මිටින් අත්හළ කුරුල්ලෙකු මෙන් – නිදහසේ ප්‍රීතියෙන් සිටීම
අපාගත වුණා වාගේ – දුක් විදිමින්
කර ලගට ඉරීම – වැඩපල ඉතා අධික වීම
එලොව පොල් පෙනීම – බලාපොරොත්තු නොවූ කරදරයකට පත්වීම
තරු පෙණුනා – බියක් ඇති වුණා
අකුල් හෙළනවා – බාධා පමුණවනවා
ඉනා කරවා ගත්තා – තමා කෙරෙහි දැඩි බැදීමක් ඇති කරවා ගත්තා
ආ පයින්ම ගියා – පැමිණි වහාම ආපසු යාම
අතේ හිරි ඇරවා ගන්නවා – හොදටම පහර දෙනවා
පෙරුම්පුරාගෙන – සැලැස්මක් ඇතිව
දැලට අහුවෙලා – ප්රයෝගකාරී වචනවලට රැවටී
ඉමක් කොනක් නොපෙනෙන – ඉතා විශාල
මහ සුළගක් හමා නිමා වූවාක් මෙන් – ඝෝෂාවකට පසු දැඩි නිහඩතාවය
අඹ යාළුවා – හොදම මිතුරා
රැය වෙනදාට වඩා දිගු බවක් දැනීම – නින්ද නොයාම
හැල හොල්මනක් නැහැ – බොහෝ නිශ්ශබ්දයි
අණ්ඩර දෙමළ – ආන්ද්‍ර ප්‍රදේශයේ දෙමළ
සුදුහුණු ගාලා – වැරදි වහලා
නා කපන වැස්ස – තද වර්ෂාව
අට පහ නොදත් – නූගත්, දැනුම නොමැති
අත කොළුවක් කර ගන්නවා – යම් කාරියක් කරවා ගැනීමට කොනෙකු යොදවනවා
ගොනාට අන්දවාගෙන – මෝඩයෙකු සේ සලකා ගෙන
උඩින් පල්ලෙන් – නොසැලකිලිමත් ලෙස
අවසන් නින්ද – සදහටම නෙත් පියා ගැනීම
උගුරට දෙකට බීලා – ඉතා ඉක්මනින් පානය කර
අන්දුන් කුන්දුන් වෙනවා – කලබල වෙනවා
අතක් කපාගෙන යනවා – වටිනා දෙයක් ගෙන යනවා
දිව ගිලෙනවා – පිපාසය බලවත්
කුඩම්මාගේ සැලකිල්ල – අඩු සැලකිල්ල
උල්පන්දම් දීම – නරක දෙයකට උදව් දීම
කෙන්ද කන්ද කිරීම – වාසිය පිණිස පොඩි දෙයක් ලොකු දෙයක් ලෙස පෙන්වීම
හණමිටි කාරයා – පරණ අදහස් දරණ තැනැත්තා
වවුල් පිළිවෙත – ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති
අත උඩ – බොහෝ ලෙහෙසියෙන්
අතිපණ්ඩිතයා – තමා දන්නා බව හගවන මෝඩයා
ඇගට නොදැනී – ඉතා සියුම් ලෙස
ඉහේ මලක් පිපිම – සතුටක් ඇතිවීම
ඇග බේරගන්නවා – වගකීමෙන් බේරීම
ඇගේ මාළු නටනවා – තරහෙන් පුපුරනවා
ඇගිලි ගනිමින් ඉන්නවා – වේලාව පැමිණෙන තෙක් ඉන්නවා
හිමිදිරි උදේ – පාන්දරින්ම
කරල පැහීම – ලොකු වාසියක් වීම
කඩි රැලක් සේ – ඉතා කඩිසරව ක්‍රියා කිරීම
අනූනවයෙන් බේරුණා – විශාල කරදරයකින් යන්තම් බේරීම
හිත මොළොක් විය – කරුණාවන්ත විය
අස්සක් මුල්ලක් නෑර – සෑම තැනම
ඇට්ට කුණා වෙනවා – වැඩකට ගත නොහැකි තත්වයකට පත් වෙනවා
අහසේ තරු ගණිනවා – සිදුකළ නොහැකි දෙයක් සිදු කිරීම
අනුන්ගේ පානින් එළිය බලනවා – අනුන්ගේ මාර්ගයෙන් තමාගේ කාර්ය ඉටුකර ගැනීම
දිය රෙද්දෙන් බෙල්ල කපනවා – කපටි ලෙස අනුන් විනාශ කරනවා
ගල් පැලෙන බොරු – ඉතා විශාල බොරු
කරබාගෙන සිටීම – සිදුවන දෙය පිළිබද නොසලකා නිශ්ශබ්දව සිටීම
ඉබි පිහාටු සෙවීම – නොමැති දෙයක් සෙවීම
එළිපත්ත උඩ සිටින බළලා – තීරණයක් නොමැතිව කවර හෝ පැත්තකට පැනීමට බලා සිටින තැනැත්තා
කරදිය පෑගුණු අය – කපටි මිනිස්සු
කෝපි කාලේ – ඉතා පැරණි
නාහෙන් අඩනවා – මැසිවිලි කියනවා
එකොළොස්වන පැයේදී – අවසානයට නුදුරු පැයේදී
උණුසුම් ලෙස පිළිගන්නවා – ඉතා සුහදව පිළිගන්නවා
ඇඹලයා – යමකට ඉතා ආශා කරන්නා
පොරකටු ගෙවිලා – වයසට යාම නිසා යමක් කර ගැනීමට අපහසු බව
මුදුන් පෙත්තටම – මුදුනටම
කළු කඩේ – හොර වෙළද සැල
උඩ බලාගෙන කෙළ ගැසීම – තමා තමාට අගෞරව කර ගැනීම
දස අතේ කල්පනා කරනවා – තදින්ම සිතා බලනවා
එක හැළියේ බත් කෑ අය – එකට වාසය කළ අය
කණ කොකා අඩනවා – විපතක ලකුණු පෙන්වනවා
කටේ මසුරන් දමන්න වටිනවා – කිව යුතුදේ නොබියව පැවසීම නිසා කෙරෙන ඇගයීම
ඉහේ උකුණන් බිමට පැන්නා – ඉතාදැඩි ලැජ්ජාවක් ඇති වීම
ගොළුබෙලි ගමනින් – සෙමින සෙමින්
ගිනිබත් වීම – ගින්නෙන් පිළිස්සීම
කැකිරි පලනවා – මහ හඩින් සිනා වෙනවා
කනට මී පැණි දමනවා – මිහිරි වචන කියනවා
පණ කඩාගෙන දුවනවා – ඉතා වේගයෙන් දුවනවා
පාරට බහින්න වෙනවා – අසරණ වෙනවා
මූණේ දැලි ගානවා – නින්දා අපහාස කරනවා
දෙවියන් සිහි වීම – හදිසියෙන් ඇතිවන මහත් බිය
දිරච්ච ලණුවක් දීලා – වැරදි උපදෙස් දීලා
පැදුරටත් නොකියා ගිහින් – තම සමීපතම මිතුරන්ටත් නොකියා පිටත්ව යාම
මාර යුද්ධයෙන් ජය ගත්තා – ඉතා අපහසසුවෙන් වැඩක් සිදු කළා
බත් පතේ වැලි දමනවා – ලභ ප්‍රයෝජන වලක්වනවා
යටි මඩි ගහනවා – හොරෙන් සගවා ගන්නවා
රන් අකුරෙන් ලියැවේ – අමරණීය ලෙස පවතී
මොර සූරණ වැස්ස – ඉතා තදින් වහිනවා
පදයක් හදනවා – බොරු චෝදනාවක් කරනවා