නාම පදයක් තුළ ලිංග භේදය දැකිය හැකිය. සිංහල භාෂාවේ ලිංග භේදය තෙවැදෑරුම්ය. 

  1. පුරුෂ ලිංග.
  2. ස්ත්‍රි ලිංග.
  3. නපුංසක ලිංග.

සිදත් සගරාවේදි ලිංග භේදය හදුන්වා අැත්තේ මේය,මෝය යන වහරට කරුණු වූයේ ලිගු නම් යනුවෙනි. පුත්,බමර,වදුරු,බමුණු,කුමර,මොනර, අාදි නාම පුරුෂ භාවය හගවන නිසා පුරුෂ ලිංගයට අයත් වේ. කත්,අගන,වනිතා,සෙබඩ අාදි නාම ස්ත්‍රි භාවය හගවන නිසා ස්ත්‍රි ලිංග නාම ලෙසද පොත්,මේස,පීරිසි,පුටු,ගස,ගෙය අාදි නාම නපුංසකත්වය හගවන බැවින් නපුංසක ලිංග නාම ලෙසද හැදින්වේ.

ගොවියා කුඹුර කොටයි.

කත අාරාමයට යයි.

ගස බිම වැටෙයි.

ඉහත වාක්‍යයවල අංකිත නාම පදවල ප්‍රකෘති වන්නේ ගොවි,කත්,ගස යන්නයි. ඒ්වා කිසිම ලිංගයකට අයත් නොවේ. ලිංග භේදයට ලක් වන්නේ ප්‍රකෘතිවලට ප්‍රත්‍ය ඒක්ව සැකසෙන අර්ථවත් පදයි. ඉහත ප්‍රකෘති පිළිවෙලින් ප්‍රත්‍යය ඒක්ව ගොවියා,කත,ගස යනුවෙන් ලිංග තුනට අයත් පද බවට පත් වේ.

  • අචේතනික නපුංසක ලිංග තත්සම ශබ්ද වරනැගීමේදි සචේතනික නාම ලෙස වර නැගෙන අවස්ථාද අැත. ඒවිට ඒවා සචේතනික නාම බවට පත් වේ. 

උදාහරණ :

ගංගා යන ශබ්දය අචේතනක ශබ්දයකි. නමුත් ඒය වරනැගෙනුයේ ස්ත්‍රි ලිංග වනිතා ශබ්දය මෙනි.

වනිතාව/වනිතාවෝ      ගංගාව/ගංගාවෝ

වනිතාව/වනිතාවන්      ගංගාව/ගංගාවන්

තාරකා යන ශබ්දයද අචේතනික වූවකි. නමුත් එය වරනැගෙනුයේද ස්ත්‍රී ලිංග වනිතා ශබ්දය මෙනි.

වනිතාව/වනිතාවෝ     තාරකාව/තාරකාවෝ

වනිතාව/වනිතාවන්     තාරකාව/තාරකාවන්

  • සිදත් සගරාවේ දක්වා අැත්තේ පුරුෂ,ස්ත්‍රි වශයෙන් ලිංග දෙකක් පමණි.

 (සකු සත් අනුසරෙන් අැතද සදනට ලිගු බේ, නොපැණේ වහර වෙසෙසෙක් පුමතිරි ලිගු දෙක විනා.)

  • අර,ඒ,මේ,ත අාදි සර්ව නාමයන් කිසිම ලිංගයකට අයත් නොවේ. ඒවා ලිංග තුනටම පොදුය. ඒ නිසා ඒවා සාධාරණ ලිංග ලෙස හදුන්වයි.

උදා :

  1. අර පුරුෂයා
  2. අර ස්ත්‍රිය
  3. අර ගස

ඉහත උදාහරණවල දක්වා ඇති පරිදි “අර“ යන සර්ව නාමය ලිංගත්‍රයටම පොදුය. අර පුරුෂයා, අර ස්ත්‍රිය, අර ගස යනුවෙන් ලිංග තුනේ පද සදහා වෙනස් වීමකින් තොරව අර යනුවෙන් යෙදිය හැකිය.

සිංහල භාෂාවේ පුරුෂ ලිංග ශබ්දයකින් ස්ත්‍රි ලිංග ශබ්දයක් සකස් කර ගන්නා ක්‍ර්‍රම හතරකි.

  1. ශබ්ද ප්‍රකෘතියට පසුව අා,ඊ,ඉනි ප්‍රත්‍යය යෙදීම.
  2. ස්ත්‍රි වාචක ශබ්දයක් ඒක් කිරීම.
  3. අන්‍ය නාමයක් යෙදීම.
  4. අනම්‍යකරණය.

ශබ්ද ප්‍රකෘතියට පසුව ප්‍රත්‍යය යෙදීම.

  1. අා ප්‍රත්‍යය.
    1. කෝකිල – කෝකිලා
  2. ඊ ප්‍රත්‍යය.
    1. කුමරා – කුමරී
    2. සෙබළා – සෙබළී 
    3. වැද්දා – වැද්දී
    4. කරන්නා – කරන්නී
  3. ඉනි ප්‍රත්‍යය.
    1. පති – පතිනි
    2. මැති – මැතිනි
    3. යකා – යකිනි
    4. අැතා – අැතිනි
    5. නයා – නැයිනි

ස්ත්‍රි වාචක ශබ්දයක් එක් කිරීම.

  1. මුවා – මුවදෙන
  2. කොටියා – කොටිදෙන
  3. ගොවියා – ගොවිලිය
  4. රජ – රජමෙහෙසි
  5. හංසයා – හංසධේනුව
  6. දෙවියා – දෙවගන
  7. මැතිතුමා – මැතිතුමි

අන්‍යය නාමයක් යෙදීම.

  1. පියා – මව
  2. මස්සිනා – නෑනා
  3. මල්ලී – නංගී
  4. රජ – බිසව
  5. අසු – වෙළඹ
  6. මයිල් – නැදි
  7. මොනර – සෙබඩ
  8. නයා – සැපින්න
  9. අලියා – කෙනර

අනම්‍යකරණය හෙවත් අ,උ,ඔ යන ස්වර පිළිවෙලින් අැ,ඉ,ඒ බවට පත් කිරීම.

  1. සොර – සෙර
  2. කොර – කෙර
  3. කුකුළු – කිකිළි
  4. කවුඩු – කැවිඩි
  5. උකුණු – ඉකිණි
  6. කුරුලු – කිරිලි
  7. බමුණු – බැමිණි
  8. වසු – වැසි
  • පුරුෂ ලිංග, ස්ත්‍රි ලිංග, නපුංසක ලිංග වචන මාලාවක් පහත දැක්වේ.
පුරුෂ ලිංග ස්ත්‍රි ලිංග නපුංසක ලිංග
මුවා සුරගන පොත
අශ්වයා නැදී ගෙය
රජ සැපින්න අත
මාමා සෙබඩ පුටුව
පියා දුව පහන
වදුරා මැතිනි ආභරණ
මොනරා මව මේසය
ඇතා මිත්තණිය ගල
කුකුළා නළගන ආරාමය