පලකළ දිනය - June 16, 2018

ජාතික පිරිවෙන් දිනය නිමිති කොටගෙන ඊට සමගාමිව සිදුකෙරෙන “කළුගන්තොට පිරිවෙන් පුනරුදය” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ පළමු දිනය අදයි.(2018/06/14) අද දිනය නම් කොට තිබුණේ ත්‍රිපිටක ධර්මය / විද්‍යාව සහ සෞඛ්‍ය දිනය වශයෙනි. මෙදින මෙම සත් කටයුත්ත අතිපුජනිය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) බලගොඩ අමරජෝති නා හිමියන්ගේ ආරාධනයෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) විජිත වෙලගෙදර මැතිතුමාගේ සහ ගරු අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මැතිතුමාගේ සහභාගිත්වයෙන් සහ තවත් ගිහි-පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි විවෘත කරන ලදී. හරබර දේශනයන්ගෙන් යුත් ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමද සිදු වූ අතර රාත්‍රී කාලයෙහි සෞන්දර්යාත්මක වැඩසටහන් ද ඉදිරිපත් කරන ලදී.

පින්තුර


මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment