Tuesday, 22 October, 2019

ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය.


          රටක සොභාවික පිහිටිම හා එරට ඉතිහාසය අතර කිට්ටු සබදතාවයක් ඇත. එබැවින් ලංකාවේ පිහිටිම කෙතෙක් දුරට එහි ඉතිහාසය කෙරෙහි බලපා ඇත්දැයි සොයාබැලිය යුතුය. ලංකාවේ පිහිටිම දෙස බලන විට අපට පෙනියන එක් කරුණකි ලංකාව ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති බව. ඒ සමගම පෙනෙන තවන් කරුණක් නම් දකුනින්, නැගෙනහිර හා බටහිර ලොව අනෙක් රටවල් වලින් ඈත්ව සමුද්‍ර සන්ධියක පිහිටා ඇති බවයි. ලංකාවේ භූගෝලිය තත්වය විමසා බලව විට ලංකාව කුඩා දිවයිනක් බවත් එබැවින් එහි ඉතිහාසය කෙරෙහි එම තත්වය බලපා ඇති බවත් සදහන් කල යුතුය.

  • ඉක්මනින් සතුරු ආකුමණ වලින් බේරීම.
  • ඉක්මනින් සතුරු ආකුමණ වලට නතුවීම.
  • ලංකාව ඉන්දියාවෙන් ඈත්ව පිහිටිමද එහි ඉතිහාසය කෙරෙහි බලපෑවේය. එබවින් ඉන්දියාවට එල්ලවු ආක්‍රමණ වල බලපෑම ලංකාවට ඇති නොවීම.
  • මුස්ලිම් ආක්‍රමණ වල බලපෑමට ලංකාව නතු නොවීම.
  • ඉන්දියාව ආසන්නයෙන් පැවති නිසා බුදු දහම ලංකාවට පැම්ණීම.
  • මුස්ලිම් ආක්‍රමණ නිසා ඉන්දියාවේ බුදු දහම පිරිහිම එහෙත් ලංකාවේ බුදු දහම එලෙසම පැවතිම.

ඒ හැර අභ්‍යන්තර ගෝලීය ලක්ෂණද එහි ඉතිහාසයට බලපා ඇත.

            ලංකාවේ ඉතිහාසය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණ නම් ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටිමයි. මෙය කෙතරම් වැදගත්වී ද කිවහොත් ලංකා ඉතිහාසය සම්පුර්ණයෙන්ම හැඩ ගැසුනේ ඉන්දියානු බලපෑම් අනුවය. සමහර විද්‍යාඥයෝ මෙයට වසර දහස් ගනනකට පෙර ලංකාව ඉන්දියාවේ කොටසක්ම තිබෙන්නට ඇතැයි පවසති. ලංකාවට ආර්ය්‍යන්ගේ පැමිණිමට සිදුවුයේ ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීම නිසා යැයි කිව හැක. ඉන්දියාවේ ඒ ඒ කාල වලදී ඇතිවු අධිරාජ්‍ය වල බලපැම් ලංකාවේ දක්නට ඇත්තේ මෙසේ ඉන්දියාවට ආසන්නව පිහිටීම හේතු කරගෙනය.

  • මෞර්ය්‍ය රාජ්‍ය මගින් බුදු දහම පැමිණීම.
  • ගුප්ත අමරාවතී සම්ප්‍රධායන් ලංකා කලා අංශයට බලපෑම.

 

           අනුරාධපුර යුගයේදී පල්ලව ගුප්ත, මෞර්ය්‍ය ආදි ලෙස ඇතිවු සෑම අධිරාජ්‍යයකම බලපෑම් ලංකාවට ඇතිවිය. අනුරාධපුර යුගයේ ඉන්දියාව ලංකාව කෙරෙහි කෙතරම් බලපෑවේදයත් සමහරු එම යුගය ඉන්දියානු යුගය ලෙසද හදුන්වයි. මුලින් සදහන් කල සැම අධිරාජ්‍යයකම ආගම, කලාශිල්ප, දේශපාලන මතිමතින්තර ආදී සෑම අංශයක්ම ලංකාව කෙරෙහි බලපා ඇති බව පෙනේ.

           අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ඉන්දියාවෙන් ලංකාවට ලැබුනු වැදගත් දායාදයක් නම් බුදු දහමයි. බුදු දහම හදුන්වා දිමත් සමගම ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්ප, චිත්‍ර කලාව, මුර්ති හා කැටයම්, සාහිත්‍යය ආදි සෑම අංශයක්ම ලංකාවේ දියුණු විය. කල් යාමේදි ඉන්දියාවේ ඇතිවු වෙනත් ආගම්ද ලංකාව කෙරෙහි බලපෑවේය.

            පොළොන්නරු යුගයෙදි ලංකාව කෙරෙහි බලපෑම් ඇති කලේ දකුණු ඉන්දියානු අධිරාජ්‍යයන්ය. එම රාජ්‍යයන් නම් සොලින් (චොල) , පාණ්ඩ්‍ය, කේරල (මේර), මේනාද්, විජය නගර් ආදි රාජ්‍යයන්ය. උතුරු ඉන්දියානු අධිරාජ්‍ය වැඩි වශයෙන් ලංකා සංස්කෘතිය කෙරෙහි බලපෑම් කල අතර දකුණු ඉන්දියාවේ ඇතිවු අධිරාජ්‍යයන් වැඩිවශයෙන් ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි බලපෑම් කරන ලදී.

          දකුණු ඉන්දීය අධිරාජය්‍ය නායකයෝ ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරිමේදි ලංකාව අල්ලා ගන්නට උත්සහ කලේ ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා ය.චෝල අධිරාජය්‍යයේ අදහස් මේ කාලයේදි ලංකාවේ රජවරු කෙරේ තදින් බලපා ඇති බව පෙනේ.  චෝල අධිරජුන් දකුණු ඉන්දියානු  ප්‍රදේශ ලබා ගැනිමෙන් පමණක් සෑහිමකට පත් නොවී. ඉන්දියාවෙන් පිටත රාජ්‍යන් නතු කර ගැනිමට කල උත්සාහය ලංකාවේ රජවරු කෙරෙහිද බලපෑ ආකාරය පොළොන්නරුවේ පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තියෙන් පැහැදිලි වේ.  

          මෙසේ ඉන්දියාවට සමීපව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබිම නිසා ඉන්දියාවේ ඇතිවු සිද්ධීන් බොහෝ දුරට ලංකා ඉතිහාසයට බලපෑ නමුත් ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිට්ම නිසා මෙහි ඉතිහාසය ලංකාවටම විශේෂ වුවක් ලෙස සකස්වුනි.

පරසතුරු ආක්‍රමණ හා නොයෙකුත් විප්ලව හේතුවෙන් නොයෙක් කාලවල ඉන්දියානු ශිෂ්ඨාචාරය විනාශ වී ගියත් (12වන 13 වන සියවසේදි මුස්ලිම් ආක්‍රමණ එල්ලවිම) ඒවායේ බලපෑම කෙලින්ම ලංකාවට එල්ල නොවුයේ මෙසේ ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටිම නිසාය. ඒ අනුව ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටිම හේතුවෙන් ඉන්දියාවේ සිද්ධින්ගේ බලපෑම මෙහි දක්නට වු අතරම, ඉන්දියාවෙන් වෙන්ව පිහිටිමෙන් එම බලපැම් වලට එක එල්ලේ යටත් නොවී සිටිමට ලංකාවට හැකි විය. ඉන්දියාවේ බුදු දහම විනාශ වුවත් ලංකාවේ එසේ නොවුයේ ලංකාව ඉන්දියාවෙන් ඇත්ව පිහිටිම නිසාය.            

          ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටිම සලකා බලන විට ඊළගට සැලකීම යොමු විය යුත්තේ ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව යුරෝපය හා ඈත පෙරදිග සම්බන්ධ කෙරෙන මුහුදු මාර්ගයේ අසලින්ම පිහිටා තිබීම කෙරෙහිය.මේ පිහිටිම හේතුවෙන් පුරාණයේ සිටම වෙළහෙළදාම මගින් පිටස්තර ලෝකය සමග සබදතා පවත්වාගෙක  යාමට ලංකාවට ඉඩ ලැබනු බව දක්නට ඇත. මහාතිත්ථ අසලින් ලැබි ඇති පුරාණ රෝම කාසි රුසක් ඒ කාලයේ රෝමයේ විවිධ ප්‍රදේශ හා ලංකාව අතර තිබු සබදතා පැහැදිළි කරයි. ඉතා පැරණි ග්‍රීක ලේඛකයන් හා කවීන් ද මේ වෙළෙද සබදතා ගැන කරුණු දක්වා ඇත. වර්ථමනයේ කන්කසන්තුරය (සම්බිලිතුරෙයි) නමින් හදුන්වන පුරාණ ජබ්බකෝලපට්ටන (දඹකොල පටුන) වරාය උතුරු ඉන්දියාව සමග  කල සබදතා වල මුලික වරාය විය. එසේම ගෝකන්න වරාය ද ඉන්දියාව හා ඈත පෙරදිග අතර සබදතා පැවැත්වු තවත් වරායකි.(බද්ධකච්චානා කුමරිය තම සහෝදර පිරිස සමග පැමිණි වරායයි.)            

          ශ්‍රි ලංකාව මුහුදු මාර්ගයක පිහිටා තිබිම එහි ඉතිහාසය කෙරෙහි වඩාත් බලපාන්නට වුයේය. 16 වන සියවසෙන් පසුව පෘතුගිසි, ලන්දේසි, ඉංශ්‍රිසි ආක්‍රමණ වලින් පසුව වෙළෙදාමේ වැදගත්කම වැටහුනු යුරෝපියෝ මුහුදු මාර්ග භාවිතා කරන්නට වුහ.  (1453) දී පෙරදිගට පැමිණි යුරෝපියෝ ලංකාව මධ්‍යස්ථානයක් වශයෙන් සලකන්නට වුහ. ඒ හැර ලංකාවේදි ඔවුන්ට අවශ්‍ය වෙළෙද ද්‍රව්‍ය ලබාගැනිමට පහසු වුයෙන් යුරෝපියන්ට ලංකාව ඉතාම වැදගත් ප්‍රදේශයක් බවට පත්විය. මෙහිදි ඉංශ්‍රිසින්ට ත්‍රිකුණාමලය වරාය ඉතාම වැදගත් විය. ලංකාව මුහුදු මාර්ගයක මධ්‍යගතව පිහිටා තිබිම. ලංකා ඉතිහාසයේ වැදගත් වන්නේ ලංකාවේ නුතන යුගය ආරම්භ වන්නේ යුරෝපියන්ගේ පැමිණිමෙන් පසු බැවිනි.            

           ලංකාව කුඩා දිවයිනක් වීමද එහි ඉතිහාසය කෙරෙහි බලපා ඇත. ලංකාව කුඩා වීම නිසා අතීතයේදී ප්‍රාදේශිය වෙනස්කමි බහුලව දක්නට නොවීය. විශාල රටක් වු ඉන්දියාවේ ඉතිහාසයේ මෙවැනි ඒකාකාරි බවක් දක්නට නැත. ලංකාව කුඩා වීම නිසා බොහෝ අවස්ථා වලදී රජවරුන්ට මුළු රටම එක්සත් කර ඒකිය පාලනයක් ගෙනයාමට හැකියාව ලැබුනි. ලංකාව කුඩා රටක් වීම නිසා විදේශිකයන්ට ද ලංකාව අල්ලා ගැනිමට පහසු විය.

          රටක භූගෝලිය පිහිටිම විමසා බලන කල එහි අභ්‍යන්තර පිහිටිමද විමසිල්ලට භාජනය කල යුතු වන අතර එම තත්වද රටේ ඉතිහාස කෙරෙහි බලපා ඇති බව පිළිගත යුතුය. ලංකාවේ අභ්‍යන්තර පිහිටිම අනුව කදුකර, තැනිතලා වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.ඒ අතරම තෙත් කලාපය හා වියලි කලාපය වශයෙන් දේශගුණය අනුවද කොටස් දෙකකට බෙදිය හැකිය. වියලි කලාපය වු උතුරු ප්‍රදේශයේ මල්වතු ඔය (කදම්බ නදි), කලා ඔය (ගෝණනදී), දැදුරු ඔය (ජජ්ජර නදී), මහවැලි ගග ආදි ගංගා පිහිටා ඇති අතර දකුණු ප්‍රදේශයෙ වලවේ ගග (වනවාහිනි නදී), කිරිද ඔය (කිරින්ද නදී), මැණික් ගග (කප්පකන්දර නදී) ආදි ගංගා පිහිටා ඇත. උතුරු පහත් බිම් ඉන්දියාවට ආසන්නව පිහිටා ඇති අතර එහි දේශගුණයද බොහෝ දුරට ඉන්දියාවේ දේශගුණයට සමාන වේ. ඉන්දියාවේ සිට පැමිණි ආර්ය්‍යන් මෙම පහත් බිම් තම ජනාවාස භූම් ලෙස තෝරා ගන්නට ඇත්තේ මෙම සමාන තත්වය නිසා වන්නට ඇත.

ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන කරගත් ආර්ය්‍යන් ඒ අනුව තම වාස භූම් ලෙස වියලි කලාපය තෝරා ගැනිම නිසා ලංකාවේ ප්‍රථම ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් බිහිවී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව ලංකාවේ මුල් යුගයන් වල එනම් අනුරාධපුර, පොළොන්නරු ඉතිහාසය එසේ සකස්වීමට භූමියේ පිහිටිම බලපා ඇතිබව පෙනේ. තවද තෙත් කලාපය වී ගොවිතැනට අවශ්‍ය යෝග්‍ය තාවයෙන් යුතු නොවීමද ආර්ය්‍යන් පළමුවෙන්ම වියළි කලාපය තෝරා ගැනිමට බලපා ඇත. තවද උතුරේ ජනාවාස වලට පසුව ආර්ය්‍යන් ක‍්‍රමයෙන් ගිනිකොන දිග වියළි කලාපයට ඇදි යාමට හේතුවුයේද මෙම භූගෝලිය පිහිටිමයි. තවද ඉන්දියාවට ආසන්නව උතුරු තැනිතලා පිහිටිම  නිසා දකුණු ඉන්දිය රාජ්‍ය වල යුධ සේනා බෙහෝ අවස්ථා වල එම රාජ්‍ය අල්ලා ගැනිමට උත්සහ දැරිය. එලෙස ලංකා ඉතිහාසයට සෑම අවස්ථාවකම දකුණු ඉන්දිය බලපෑම් ඇතිවිමට මෙම භූගෝලිය පිහිටිම බලපා ඇති බව දක්නට ලැබේ.            

            උදා-: සේන ගුත්තික ආක්‍රමණ, එලාර, පුල්ල හත්ත ආක්‍රමණ

            ප්‍රධාන ජිවන උපාය ගොවිතැන කරගත් ආර්ය්‍යන්ට උතුරේ පහත් බිම් වල ශිෂ්ඨාචාර ගොඩ නැගීමට උපකාරි වු තවත් කරුනක් නම් ජලය ලබාගැනිමට ප්‍රමාණවත් ගංගා පිහිටිමයි එය කෘෂිකර්මාන්තයට මෙන් අනුරාධපුර නගරයේ ඇතිවු දියුණුවටද එය මහත් පිටිවහලක් විය.

            දකුණු පහත්බිම් වලින් බටහිර කොටස තෙත් කලාපයට අයත් වු අතර නැගෙනහිර කොටස වියලි කලාපයට අයත් විය. මේ ප්‍රදේශ අනුරාධපුරයෙන් ඈත් වු නිසා බොහෝ විට එහි නිදහස් පාලනයක් ඇති වීමට මග පෑදුනි. රජරට දුර්වල පාලකයන් සිටි සෑම අවස්ථාවකම පාහේ රුහුණේ නිදහස් පාලනයක් දක්නට ලැබුනි.            

            මධ්‍යම කදුකර ප්‍රදේශය මලය රට නමින් හැදින්විය. මේ ප්‍රදේශ කදු සහිත වු හෙයින් සහ වනාන්තර බහුලව වු හෙයින් නුතන කාලය දක්වා ජනාවාස වලින් තොර  ප්‍රදේශයක් වශයෙන් පැවතුනත් විදේශ ආක්‍රමණ ආදින්ගෙන් ආරක්ෂා  වි පැවතුනේය. අතීතයේ සිටිම බොහෝ සෙයින් වැරදි කල පුද්ගලයින් ආරක්ෂාව සදහා පලාගියේ මේ ප්‍රදේශයටය.

            උදා-: (දුටුගැමුණු රජු තම පියාට විරුද්ධව කටයුතු කිරිමට ගොස් බේරිම සදහා පලා ගියේ මලය රටටය,

                    වලගම්බා රජු ද්‍රවිඩයන්ට බියව සැගවි සිටියේ මලය රටේය.

                    පළවන විජයබාහු රජ සොලින්ගෙන් පරදින විට ආරක්ෂාව සදහා මලය රටට පසුබැස්සේය. (සොලින් ශ්‍රි ලංකාව අවිරුදු 70 පාලනය කලේය.) පළවන පරාක්‍රම බාහු රජ මලය කදුකරයට පැරදුන අය ආරක්ෂාව තකා පලායන නිසා ඔහු ප්‍රථමයෙන්ම මලය රට අල්ලා ගත්තේ එය වලක්වා ලිමටය.

            1796 දි ඉංශ්‍රිසින්ගේ පැමිණිමෙන් පසුව. 1803 දී උඩරට අල්ලා ගැනිමට උත්සහ කලත් එය අසාර්ථක වු නමුත් 1815 දි උඩරට ආක්‍රමණය කලේ සිංහලයින්ගේ වැරදි නිසාය.

            ඝන කැලෑ සහ කදු සහිත නිසාත් අනෙකුත් ප්‍රදේශ වලින් වෙන්වී පිහිටිම නිසාත් මේ ප්‍රදේශ බෙහෝ  කලක් නිදහස්ව පැවතුන බව දක්නට ලැබේ. 16 වන සියවස අවසානස වෙද්දි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විදේශිකයින් සතු වුවද මුළු මනින්ම එය අල්ලා ගත නොහැකි වුයේ රට මැද කදු වලල්ලකින් ආරක්ෂා වී තිබීම නිසාය. 1815 වන විටත් මුළු ලංකාවම විදේශිකයන්ට යටත් කරගැනිම අපහසු වී ඇති බව දක්නට ලැබේ. මේ කරුණු  අනුව බලන විට ලංකා ඉතිහාසයේ මුල් යුගයේ සිට නුතන යුගය දක්වාම. ලංකාවේ පිහිටිම හා එහි භූ විෂමතා ලක්ෂන (අභ්‍යන්නර පිහිටිම) ලංකා ඉතිහාසය කෙරෙහි බලපා ඇත. ලංකාවේ ගංගා වල පිහිටිමද මෙය සදහා බලපා ඇත.

                     

            මධ්‍යම කදුකරයෙන් ආරම්භ වී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගලා යන ගංගා නිසා මධ්‍යම කදුකර ප්‍රදේශ වලට ලගාවීමට මෙයද එනම් ගිරි දුර්ග මෙන්ම ජල දුර්ග ද විශාල භාදාවක් වී ඇත.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය.

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories