බුදුරදුන් ධරමාන අවධිය:

                               බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේ දී ද සසුන තුළ විවිධ වූ ගැටළු පැන නැගී තිබේ.යම් යම් අර්බුද ඇති කිරීමට විෂම අදස් දැරූ භික්ෂුන් වහන්සේලා බුදුරදුන් දවසම වැඩ සිටියහ.මෙවන් අතලොස්සක් භික්ෂූන්ගේ හැසිරීම් රටාවන් මුලු සංඝ සංස්ථාවේම නාමයට කැළලක්ව පැවතින.බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන බැවින් බුද්ධ වචනයට සියලුම දෙනා අවනත වන බැවින් බුදුන් ධරමාන අවධියේ දී සංඝයනාවක් නොපැවැත් වීය.

                               භික්ෂුව මුල් අවධියේදි නිවනම මූලික අපේක්ෂාව කරගෙන ක්‍රියා කර ඇත.පසුකාලීනව පැවිදි වූ සුළු පිරිසක් ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කර තිබේ.එවැනි සුළු භික්ෂුන් පිරිසක් ගේ හැසිරීම් රටාවන් ද ප්‍රථම සංඝායනාවට පසුබිම් වූයේ යැයි නිගමනය කළ හැකි වේ. ඒ අතර ඡබ්බග්ගිය නම් වූ භික්ෂු පිරිස් විවිධ ශාසන විලෝපකාරි ක්‍රියාවන් සිදු කළහ.

                               සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර ප්‍රදානයේදී ඇතැම් භික්ෂූන් බුදුන් වහන්සේ මුහුන බලා තනතුරු පිරි නැමීය යැයි දොස් නැගීය.අස්සජි,පුනබ්බසුඛ යන භික්ෂූන් දෙනම පවිටු භික්ෂූන් ලෙස අගසව් දෙනමට නිගරු කළහ. එසේ නිගරු කිරිමට හේතු වූයේ ආරාමික ගැටළුවක් නිසාය.

                                 සසුන තුල විෂම ක්‍රියාවන් සිදු කළ භික්ෂූන් කණ්ඩයම් කිහිපයක්ම සිටියේය.එය සමස්ථ භික්ෂු පිරිසෙන් 1%ක් පමණ විය.සංඝ සංස්ථාවේ සිටි අවැඩදායි ක්‍රියා පිළිවෙතින් යුත් භික්ෂූන් කීප නමක්ම සිටියහ.

  • සත්තාරස භික්ෂූ පිරිස
  • සාති භික්ෂූව ඇතුළු පිරිස
  • අරිට්ඨ භික්ෂූව
  • බහුභාණ්ඩික භික්ෂූව
  • කෝකාලික භික්ෂූව වැනි අය ඒ අතර විය.

                               තවද විනයධර හා ධර්මධර ගැටළුව තුලින් ද විවිධ අදහස් හා මතවාද දැරූ භික්ෂු පිරිස් සිටිබව පැහැදිලි වෙයි. දෙව්දත් තෙරද සසුනේ නායකත්වය ඉල්ලා එය නොලැබුන විට දි බුදුන්වහන්සේගෙන් පංචවරයක් ඉල්ලීය. භික්ෂූන් වෙනුවෙන් නීති මාලවක් බැවින් බුදුන්වහන්සේ එය ද බැහැර කළ සේක. කැමති භික්ෂූවකට පංචවරය සුරැකීම ගැටළුවක් නොවෙන බව බුදුන්වහන්සේ ඒ අවස්ථාවේදී පෙන්වා දී තිබේ.

               එසේම බුදුන්වහන්සේගේ අවසාන කාල සීමාවේ නිගණ්ඨනාථපුත්ත තුමාගේ අභාවය ද සිදු වූ අතර එයින් පසු එම ශ්‍රාවකයන් විවිධ මතධාරිව කලහ සම්පන්නව සිටියහ. මෙය දුටු අනඳ හිමියන් බුදුන්වහන්සේට එබැව් පැවසීය. බුදු සසුන තුලත් එම තත්ත්වය උදා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග ගැන මෙසේ විමසද්දි    “මා විසින් ධර්මය ද විනය ද මැනවින් දේශනා කර තිබේ.මාගේ පිරිනිවීමෙන් පසුව ධර්මය විනය දෙක ශාස්තෘ කරගෙන වසන්න”යි – බුදුන්වහන්සේ පෙන්වාදී තිබේ.

 

සංඝායනාවට පසුබිම් වූ ආසන්නම හේතු :

                     බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවනවිට සසුනේ වැඩිමහල්ම භික්ෂුව වූයේ මහා කාශ්‍යප තෙරණුවෝය. බුදුන්වහන්සේගේ පරිනිර්වාණ පුවත අසා මහා කාශ්‍යප තෙරණුවෝ ඇතුළු රහතන් වහන්සේලා ධර්ම සංවේගය පළ කළහ.වයසට ගොස් පැවදිව විසූ සුභද්‍ර භික්ෂුව ද මේ අතර සිටියේය.මෙම පුවත අසා එම භික්ෂුව සතුටට පත්වීය.”ඇවැත්නි අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනෝ වෙමු.මෙය කැපය මෙය අකැපය කීමෙන් උපද්‍රවයට පත් නොවූවෝ වෙමු. දැන් අප හට යමක් කැමති නම් එය කරන්නෙමු.අකමැති නම් නොකරන්නෙමු.” මෙම ප්‍රකාශය ඇසූ කාශ්‍යප තෙරණුවෝ මහත් වේදනාවට පත්විය.මෙවැනි දුශ්ශීල භික්ෂූන්ගෙන් සසුන මුදවා ගැනීමට සංඝායනාවක් අවශ්‍යයැයි සිතූ අතර මෙය සංඝායනාවට ආසන්නතම හේතුව විය.

                       මේ හැර මෙයට හේතු වූ තවත් හේතුවක් නම් ධර්ම , විනය අනාගතයේදි පිරිහී අධර්මය ජයගත හැකි බවයි. නිර්මල ධර්මය වෙනුවට වැරදි අදහස් මත වාද පැමිණෙතැයි අවිනත බියද ශාසන බලධාරි භික්ෂුන් වෙත තිබින. පන්සාලිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මයසංඝායනා නොවීම නිසා ධර්මය අතුරුදහන් වේ යයි හැඟීමද පැවතුණි. මෙම කරුණු පළමු ධර්ම සංඝායනාවට හේතු වූ බව පෙන්වාදිය හැකිය.