Tuesday, 22 October, 2019

ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර


මූලාශ්‍ර අතීතය ඉගැනීමට යොදාගන්නා මූලද්‍රව්‍ය ලෙස හැදින්විය හැක. එසේම අප අතීතය දෙස එබී බලන කවුලු ලෙස මූලාශ්‍ර හැදින්විය හැක. මූලාශ්‍ර වලින් අපට ඉතිහාසය පිළිබද කරුනු ලැබෙනවා පමණක් නොව. ඉතිහාසය කෙනෙක් දූරට පැතිර යන්නේද එයින් ඉතිහාසය කෙනෙක් දූරට උගත හැකිද යන්න තිරණය වේ. ලංකා ඉතිහාසයේ පුරාතන යුගය අවුරුදු 2000 ක් පමණ දිර්ඝ කාලයක් තිස්සේ පැතිර යන්නකි. මෙයින් බොහෝ කාලයක් සදහා යොදා යතහැකි විවිධ මූලාශ්‍ර රාශියක් වේ. මේ මූලාශ්‍ර අතිරින් වඞාත්ම වැදගත් මූලාශ්‍රය ලෙස දැක්ව්ය හැක්කේ මහාවංශය නමින් හැදින්වෙන වංශ කථාවෙන් දැක්වෙන වංශ කතාවයි. මේ වංශ කථාවෙන් දැක්වෙන ව්ස්තර නිසාත් අබන්ඞ ඉතිහාසය නිසාත් අනික් මූලාශ්‍ර වලට වඩා වැදගත් කමක් මහාවංශය දරයි. මහාවංශය ආගමික ඉතිහාසය ග්‍රන්තයනක් වශයෙන් ලියවුන නිසාත්, ඉතිහාසය හැදිරීමේදි එය මුල්තැන තබා ගැනිම යුක්ත ඉතිහාසය මහාවංශය නොතිබෙන්නට අපේ පැරණි ඉතිහාසයෙන් වැසි කොටසක් පිළිබව ඉගෙනීම මෙන්ම  විස්තර ලබා ගැනිමද  දූෂ්කර වනු ඇත. මහාවංශය හෝ එයට මුල්වු මුලාශ්‍ර පදනම් කරගෙන ලියුවුනු ඓතිහාසික යුක්ත පරණි කාලයේ සිටම සකස්කෙරුනු බව දක්නට ඇත. මේ කෘතින්ගේ අගය මැනිය යුත්තේ ඒවායෙන් කියවෙන සිද්දිනට කෙතරම් ආසන්න  කාලයක සිට ඒවා රචනා වී දැයි යන්න ගැන සලකමිනි. මිලගට තවත් වැදගත් මුලාශ්‍රයක් ලෙස සැලකිය හැක්කේ ශිලා‍ ලේඛනයි. සාහිත්‍ය මුලාශ්‍ර වලින් කියවෙන තොරතුරු වලට වඩා අමුතු කරුණු ශිලා ලේඛන වලින් සැපයේ. එපමනක් නොව ඒවායෙන් කියවෙන තොරතුරු සිද්ධි හා සමකාලින නිසාත් ශිලා ලේඛන විශේෂයෙක් වැදගත් වේ. වෙනත් පුරාව්ද්‍යාත්මක මුලාශ්‍ර ගැන සලකා බලන විට ප්‍රතමා, චිත්‍ර, ගෘහ නිර්මාණ හා කාසි සහ ඒ සියල්ලටම වඩා වැවි හා වාරි කර්මාන්ත  අපේ පැරණි ඉතිහාසය ඉගෙනීට වැදගත් ආලෝකයක් ලබාදෙන මුලාශ්‍රයන්ය. මේ දිවයිනට පැමිණි නොයෙක් විදේශිය සංචාරකයෝ ලංකාව පිළිබද ඔවුන් තුල ඇතිවු ව්ව්ධ අදහස් සටහන් කර තිබුහ. චිනය, අරාබිය, ඉතාලිය වැනි රට වලින්  පැමිණි සංචාරකයින් ව්සින් ලියන ලද මෙවැනි වාර්ථා වලින් සමහරක් ඉතා වැදගත්ය.

සාහිත්‍යමුලාශ්‍ර

            මහාවංශය  යනු අපේ ඉතිහාසය පිළිබදව ඇති පැරිණිම වාර්ථාව නොවේ. එයට පසුබිම වු කෘති රාශියක් තිබු බව පෙනේ. මෙවැනි  කෘති සියල්ල ඉන්දියාවේ බුදු දහමේ ආරමිභයේ සිට පැවත එන ඉතිහාසය ලිවීමේ සමිප්‍රධායක ප්‍රථිපලයක් ලෙස හැදින්විය හැක. මේ කෘති සියල්ලෝම කතෘවරුන් බෞද්ධ හික්ෂුන් වහන්සේලා වේ. අප වෙත ඒවා පත්වුයේ විහාර වල ඒවා ආරක්ෂ වු නිසාය. ලංකාවට බුද්ධාගම ගෙන ලැබු බෞද්ධ ධර්මදුතයෝ තමන් සමග ත්‍රිපිටකය පමණක් නොව ශාසනයේ ඉතිහාසය පිළිබද විස්තරද ගෙන ආහ. මේ ශාසනික ඉතිහාසයට මගදයේ රඡුන් පිළිබද විස්තරන් ඇතුළත් වේ. ලංකාවට මිහිදු හිමි පැමිණිමට තුඩුදුන් කරුණු විශේෂ සැලකිල්ලකින් යුතුව ඊට ඇතුළත් කරන ලදි. තෙවන සංගාවනාවට පසු බුදු දහම පැතිරි යාම පිළිබද විස්තර දේවානම්පියතිස්ස රාඡ්‍ය සමයේ  ම්හිදු හිම් සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට පැම්ණිමට හේතු කරුණු විශේෂ සැලකිල්ලක්න් යුතුව එක් කරන ලදි. කල්යාමේදි මේ මුල් ප්‍රවෘතිවලට තවත් කරුණු එකතු කරම්න්  එම ග්‍රන්ථ පුළුල් කරන ලදි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ බුදු සසුන පිහිට විමත් මහා විහාරය පිහිට වීමත් දිවයිනේ ඉතිහාසයේ වැදගත් සිද්දින් ලෙස සලකන ලදි. පාලි ත්‍රිපිටකයට මුලින්ම  සිංහල අටුවා ග්‍රන්ත ලියන විට එයට මේ සියලු මුබ පරම්පරා ගත තොරතුරු ඇතුළත් ඓතිහාසික වැදගත් කමක් එකතතු කරන ලදි.තුපාරාමය දාගැබේ පුඡා වස්තු නිදන්ගත කිරිම, බෝධි රෝපනය, ලෝවා මහාපාය, රුවන්වැලි මහා සෑය වැනි සිද්ධි  ඉතා වැදගත් ලෙස සලකා මුබ පරම් පරාවේන් ගෙන එන ලදි.          

මුලික වශයෙන් මෙය බුදු දහමේ ඉතිහාසය විය හැකිය. එය අට්ඨ කථා මහා වංශය නමින් හැදින් වේ. එසේ පටන් ගත් මුල් කොටස මහින්ද පරිනිර්වානය දක්වා ඇතුළත් විය. පසු කාලයේ ඉන්පසු ශාසන ඉතිහාසය ද එක්කර එය පුළුල් කරන ලදී. භික්ෂුන් වහන්සේ ලා ශාසනයේ ඉතිහාසය දිවයිනේ ඉතිහාසය සමග ඉතා සමීප ලෙස සම්බන්ධ කොට දැක්ව්මට  උන්දු වුහ. දිවයිනේ ඉතිහාසයට මතක ඇති කාලයේ සිට දේවානම් පියතිස්ස රජු දක්වා තොරතුරු එකතු කරන ලදී. ඒ සදහා එකල පැවති ඡනප්‍රවාදයන් ගෙන් කරුණු රැස් කරන ලදි. දේවානම් පියතිස්ස රජුට පෙර ලංකාවේ ඓතිහාසික  තොරතුරු මුඛ පරපුරෙන් ගෙන එමට භික්ෂුන් වහන්සේලා ‍බොහෝ දුරට නො සිටි නිසා මෙකල විස්තර ඡනප්‍රවාද මත සකස් කල ඒවා බවට කිව හැක.ඡාතක කථා හා වෙනත් එවැනි මුලාශ්‍ර වලින් ගත් කරුනු ඊට ඇතුළත් විය. එසේ සැකසු ඉතිහාසයට දේවානම් පියතිස්ස රජුගේ සිට රඡවරුන්ගේ ඉතිහාසය ඇතුළත් කරන ලදී.  ඒ ඉතිහාසයයේ ඒ රජවරුන්ට රාඡ්‍ය උරුම වු ආකාරය, භික්ෂුන් වහන්සේලාට  කල පුද පුඡා හා අනෙක් සේවාවන් කළ ආකාරය ඒ කාලයේ සිදුවු වැදගත් සිදුවීම් වැනි කරුනු ඇතුලත් විය. ඇතැම් විට ඡනප්‍රවාද හා ජනයා අතර ප්‍රචලිත වු නොයෙක් විස්තර ඊට ඇතුළත් කරන ලදී. දුටු ගැමුණු රජුගේ  ඡිව්තය හා ක්‍රියා කලාපය ගැන ජනයා අතර ප්‍රචලිතව තිබු නොයෙක් විස්තර ඊට ඇතුළත් කරන ලදී. ඒවාට ආගමික මුහුනුවර දී සකස් කොට ඊට ප්‍රධාන තැනක් දෙන ලදී. මෙසේ එක් බීඡයක් වටා ගෙතුන ඓතිහාසික කතාන්තර රාශිය විහාර වල මුඛ පරම්පරා ගතව පවත්වා ගෙන එන ලදී. වලගම්බා රාඡ්‍ය සමයේ ත්‍රිපිඨකය සමග ඉහත කරුණු ග්‍රන්ථාරුඩ වුවත්  නව කතන්තර හා ඡනප්‍රවාද මෙන්ම නොයෙක් සිද්ධ් පිළිබදව ව්ස්තර ඇතුළත් කීරිම නො නැවතුනි. මෙසේ එකතු කරගත් ඓතිහාසික සම්ප්‍රධායේ පළමු වාර්ථාව දීපවංශය යි. ක්‍රි: ව 4 වන සියවසේ අග භාගයේ සම්පුර්ණ වු මෙම කෘතියෙහි කතෘ අවිනිෂ්චිත ය. මෙම කෘතියේ භාෂාව හා රචනා ශෛලිය දුර්වල නිසා එහි සාහිත්‍යාත්මක අගය අඩු වුවත් ඓතිහාසික වැදගත් කම විශාලය. දීපවංශය මුල්කරගත් අට්ඨකථා මහාවංශයට සමාන ආකාරයටම මෙය රචනා කර ඇත. දීපවංශයේ බොහෝ අවස්ථා වල භික්ෂුණින් වහන්සේලා ගැන සදහන් වන නිසා එය මහා විහාරයට අයත් හත්ථාල්හන  විහාරයේ භික්ෂුණින් ගේ කෘතියක් වන්නට ඇතැයි ඇතමුන් සැක කරති. මහාවංශයේ කාල සීමාව වටා ලියැවුනු මෙහි කරුණු ඉදිරිපත් කිරීමත්, ඇතැම් ගාථා ත් ඊටම සමාන නිසාත්, දීපවංශයත් මහා වංශයත් එකම මුලාශ්‍රයක් පදනම් කරගත් බව පෙනේ. දීපවංශයේ ඇතැම් කොටස් එකිනෙකට සම්බන්ද නැත. ඇතැම් විට එකම අවස්ථාව පිළිබදව දෙයාකාරව විස්තර දක්නට ලැබේ.       උදා-: තුන්වන ධර්ම සඡ්ඡායනාව ගැන විස්තර දෙකක් ඇතුළත්ව තිබිම, රුවන්වැලි සෑය ගොඩනැගිම ගැන දෙයාකාරයකින් සදහන් කර තිබීම දැක්විය හැක.  දීපවංශය මහා වංශයට වඩා කුඩා වුවත් මහා වංශයේ වාර්ථා නොවුන ඇතැම් කරුණු දීපවංශයේ ඇතුළත්ව ඇත. එසේම දීපවංශයේ ඉදීරිපත් නොවුනු විස්තර රාශියක් මහාවංශ කතු වරයාට ලැබී ඇත. ඊට හේතුව දීපවංශය ලියන සමයේ ඓතිහාසික පුරාවෘත එතරම් ප්‍රචලිත නොවීමයි.  ඉහත කි පුරාවෘතයටම පදනම් කරගත් කෘතියක් නම් බුද්ධඝෝශ හිමියන් විසින් අටුවා ග්‍රන්තයක්වු සමන්ත පාසාදිකාවට ලියවුන ඓතිහාසික හැදින්විමයි.  මෙය ලියවුනේ මහානාම හිමියන්ගේ කාලයේදී ය. මෙහි සදහන් වන්නේ ශාසනික ඉතිහාසය පමණි. මහින්ද   පරිනිර්වානය තෙක් ශාසනයේ ඉතිහාසය ඇතුළත් මෙහි දිවයිනේ ඉතිහාසය පිළිබද තොරතුරු ඉතා අල්ප බව අපට දක්නට ලැබේ.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories