Tuesday, 22 October, 2019

මහාවංශය


              ලංකාවේ වංශ කථා අතරින්  ප්‍රසිද්ධ වංශය කථාව මහාවංශය යි. එකවර රචනා නොවන මෙහිපැහැදිලිවම කොටස්4  ඇත. මුල් කාලයේ මහාවංශය ලෙස හැදින්වුයේ පරිච්ඡේද 37ක් ඇතුළත් වු මුල්කොටසයි. අනෙක් සියලු කොටස් චුල වංශය නම්න් හැදින්වේ එහෙත් නුතන ඉතිහාසඥයින්ගේ අදහස අනුව මේ සියලු කොටස් මහාවංශය නමින් හැදින්වේ.වංසන්තප්පකාසිනී නම් කෘතියේ දැක්වෙන පරිධි මුල් කතු වරයා දිඝසද සේනාපති පිරිවෙනේ මහනාම නම් හිමි නමකි. මහනාම හිමි තම කෘතියට වැඩිවශයෙන්ම පදනම් කරගන්නේ අට්ඨකථා මහාවංශය බව ඉකතිහාසඥයෝ පිළිගනී. විෂය ඉදිරිපත් කිරිම අතින් දීපවංශය, සමන්ත පාසාදිකාව යන කෘති මහාවංශය හා සමාන වන්නේ මේ හැම කෘතියක්ම අට්ඨකථා මහාවංශය අනුගමනය කල නිසා බව කිව හැකිය.කෙසේ වෙතත් මහින්ද පරිනිර්වානයෙන් පසු කොටසට මහාවංශ කතුවරයා අලුත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇත.             උදා-: දුටුගැමුණු පිළිබද ප්‍රවෘතිය දීපවංශයේ ගථා 11 ඉදිරිපත් කරන අතර මහාවංශය කතුවරයා එය සදහා පරිඡේද 11ක් වෙන්කර තිබිම දැක්විය හැක.

               දීපවංශය මෙන්ම මහාවංශයද අවසන් වන්නේ මහසෙන් රජුගේ රාඡ්‍ය කාලයෙන් ය. එසේ වන්නට ඇත්තේ මහසෙන් රජු මහා විහාර විනාශ කිරිමට දැරු ප්‍රයත්නය නිසා තවදුරටත් පුරාවෘත  ගැබ්වු වාර්ථා පවත්වාගෙන යාම දුෂ්කර නිසා විය හැක. වංශ කථා ලියැවුනේ ඒ ඒ සිද්ධීන් ම කලකට පසුව නිසා ලියන අවස්ථාව දක්වා තොරතුරු ඒවායේ ඇතුළත් ‍නොවේ. මහාවංශය නියම වංශ කථාවක ස්වරෑපය දරන්නේ එහි අවසාන පරිච්ඡේද පහේදී පමණි. ඉතිසහාසය අතින් වැදගත් වන්නේද එම කොටසයි. ඉන්පසු මහාවංශය ඉදිරියට ගෙන යාමට ඒ ඒ කතුවරුන්ට ආදර්ශයක් වුයේද එම කොටසයි. මහාවංශයට ඝණ්ඨ පදඨිඨ වර්ණනා නම්න් ගැට පදයක්ද, වංසත්තප්ප කාසිනි නම්න් ටීකාවක්ද ලියා ඇත. මෙයින් මහාවංශය කෙතරම් දුරට වැදගත් කොට සලකන ලද්දේ දැයි  පැහැදිලි වේ. වංසත්තප්පකාසිනිය මහාවංශයේ වචන විස්තර කරන අතරම මහාවංශයේ නැති කරුණු අට්ඨකථා මහාවංශයේ ගත් කරුණු තව දුරටත් එකතු කර විස්තරාත්මකව ලියවුන කාම්බෝඡ මහාවංශය නම් ග්‍රන්ථයක්ද ඇත. පැරණි ලංකාවේ ඉතිහාසය හැදැරිමට ඇති වැදගත්ම කෘතිය මහාවංශයයි. මහාවංශයේ පරිච්ඡේදයන් හි ව්ශේෂයෙන්ම බුදු දහම ගෙන එමට පෙර කාලය කල්පිත කරුණු වලින් පිරී ඇති බව පෙනේ. කතෘ බෞද්ධ හික්ෂුවක් නිසා මහාවංශයේ සැම පරිච්ඡේදයක්ම අවසානයේ හුදීජන පහන් සංවේගය උදේසා ලියු බව සදහන් වේ. එක් අතකින් මහාවංශය උපදේශාත්මක සුවරුපයක් දරයි.

             මහාවංශය ආශ්චර්යමත් සිදුවීමි වලින් පිරි පවති. රහතුතන් වහන්සේලා අහසින් ගමන් කිරීම, දෙවිවරු දහස් ගණනින් වටවී සිටීම, දිව්‍ය ලෝකයට යාම, යක්ෂයින් පලවා හැරීම, වැනි සෘධිමය ප්‍රාතිහාර්යන්  සහ දෙව් මිනිස් යක්ෂ ආදිය එකම ලෝකයක සිටීම නිදසුනකි. මෙවනි කථා තුලින් ඓතිහාසික කරුණු මතු කර ගැනිම දුෂ්කරය. එසේම මහාවංශ කථාකරුවෝ තම අවධානය යොමු කලේ ආගමික ඉතිහාසයට බව කිව හැක. රජුගේ කාලය තුල සිදුවු සේවාව නම් බුදු දහමේ දියුණුව පිණිස. එම රඡු කරන ලද පුන්‍ය ක්‍රියා බව ඔවුන්ගේ විෂ්වාසය විය. පැරණි ලංකාවේ පැවති දේ. ක්‍රම හා එකල පැවති ආර්ථික ඡිවිතය පිළිබද තොරතුරු මහාවංශයේ විරලය. මහාවංශය කතුවරයා විහාර ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඇත. මහා විහාරයේ ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජුට විශේෂ වැදගත් කමක් දැක්වුයේ ඒ නිසා යැයි කිව හැකිය. ලංකාවේ බුදු දහමෙන් ඉතිසහාසය ගැන සලකන විටදී. එය අඩුපාඩු සහිත බව කිව හැක්කේ මහා විහාර වාසීන්ට විරුද්ධ නිකායක් ගැන කෙටියෙන් දැක්වීම යන කරුනු නිසාය. එහි කල්පිත අදහස හැරුනු විට මහාවංශය මහසෙන් රජු දක්වා ලංකා ඉතිසහාසය හැදැරිමට මහොපකාරී වේ. මහාවංශය ලංකා ඉතිසහාසය අඛණ්ඩව ඉදිරිපත් කරන පැරණිතම කෘතියයි.

මහාවංශය නොතිබුනා නම් කිසිසේත් අනාවරණ නොවන ඉතා වැදගත් වාර්ථාවලියක් අපට අහිමි වනු ඇත.මහාවංශයේ නොයෙක් අඩුපාඩු අපට ශිලා ලේඛන ආදී වෙනත් මුලාශ්‍ර යොදා පැහැදිළි කරගත හැක.

උදා-: වසභ රජු සිට මහසෙන් රජු දක්වා ලම්භ කර්ණ පෙලපත අඛණ්ඩව නොපැවතී ඇති බව මහාවංශයෙන් අනුව පෙනෙතත් එය අඛණ්ඩව පැවති බව සෙල්ලිපි වලින් පෙන්වා දෙයි.

මහාවංශයට අනුව වසභ රජුට එක් පුතෙක් සිටි බව සදහන් වෙතත් සෙල්ලිපි අනුව මහරජ යන නාමය දරමින් උතර සහ දුටග නමින් තවත් පුතුන් දෙදෙනෙකු සිටි බව පැහැදිළි වේ.              

සිරිසගබෝ රජුට පසුව ගෝඨාභය රජු මහාවංශය පවසන ආකාරයට රජකම පැහැර ගත්තෙක් නොව රජකමට උරුම කම් ඇත්තෙක් බව සෙල්ලිපි වලින් පැහැදිලි වේ.

           මෙවනි අතැම් තැන් හැරුන විට මහාවංශයෙන් බොහෝ කරුණු සෙල්ලිපි වලින් තහවුරු වේ.  මෑතක් වන තුරු දුටුගැමුණු රජුගේ සෙනෙවියන් ඓතිහාසික පුද්ගලයන් නොවන බවත් කල්පිත පුද්ගලයන් බවත් බෙහෝ දෙනා පැවසුහ. එහෙත් දුටුගැමුණු රජුගේ ප්‍රධාන සෙනවියකු වු නන්දිමිත්‍ර ගැන කුඩුම්බිගල, එරුපොතාන, නැට්ටු කන්ද වැනි සෙල්ලිපි වල සදහන් වේ. එසේම වැල් එල්ලු ගොඩ කන්ද ලිපියේද දුටුගැමුණු රජුගේ තවත් සෙනවියකු වු පුස්සදේව ගැන සදහන් වේ. එසේම පල්ලේබැද්ද සංඛපාල නම් ස්ථානයක ලිපියක ද ඔහු ගැන සදහන් වේ. දුටුගැමුණු රජුගේ තවත් සෙනවියකු වු වේලුසුමන ගැන දෙකුම්දර වැව් ලිපියේ සදහන් වේ. මේ නිසා දුටුගැමුණු රජුගේ සෙනවියන් කල්පිත අය නොව ඓතිහාසික පුද්ගලයෙක් ලෙස හැදින්විය හැක. මහාවංශයේ සදහන් රජුවරුන් කිහිප දෙනෙකුගේ නම් සදහන් වන ලිපියක් දක්නට ඇත. එම ලිපිය ගුණවත් ලිපියක් ලෙස හැදින්වේ.

             මේ නිසා රජ පරම්පරාව පිළිබද ශිලා ලේඛන වලින් ලැබෙන තොරතුරු බෙහෝ දුරට මහාවංශයන් තහවුරු කර හැකි බවපෙනේ. මහාවංශයේ සෙල්ලිපිවල දැක්වෙන කරුණු සත්‍ය අසත්‍ය බව දැන ගැනිමට ප්‍රයෝජනවත් වේ. රජවරු හදුනා ගැනිමටත් ශිලා ලේඛන වල කාලය නිශ්චය කිරීමටත් මහාවංශයේ අනු පිළිවෙලින් ලියවුනු රාජ නාමාවලිය නොතිබුනි නම් අසීරු වනු ඇත. එසේ වුවා නම් සමහර කරුණු සෙල්ලිපි වලට පමණක් සීමා වනු ඇත.            

             මහා වංශයේ දෙවන කොටස (චුල වංශයේ පළමු කොටස)I වන පරාක්‍රමබාහු රජු දක්වා ඉතිහාසය අඩංගු කරමින් රචනා වුවකි. මෙ‍ම කොටසේ කතෘ 13 වන සියවසේ විසු ධර්මකීර්ති නම් හිමි නමකි. සාමාන්‍යයෙන් පිළිගන්නේ උන්වහන්සේ අලුතින් ග්‍රන්ථයක් රචනා නොකර මහාවංශයම අඛණ්ඩවම රචනා කරගෙන යැමයි. ඒ වගේම පරිච්ඡේද 42කින් අවසන් කරන උන්වහන්සේ ඉන් පර්ච්ඡේද 16ක්ම කැපකලේ මහා පරාක්‍රමබාහු රජුගේ ඡිවන ප්‍රවෘතිය දැක්වීමට ය.ඉන් පසු කොටස චුල වංශය නමින් හැදින්වුයේ වංශකථාවේ මුල් කොටස පසු කාලයේ දැරූ මහත් වැදගත්කම නිසා විය හැකිය. මෙම දෙවන කොටසට කරුණු ගන්නා ලද්දේ එම කතුවරයා පරිහරණය කරණු ලැබු  අද දක්නට නොලැබෙන මුලාශ්‍රයකිනි. දළදා වංශය, කේශධාතු වංශය හා රුහුණේ පැවති යම් යම් වංශකථා, රජවරුන්ගේ පිං පොත් හා I පරාක්‍රමබාහු රජු පිළිබද තමා ඇසින් දුටු විස්තර එහිදි ඇසුරු කරන්නට විය.          

             V වන මිහිදු රජු දක්වා ඉදිරිපත් කරන කරුනු හා එහි රචනා ශෛලිය මහාවංශයේ අවසාන පරිච්ඡේද 5 ස්වරූපය දරයි. පරාක්‍රමබාහු රජු ගැන කියද්දී මහාවංශ කතුවරයා දුටුගැමුණු රජු දැක්වුවා මෙන් ධම්මකිත්ති හිමි තම කොටසේ වීරයා ලෙස පරාක්‍රමබාහු රජු ඉදිරිපත් කිරිමට උත්සහා දරා ඇත. එබැවින් එම කොටස කවියක විලාශයෙන් නොයෙක් අලංකාර හා දෘෂ්ඨාන්ත ඇතුළත් කර රචනා කර ඇත. ඇතැම් විට එසේ ඓෂ්චර්යමත් සිද්ධි ඇතුළත් වුවද විශේෂයෙන් මුල් කොටසේදි අපක්ෂපාති කරණු ඉදිරිපත් කිරිමට වෑයම් දරා ඇත. මහාවංශය කතුවරයා ‍තේරවාදයට පටහැනි රජවරුන්ට සැලකිල්ලක් නොදැක්වුවත්    චුලවංශ කතුවරයා එතරම් පක්ෂක්ග්‍රහි වී නැත.ආගමික කරුණු වලින් බැහැර වී ඓතිහාසික කරුණු ගැන සැලකිලිමත් වී තිබීම වැදගත්ය.

මහා වංශයේ දෙවන කොටස (චුල වංශයේ පළමු කොටස)I වන පරාක්‍රමබාහු රජු දක්වා ඉතිහාසය අඩංගු කරමින් රචනා වුවකි. මෙ‍ම කොටසේ කතෘ 13 වන සියවසේ විසු ධර්මකීර්ති නම් හිමි නමකි. සාමාන්‍යයෙන් පිළිගන්නේ උන්වහන්සේ අලුතින් ග්‍රන්ථයක් රචනා නොකර මහාවංශයම අඛණ්ඩවම රචනා කරගෙන යැමයි. ඒ වගේම පරිච්ඡේද 42කින් අවසන් කරන උන්වහන්සේ ඉන් පර්ච්ඡේද 16ක්ම කැපකලේ මහා පරාක්‍රමබාහු රජුගේ ඡිවන ප්‍රවෘතිය දැක්වීමට ය.

       ඉන් පසු කොටස චුල වංශය නමින් හැදින්වුයේ වංශකථාවේ මුල් කොටස පසු කාලයේ දැරූ මහත් වැදගත්කම නිසා විය හැකිය. මෙම දෙවන කොටසට කරුණු ගන්නා ලද්දේ එම කතුවරයා පරිහරණය කරණු ලැබු  අද දක්නට නොලැබෙන මුලාශ්‍රයකිනි. දළදා වංශය, කේශධාතු වංශය හා රුහුණේ පැවති යම් යම් වංශකථා, රජවරුන්ගේ පිං පොත් හා Iපරාක්‍රමබාහු රජු පිළිබද තමා ඇසින් දුටු විස්තර එහිදි ඇසුරු කරන්නට විය. V වන මිහිදු රජු දක්වා ඉදිරිපත් කරන කරුනු හා එහි රචනා ශෛලිය මහාවංශයේ අවසාන පරිච්ඡේද 5 ස්වරූපය දරයි. පරාක්‍රමබාහු රජු ගැන කියද්දී මහාවංශ කතුවරයා දුටුගැමුණු රජු දැක්වුවා මෙන් ධම්මකිත්ති හිමි තම කොටසේ වීරයා ලෙස පරාක්‍රමබාහු රජු ඉදිරිපත් කිරිමට උත්සහා දරා ඇත. එබැවින් එම කොටස කවියක විලාශයෙන් නොයෙක් අලංකාර හා දෘෂ්ඨාන්ත ඇතුළත් කර රචනා කර ඇත. ඇතැම් විට එසේ ඓෂ්චර්යමත් සිද්ධි ඇතුළත් වුවද විශේෂයෙන් මුල් කොටසේදි අපක්ෂපාති කරණු ඉදිරිපත් කිරිමට වෑයම් දරා ඇත. මහාවංශය කතුවරයා ‍තේරවාදයට පටහැනි රජවරුන්ට සැලකිල්ලක් නොදැක්වුවත් චුලවංශ කතුවරයා එතරම් පක්ෂක්ග්‍රහි වී නැත.ආගමික කරුණු වලින් බැහැර වී ඓතිහාසික කරුණු ගැන සැලකිලිමත් වී තිබීම වැදගත්ය.

         මහාවංශයේ තුන්වන කොටස (චුල වංශය II කොටස) II විජයබාහු රජුගේ සිට කුරුණෑගල IV වන පරාක්‍රමබාහු රජු දක්වා සදහන් කර ඇත. මෙම කොටසේ වීරයා ලෙස දැක්විමට උත්සහා දරා ඇත්තේ II විජයබාහු රජු වන අතර මේ කොටසේ සිට මහාවංශයේ ඓතිහාසික අගය ක්‍රමයෙක් හීන වී යයි. මහාවංශයේ IV වන කොටස (චුල වංශයේ IIIකොටස)  තිබිබටුවාවේ සිද්ධාර්ථ  බුද්ධ රක්කිත හිමියන් විසින් ලියන ලද්දකි. මෙහි ඓතිහාසික කරුණු බොහෝමයක් මගහැරී ඇති අතර කීර්ති ශ්‍රි රාජසිංහ රජු එම කොටසේ වීරයා ලෙස දැක්විමට උත්සහා දරා ඇත. අනෙකුත් වඩා වැදගත් මුලාශ්‍ර නිසා මෙම කොටස පසු පස්සට තල්ලු වී ඇත.

         යට කී ප්‍රධාන වංශකථා හැරුන විට ථුපවංශය, මහාබෝධි වංශය, ද්‍රඨා වංශය, කේශ ඨාතු වංශය වැනි වංශ කථා රාජාවලිය, ජුජාවලිය, නිකාය සංග්‍රහය, රාජ රත්නා කාරය වැනි වෙනත් සාහිත්‍ය පොත් රාශියක් සාහිත්‍ය මුලාශ්‍ර කොට‍සේ ලා සැලකිය හැක. මෙයින් බොහෝමයක් රචනා කලේ දිපවංශය, මහාවංශය වැනි කෘති පදනම් කරනගෙන ය. එහෙත් මෙයින් ඇතැම් කෘති වලින් යම් යම් විශේෂ මාතෘකා ගැන මුල් වංශ වල නැති කරුණු ද දැන ගැනිමට පුළුවන. ධාතු වංශය තුලින් රුහුනේ ඉතිහාසය ගැන අප්‍රකට කරුණු රාශියක් ඉගනීමට පුළුවන. නිකාය සංග්‍රහයේ මුල සිට ශාසනික ඉතිහාසය ඉගෙනීම පිළිබද  විශේෂ වැදගත් කමක් දරයි. රාජාවලිය, පුජාවලිය වැනි ග්‍රන්ථ වැදගත් වන්නේ පැරණි යුගයේ අවසාන භාගය ගැන කරුණු දැන ගැනීමටය.  මේ හැර  අමාවතුර, බුත්සරණ, සද්ධර්මරතනාවලිය වැනි පද්‍ය ග්‍රන්ථත්  ඇතැම් විට පැරණි කාලයේ අවසාන භාගය ගැන වැදගත් තොරතුරු පවසති. ඇතැම් විට යාල්පාන වෛපව මාලෙයි, සරඡෝතිමාලෛයි වැනි ද්‍රවිඩ සාහිත්‍ය කෘතිද පැරණි යුගයේ අවසාන කාලය ගැන තොරතුරු පවසයි. මෙසේ සලකා බැලීමේදී ලංකාව පිලිබදව ඉතිහාසය ගැන දැන ගැනීමට සාහිත්‍ය මුලාශ්‍ර විශාල වශයෙන් උපකාරී වන බව ප්‍රකාශ කල හැක

 

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “මහාවංශය

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories