Tuesday, 22 October, 2019

පණ්ඩුකාභය රජතුමා


              ලංකාවට බුදු දහම පැමිණි යුගයේ ඓතිහාසික වීරයා ලෙස මහවංශය දක්වනුයේ පණ්ඩුකාභය රජතුමාය. ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය හා කාර්ය්‍ය සංකල්පයන් වටා ජනකථා රාශියක් ගෙතී ඇත. මේ ඇතැම් කථා වලට සමාන කථා ප්‍රවෘත්ති ඉන්දියාවේ තෘෂ්ණ දෙවියා පිළිබද කතාවලත් දක්නට ඇත. පණ්ඩුකාභය රජු ගැන කරුණු ඉදිරිපත් කර ඇත්තේ සම්පුර්ණයෙන්ම ජනකතා ආශ්‍රයන් උපුටා ගෙන යැයි කිව හැක.ඉන්දු ආර්ය්‍යන් අතරේ පැවති ජනකථා ද මෙහිදී ප්‍රයෝජනයට ගන්නට ඇත. පණ්ඩුකාභය රජු පිළිබද නොයෙක් ජනකථා ගෙතෙන්නට ඇත්තේ අනුරාධපුර රාජ්‍යෙය් පළමු ආරම්භකයා මෙන්ම ශ්‍රි ලංකාවේ රජවරුන්ගේ මුල් පෙළපතේ ආරම්භකයා ලෙසත් ජනතාව අතර පණ්ඩුකාභය රජු පිළිබද පිළිගැනික් තිබුන නිසා වන්නට ඇත. ඔහු පිළිබද සදහන් කිරිමට මහා වංශයේ විශාල කොටසක් වෙන් කර ඇත.             පණ්ඩුකාභය කුමරුගේ ළමා කාලය පිළිබදව බොහෝ තොරතුරුද බොහෝ දෙනාගේ විවේචනයට ලක්වි ඇත. මේ කාලය සම්බන්ධ කර දැක්වෙන කතාන්තර බොහෝ විට කල්පිත කරුණු ඇතුලත් වෙන ඒවා බව සාහාත්‍ය මුලාශ්‍ර උපයෝගිකරගෙන පෙන්වා දිය හැක.මහ වංශයේ  පණ්ඩුකාභය යන නාමය ඔහුගේ මවගේ පිය වූ පණ්ඩුවාසුදේව හා මයිල නුවන්ගේ අභය යන  නාමය එක් කොට සකසා ගත් බව සදහන් වේ. එසේම මහා වංශය ඔහු ආර්ය්‍ය රජ  පෙලපතකට සම්බන්ධ කර දැක්විමට උත්සහ කර ඇත. සමන්ත පාසාදිකාව, දිපවංශය හදුන්වන ලෙස ඔහුගේ නාමය පණ්ඩුකාභය යි. දිපවංශය ඔහු සොරකු ලෙස සිටි බව දක්වා ඇත. වීරකාව්‍ය නිර්මාණයට උත්සහ නොකල එවැනි රචකයින් හැකි තාක් නිවරදිව තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සහ කර ඇති බව කිව හැකිය.            

            පණ්ඩුකාභය රජු පිළිබද විස්තරය මදක් සොයා බැලිමෙන් ඔහුගේ වැදගත් කම දැක්වෙන ප්‍රධාන කරුණු පිළිබද අවබෝධයක් ලබාගත හැකිය. වංශකථා ප්‍රවෘත්ති අනුව ඉන්දියාවේ සිට පැමිණ මෙහි රජුවු පණ්ඩුවාසුදේව රජුට සහ ඔහුගේ බිසව බද්ධකච්චානා දේවියට පුතුන් 10 හා චිත්‍රා නම් දියණියක් විය. දියණියගේ උප්පත්තියෙදිම ඇය ලබන පුතකු විසින් ඇයගේ සොහොයුරන් මරණයට පත්කරන වබට නක්ෂත්‍ර කරුවන් විසින් පවසා ඇත. එබැවින්  අනතුරක් වලක්වනු පිනිස ඇය මරා දැම්මට සොහොයුරන් කල්පනා කල නමුත් වැඩිමහල් සොහොයුරාගේ මැදිහත් විමෙන් එසේ නොකොට ඇය වෙන්කර තබා අරක්ෂා කිරීමට විධි විධාන යෙදිය. එහෙත් ඇය තම මවගේ සොහොයුරෙකුගේ පුතෙකු වු දිඝ ගාමිණී සමග සම්භන්ධයක් ඇති කරගත් අතර පුතෙකුද ලැබුවාය. දිඝ ගාමිණී කුමරු පණ්ඩුවාසදේව රජුගේ රාජ සභාවේ සේවයේ නියුතුව සිටි අයෙකු බව සදහන් වේ. චිත්‍රා තම පුත්‍රයා එදිනම උපන් මහෙකාර ස්ත්‍රියකගේ දියණිය හා හුවමාරු කොට තම පුත්‍රයා රහසේ ඇතිදැඩි කිරිමට කටයුතු යෙදුවාය.  

              ඇය තම පුත්‍රයාව දොරමඩලාවට යව්වාය. වැඩිකල් නොගොස් රහස දැනගත් ඇගේ සොහොයුරන් කුමරු මරණයට පත් කිරිමට නොයෙක් උපක්‍රම යෙදුවත් එම උපක්‍රම අසාර්ථක විය.            

              පණ්ඩුකාභය යැයි නම් තබනු ලැබු මෙම කුමරා සොලොස් වෙනි වියට පැමිණ පසු රුහුණේ විසු පණ්ඩුල නම් බ්‍රහ්මණයෙක් යටතේ ශිල්ප හැදැරිමට කටයුතු යොදන ලදි. ශිල්ප හදාරා නිමවු පසු පණ්ඩුල බ්‍රහ්මනයා විසින් සෙනා රුස් කොට එයට අවශ්‍ය මුදල් ලබාදී තම පුත්‍රයාගේ සහය ද දුන්නේය. මේ අකාර 30 වසක පාලනයෙන් පසු පණ්ඩුවාසදේව රජු මරණයට පත්ව අභය රජ පැමිණ සිටියේය. සේනාවක් රුස්කර පණ්ඩුකාභය තමා කවුරුන්දැයි පවසා කාසි පර්වතය අසල පණ නම් නගරයේ කදවුරු බැදගෙන තම හමුදා බලය වැඩිකර ගත්තතේය. පණ්ඩුකාභය කැරලි කාරයෙකු ලෙස කටයුතු කල මේ කාලයේ ඔහුගේ මාමා වරුන් ඔහුට හිරුහැර කිරීමට එතරම් උනන්දු වු බවක් නොපෙනේ. ඉන්පසුව මොහු තම මාමා කෙනකු වු  ශිව යටතේ පාලනය වු ගිරි කන්න නම් ප්‍රදේශයට ගොස් ශිව ගේ දියණිය වු ස්වර්ණපාලි කුමරිය තම සහයිකාව ලෙස පත් කර ගත්තේය.

මේ පුවත ඇසු ශිව පණ්ඩුකාභයට විරුද්ධව හමුදාව එවු නමුත් ඒවා පරාජය විය. එමෙන්ම පලිගැනිමට සිතු පාලි කුමරියගේ සොහොයුරන් කිහිපදෙනෙකුම චන්ද්‍ර බ්‍රහ්මනයා විසින් පරාජය කරන ලදි. එම සටන් වලින් ජයගත් නමුත් පණ්ඩුකාභය කුමරු කාසි පම්බතයට පසු බැස සිටීම නුවනට හුරු බව කල්පනා කලේය. එහි සිව් වසක් ඔහු නතරව සිටි අතර මාමා වරු පැමිණ මොහුට පහර දුන්හ. එහෙත් ඔවුන් මහවැලි ගගෙන් එතෙරට පන්නා දමා එය ඔහුගේ සටන් මධ්‍යස්ථනය බවට පත්කරගෙන කටයුතු කරන ලදි. පණ්ඩුකාභය මර්ධනය කිරිමට නෙහැකි වු පසු ඔහුගේ වැඩිමහල් මයිලනුවන් වු අභය මහවැලි ගගෙන් එතෙර ප්‍රදේශය පණ්ඩුකාභයට දී සම්මුතියක් ඇති කර ගැනිමට යෝජනා කලේය. මෙයට අකමැති වු ඔහුගේ අනෙක් සෙහොයුරෝ අභය සිහිසුනෙන් නෙරපා තිස්ස සිහිසුනේ තැබුවේය.             

            ස්වාභාවික ආරක්ෂිත ස්ථානයක් වු දිබුලාගල සිව් වසක් ගතකර රිටිගල නම් ස්ථානයේ කදවුරු බැදගෙන තම මාමා වරුන්ට පහර දිමට ඔහු බලාපොරොත්තු විය. පළමුව රිටිගල සිට ඒ අවට ඔහු තම බලය පතුරුවා ගත්තේය. අවුරුදු 8 ක කාලයක් තිස්සේ එසේ ගත කල පසු ඔහුගේ මාමා වරු ඔහුට පහරදිම පිණිස රිටිගල වටා කදවුරු බැදගෙන සිටියහ.

            පණ්ඩුකාභය මේ අවස්ථාවේ උපක්‍රමක් ගැන කල්පනා කර ඔහු යටත් වන බව අගවා ඔවුන් බලාපොරොත්තු නොවු මොහොතක ඔවුන් පහර දුන්නේය. මෙම සටනින් මොහු ජයගත්තේය. මෙම සටනේදී ඔහුගේ මාමා වරු අට දෙනෙක් මරණයට පත් වුයේය. මෙම සටන සිදුවුයේ ලබුනොරුව (ලාබු ගාම) නම් ස්ථානයේදිය.           

            මෙසේ වසර 17 ක් පුරා කැරලි කරුවෙකු ලෙස සටන් කල මොහු අභය රජු යටතේ පැවති ප්‍රදේශ වල අසහාය පාලකයා වී ඇති බව දක්නට ලැබේ. මේ අතර පණ්ඩුකාභය රජු තම කුඩා කාලය ආශ්‍රිත අප්‍රිය ජනක සිදුවිම් නිසා ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයෙන් ආ උපතිස්ස නිර්මාණය කළ උපතිස්ස ග්‍රාමය තම වාසස්ථානය කරගැනිමට කැමති නොවිය. ඔහු අනුරාධ වාසය කල අනුරාධ ගාමයට ගොස් එය තම වාසස්ථානය කර ගත් බව ද දක්නට ලැබේ.

            පණ්ඩුකාභය රජු ගැන වංශකථා  ප්‍රවෘත්ති ඇතැම් අවස්ථාවල අද්භුත ජනක ලෙස සිතා ඉවත දැමිය නොහැක ඔහුගේ සටන් ව්‍යාපාරය හා සම්බන්ධ කර දැක්වෙන්නේ සීමා සහිත ජනතාවකි. එසේම වීර ක්‍රියා ආදිය ඔහු වෙත ආරෝපනය කර ඇත. පණ්ඩුකාභය පුවතේ එන යුද්ධ උපායන් විශ්වාස කිරිමට පුළුවන. පණ්ඩුකාභය රජු කල සටන් තුලින් ලංකාවට ආර්ය්‍යවර්ථයේ බටහිරින් හා නැගෙනහිරින් පැමිණි ආර්ය්‍ය කණ්ඩායම් දෙක අතර සටනක් පිළිබද හැගිමක් ඇතිකර ගත හැකි යැයි ඇතැම් ඉතිහාසඥයෝ පවසති.

            ඒ අදහස මගින් ලංකාවට ආර්ය්‍යවර්ථයේ බටහිරන් පැමිණි මුල් ජනයා ලංකාවේ වයඹ දිග හා බටහිර ඇසුරු කර පදිංචි වු බවත් ආර්ය්‍යවර්ථයේ නැගෙනහිරින් පැමිණි ජනයා ලංකාවේ නැගෙනහිර ආශ්‍රිතව ව්‍යාප්ත වු බවත් පැහැදිළි වේ. කල් යාමේදි දිවයිනේ ආධිපත්‍යයට මේ දෙපක්ෂයම අතර සටනක් ඇතිවු බවත් එම සටනින් නැගෙනහිරින් පැමිණි අය ජයගත් බවත් පැහැදිළි වේ.

           ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයටඅනුව ආර්ය්‍යන්ට විරුද්ධව ස්වදේශිකයන් මෙහෙයවු ස්වදේශිකයෙකු ලෙස පණ්ඩුකාභය හදුන්වයි එසේත් නැනි නම් යටත් පිරිසෙන් ස්වදේශිකයින් ලෙස සැලකිය හැකි යක්ශයන්, යක්ශයනියන්ව ආශ්‍රය කරන ලද බවත් ඔවුන්ගේ විශාල උපකාර වලට ලක්වී ඇති බවත් සමන්ත පාසාදිකාව දිපවංශය වැනි මුලාශ්‍ර වල පණ්ඩුකාභය වැනි නාමය හා පඩුන්ඩක යන නාමය භාව්තා කිරිමත් ඊට සාදක ලෙස දක්වා ඇත. දිපවංශය සමන්ත පාසාදිකාව වැනි ග්‍රන්ථ වල පණ්ඩුකාභය රජු ගැන සදහන් වන්නේ ඉතා කෙටි හැදින්විමකි

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “පණ්ඩුකාභය රජතුමා

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories