයි. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් ඇති පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් තනි පදයක් ලෙස සකස් කරගැනීම සමාස නම් වේ. පද කෙටි කිරීම සමාස වල කාර්්‍ය භාර්‍යයි. 

සාරස්වතය – අර්ථ වශයෙන් ​අන්‍යෝන්‍ය සම්බන්ධය ඇති පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක පදයක් බවට පත්කිරීම සමාස නම් වේ. “සමාසශ්චාන්වයේ නාම්නාම්” යනුවෙන් සාරස්වතයේ දක්වා ඇත. ” නාමානං සමාසෝ යුක්තාර්ථ‍:” ලෙස දක්වන්නේ යුක්තාර්ථවත් පදයන්ගේ එක් කිරීම සමාස බවයි. පද කිහිපයක් සමාම වීමට නම් ඒවායේ ලිංග, විභක්ති, වචන යන මේවා සමාන විය යුතු ය. එය යුක්තාර්ථය ලෙසින් ද, තුල්‍යාධිකරණ ලෙසින් ද හැඳින්වේ. එ​​සේ සමාන නොවීම භිණ්ණාධිකරණ ලෙසින් ද හැදින්වේ. 

සිදත් සගරාව ‍: – ” නේ සදන් සියොවැ එක සද අයුරන් වන සේ ගළපනු සමස් නම්” නොයෙක් ශබ්ද එකතුව එක් ශබ්දයක් සේ ගැළපීම සමාස යැයි සිදත් සගරාවේ දක්වා ඇත.

බාලාවතාරය :- ” සමාසෝ පද සංඛේපෝ “ පදයන්ගේ කෙටි කිරීම සමාස යැයි බාලාවතාරයේ දක්වා ඇත. 

සමාස ප්‍රභේද සයකී. එනම් :-

01. අව්‍යයීභාව සමාස

02. තත්පුරුෂ සමාසය

03. ද්වන්ද සමාසය

04. බහුව්‍රීහි සමාසය

05. කර්මධාර සමාසය

06. ද්විගු සමාසය

 සමාසයේ ලක්ෂණය සංක්ෂිප්ත භාවයයි. එහි ප්‍රයෝජන තුනකී. එනම් :- 

01. එක පදයක් වීම.

02. එකට උච්ඡාරණය කිරීමේ පහසුව.

03. එක විභක්තියක් ගැනීම.

මීට අමතරව 

04. ලිවීමේ පහසුව ඇති කිරීම

05. වාක්‍ය අලංකාර කිරීම.

06. පද දෙක තුනකින් කියන දේ එකවර ප්‍රකාශ කිරීමේ හැකියාව.

07. කාව්‍යාලංකාර වලදී ඕජෝ ගූණය ආරක්ෂා කිරීම. 

08. සමාස වූ පසු තනි නාමපදයක් ලෙස භාවිත කිරීමේ හැකියාව. 

 

01. අව්‍යයීභාව සමාසය

“පූර්වේ ව්‍යයෙව්‍යයීභාව:” අව්‍ය පදයක් පෙරටුව යෙදී එම අව්‍යයාගේ ම අර්ථයට ම ප්‍රධාන ස්ථානය දෙමින් ගැළපෙන සමාසය නමින් හැදින්වේ. අව්‍යය යනු නිපාත හා උපසර්ගවලට නමකි. මෙහි සාමාන්‍ය ලක්ෂණය වනුයේ අව්‍ය පද මුලට යෙදීමයි. එහෙත් ඇතැම් විට අව්‍ය පදය අගට යෙදෙන තැන් ද දැකිය හැකිය. මෙම සමාසය නපුංක ලිංගික ප්‍රථමා විභක්ති ඒක වචන ගනියි.

    1. भिक्षनां समृद्धिः       –   सुभिक्षम्    –    ආහාර සුලභ
    2. वृक्षं वृक्षं प्रति   – प्रतिवृक्षं  – ගසක් පාසා
    3. वाचं वाचं प्रति   – प्रतिवाचं  – වචනයක් පාසා
    4. मक्षिकाणां अभावः  – निर्मक्षिकम्  – මැස්සන් නැති
    5. शक्तिं अनतिक्रम्य  – यथाशक्तिः  – ශක්තිය නොයික්මවා
    6. ग्रामं मर्यादीक्रुत्य – आ ग्रामं  – ගම දක්වා
    7. रूपस्य योग्यम् – अनुरुपम्  – රෑපයට අනූව

02. තප්පුරැෂ සමාසය

ද්වීතීයා ආදී විභක්ත්‍යන්ත නාම පදයක් අන්‍යොන්‍ය වශයෙන් පරපදයක් සමග එකතු කිරීමෙන් සෑදෙන සමාසය තත්පුරුෂ සමාසය නමින් හැදින්වේ. “අමාදෞ තත්පුරැෂ:” යනුවෙන් සාරස්වතයේ දැක්වේ. පරපදයේ අර්ථය ප්‍රධාන බැවින් මේ සමාසය පරපදයේ ලිංගය ගනියි. එබැවින් සමාස වන පද දෙකෙන් පූර්ව පදය කවර ලිංගික වුවත් පරපදය පුල්ලිංගික නම් සමා​ස පදයත් පුල්ලිංගික වේ. පර පදය ස්ත්‍රී ලිංගික නම් ස්ත්‍රී ලිංග ද, නපුංසක ලිංගික නම් නපුංසක ලිංගික ද වේ. තත්පුරුෂ සමාසය සය වැදෑරුම් වේ.

අ) ද්වීතීයා තත්පුරුෂය

ආ) තෘතීයා තත්පුරුෂය

ඉ) චතුර්ථි තත්පුරුෂය

ඊ) පඤ්චමී තත්පුරුෂය

උ) ෂෂ්ඨි තත්පුරුෂය

ඌ) සප්තමී තත්පුරුෂය වශයෙනි.

ද්විතීයා තත්පුරැෂය 

गृहं गतः – गृहगतः  (ගෙට ගියේ)

ग्रामं प्राप्तः – ग्रमप्राप्तः  (ගමට පැමිණියේ)

තෘතීයා තත්පුරුෂය

देवैः दत्तः – देवदत्तः  ( දෙවියන් විසින් දෙන ලද )

नखैः भिन्नः – नखभिन्नः  ( නියවලින් බිඳින ලද)

චතුර්ථි තත්පුරුෂය

चीवाराय वस्त्रम् – चिवरवस्त्रं  (සිව්රැ සඳහා වස්ත්‍ර)

यूपाय दारु – यूपदारु  (යාග ටැඹ සදහා ලීය)

පඤ්චමී තත්පුරුෂය

चोरात भयम् – चोरभयम्   (සොරාගෙන් බිය)

स्वर्गात् पतितः – स्वर्गपतितः  (දෙව්ලොවින් වැටුණු)

ෂෂ්ඨි තත්පුරුෂය

राज्ञा पुत्रः – राजपुत्रः  (රජුගේ පුතා)

बुद्धस्य पुत्रः – बुद्धपुत्रः  (බුදුපුත්)

සප්තමී තත්පුරුෂය

वने वासः – वनवासः  (වනයේ විසීම)

भूतेषु दया – भूतदया  (සත්වයන් කෙරෙහි දයාව)

03. ද්වන්ද සමාසය

“ච” (ද) යන නිපාතයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වූ පද දෙකක් හෝ වැඩි ගණනක් සමාස වේනම් එය ද්වන්ද සමාසය නම් වේ. “චාර්ථෙ ද්වන්ද්ව:” යනුවෙන් සාරස්වතයේ දැක්වේ. මෙම සමාසය දෙවදෑරුම් වේ.

  1. සමාහාර ද්වන්ද්ව
  2. ඉතරෙතරයෝග ද්වන්ද්ව යනුවෙනි.

සමාහාර ද්වන්ද්ව සමාසය

නිත්‍යයෙන් නපුංසක ලිංගික ද, ඒකවචනාන්ත ද වනුයේ සමාහාර ද්වන්ද්ව සමාසයි.

पाणिश्च पादश्च  – पाणिपदम्  (අත් ද පා ද )

काकश्च उलुकाश्चा  –  काकोलुकम् (කවුඩෝත් බකමූණෝත්)

ඉතරෙතරයෝග ද්වන්ද්ව සමාසය

මෙහිදී පද දෙකක් එකතුව සෑදෙන නාමය ද්විවචනාන්ත වේ. නාම කිහිපයක් යෙදේ නම් බහුවචන විය හැකි ය. මුළු සමාස පදයේ ම ලිංගය වන්නේ අවසාන නාමයේ ලිංගයයි.

रामश्च लक्ष्मणश्च  –  रामलक्षम्णौ  (රාම ද ලක්ෂමණ ද යන දෙදෙනා)

अग्निश्च मारुतश्च  –  अग्निमारुतौ  (ගින්න ද සුලග ද)

ඇතැම් ද්වන්ද්ව සමාසයන්හි සමාස වූ පදවලින් එක නාමපදයක් පමණක් ඉතිරිව සිටියි. එබඳු සමාස පදවලට “ඒකශේෂ ද්වන්ද්ව” යැයි කියනු ලැබේ.

माता च पिता च  –  मातापितरौ (මව ද පියා ද)

(සොහොයුරා ද නැගණිය ද)

04. බහුව්‍රීහි සමාසය

සමාස වූ පදවලින් අන්‍යාර්ථයක් ප්‍රකාශ කරයි නම් එය බහුව්‍රීහි සමාසය නමින් හැදින්වේ. “බහුව්‍රීහිරන්‍යාර්ථේ” යනවෙන් සාරස්වතයේ සදහන් වේ. බහුව්‍රීහි සමාසය කොටස් හතරකට බෙදේ.

  1. තුල්‍යාධිකරණ බහුව්‍රීහි සමාසය
  2. භින්නාධිකරණ බහුව්‍රීහි සමාසය
  3. තද්ගුණ සවිංඥාන බහුව්‍රීහි සමාසය
  4. අතද්ගුණ සවිංඤාන බහුව්‍රීහි සමාසය යනුවෙනී.

 

  1. තුල්‍යාධිකරණ බහුව්‍රීහි සමාසය

එකම විභක්තියකට අයත් නාම පද දෙකක් එකතුවී සෑදෙන සමාසය තුල්‍යාධිකරණය බහුව්‍රීහි සමාසය නම් වේ.

 

  1. භින්නාධිකරණ බහුව්‍රීහි සමාසය
  2. තද්ගුණ සවිංඥාන බහුව්‍රීහි සමාසය
  3. අතද්ගුණ සවිංඤාන බහුව්‍රීහි සමාසය යනුවෙනී.