Thu. Jun 20th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

තනි පද

1 min read

තනි පද (ඡත්‍ර පද)

  1. හොර බොරු වංචා නොකියන – අවංක
  2. මුලින්ම ගෙඩි හටගත් – නාඹුල්
  3. හිස නැති මළ කද – කවන්ධ
  4. සම්පූර්ණයෙන් වසා දමන ආවරණය – පිරිවැස්ස
  5. ප්‍රශ්ණයක් මතු වූ  විට ජනතාව නගන හඩ – උද්ඝෝෂණය
  6. අශ්වයාගේ හඬ – හේෂාරාවය
  7. දෙවතාවක් උපත ලැබූ – ද්විජ
  8. බුදු කෙනෙකුන් නැතිව ගෙවෙන නරක කාලය – අබුද්දස්ස කා‍ලේ
  9. රජ කෙනෙකු නොමැති කාලවකවානුව – අරාජක
  10. තද අව්ව ඇති විට පොළව මතුපිට ජලය මෙන් පෙනෙන්න තිබෙන චායාව – මිරිගුව
  11. ජල‍යේ උපන් – ජලජ
  12. ජලයේ හැසිරෙන – ජලචර
  13. ආකාශයේ හැසිරෙන – ආකාශචාරී
  14. රාත්‍රී කාලයේ හැසිරෙන – නිශාචර
  15. වනයේ හැසිරෙන – වනචර
  16. තමන්ගේ යහපත ගැන පමනක් සිතන – ආත්මාර්ථකාමී
  17. අනුන්ගේ යහපත ගැන සිතන – පරාර්ථකාමී
  18. අනුන්ගෙන් යැපෙන – පරපුටු
  19. අත් සයක් ඇත්තෝ – සවන්
  20. ආහාර හිග කාලය – දුර්භික්ෂය
  21. අනුන් කරන දෙය කරන්නා – අනුකරණය
  22. පා නොමැති – අපා
  23. ඇතාගේ නාදය – කුංචනාදය
  24. අශ්වයා පිට ගමන් කරන්නා‍ – අසරුවා
  25. වෙනත් දේශයකට අයත් – විජාතික
  26. ලී වලින් කරන ලද   – දැවමය
  27. සතුන් බලා ගන්නා තැනැත්තා      – එඩේරා
  28. සපත්තු මසන්නා     – සපතේරුවා
  29. සියල්ල දන්නා වූ – සර්වඥ
  30. සැමදාම කොළපාට ගෙන තිබෙන – සදාහරිත
  31. හිරු උදාවීමට පළමුව දැකිය හැකි ආලෝකය – අරුණළු
  32. රටක් බලයෙන් අල්ලා ගැනීම – ආක්‍රමණය
  33. රෙදි වියන,මහන තැනැත්තා – සන්නාලියා
  34. යකඩින්ම සාදා ඇති දම්වැල – යදම
  35. යමක් දැන ගැනීමේ ආශාව – කුතුහලය
  36. යකඩින්ම කරන ලද දොර – යදොර
  37. මොනරාගේ නාදය – කේකාරාවය
  38. මෑ,බෝංචි වර්ග අයත් ශාක කුලය – රනිල
  39. මුහුද පතුලේ ඇති ගැඹුරු ම විශාල ප්‍රදේශය – ආගාධය
  40. මඩෙහි උපන් – පංකජ
  41. මහන වී සිට සිවුරු හරින ලද – උපැවිදි
  42. බිත්තරයකින් උපන් – අණ්ඩජ
  43. බොහෝ කාලයක් පවතින – චිරස්ථායි
  44. ප්‍රමාණය කළ නොහැකි – අපරිමිත
  45. පුස්කොළෙහි අකුරු ලියන කූර – පන්හිද
  46. අනුන්ගෙන් පෝෂණය වන – පරපපෝෂිත
  47. අනුශාසනා දෙන තැනැත්තා – අනුශාසක
  48. පිනට කැමති – පුණ්‍යකාමී
  49. පාරවල් දෙකක් එකට හමුවන තැන – දෙමංසල
  50. කටට ආ දේ කියන – වාචාල
  51. කන්දක් මැදින් වැටී ඇති දුෂ්කර පාර ‍- ගිරිදුර්ගය
  52. කළගුණ නො සලකන්නා – අකෘතඥයා
  53. උපසම්පදා නොවූ භික්ෂුව – සාමණේර
  54. පාර සොයා ගැනීමට නොහැකි – මංමුළා
  55. නිදා ගැනීමට ඇති කාමරය – සයනාගාරය
  56. නැව්වල බඩුවලට බදු අය කරන ස්ථානය – රේගුව
  57. නිතර කථාවෙහි ඇළුණු – දොඩමළු
  58. ගසක මැද තිබෙන තද කොටස – අරටුව
  59. ගනුදෙනු කාරයන් අතර සිට ලාභ ලබන අය – තැරැව්කරුවන්
  60. දිරා ගිය කිලිටි ඇදුම් – වැරහැලි
  61. තමන්ට අයිති – ස්වකීය
  62. ජීවිතය ඇති තාක් කල් – යාවජීව
  63. දිනපතා පැවැත්විය යුතු – දෛනික
  64. තේරුම් ගැනීමට ඉතා අමාරු – ගැටළු
  65. බොහෝ දුර කල්පනා කරන – දූරදර්ශී
  66. කිසිවෙකුට දෙවෙනි නොවන – අද්විතීය
  67. ජාතිය කෙරෙහි ඇති ඇල්ම – ජාත්‍යාලය
  68. රිදියෙන් කරන ලද – රජතමය
  69. බලා‍පොරොත්තු නොවු කරදරයකට මුහුණ දීමට සිදුවීම – අකරතැබ්බය
  70. හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම – අත්තනෝමතික
  71. දිය පිරී ගිය මඩවගුර – වතුරාව
  72. ඉතා අඩු ඇසු විරූ දේ ඇති – අල්පශෘත
  73. වැඩකට නොමැති හිස් බස්- ප්‍රලාප
  74. මත්පැන් පෙරන ස්ථානය – ස්කාගාරය
  75. සිතූ පැතූ සම්පත් දෙන මැණික – සිතුමිණ
  76. කාන්තාරයේ ඇති සාරවත් බිම් කොටස – ක්ෂේමභූමිය
  77. සතුට උදෙසා දෙන තෑග්ග – පාරිතෝෂිතය
  78. තාපසයන් වාසය කරන ස්ථානය – අසපුව
  79. කවි තැනීමට නොහැකි – කුකවි
  80. කිසිදා නොදිරන – අජරාමර
  81. පොළව පාලනය කරන – භූපල්
  82. වීදුරුවෙන් කළ – වජ්‍රමය
  83. බලාපොරොත්තු කඩ වීම – ඉච්ඡාභංගත්වය
  84. පැයක කාලය – හෝරාව
  85. විවාහ වී දරුවන් නොලද ස්ත්‍රිය – වදකත
  86. පවුලක මුලින්ම උපන් – කුළුදුල්
  87. උසට සරිලන මහත ඇති – ආරෝහ පරිනාහ
  88. සුබෝපභෝගයෙන් තොර – නිරාමිෂ
  89. එක් පක්ෂයකට බරව කටයුතු කරන – පක්ෂග්‍රාහී
  90. දෙව් මිනිසුන් සහිත – සනරාමර

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් ප්‍රවීණ ආචාර්ය W. S  බණ්ඩාර ආරච්චි මහත්මාට  බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *