පලකළ දිනය - November 17, 2023

*සියළුම පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)* ස්වාමීන් වහන්සේලා ,
*කොට්ඨාස/කලාප භාර* *සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)* ස්වාමීන් වහන්සේලා ,
මඟින් ගරු *කෘත්‍යාධිකාරී පරිවේනාධිපති* ස්වාමීන් වහන්සේලා වෙත,

ගුරු උපදේශකවරු පත් කිරීම – 2024

( සම්මුඛ පරීක්ෂණ සඳහා තොරතුරු කැඳවීම )

උක්ත කරුණ සම්බන්ධව මාර්ගගතව ඉල්ලුම්පත් කැඳවීමට අපේක්ෂා කරන අතර මේ සමඟ යොමු කර ඇති google form සබැඳිය ඒ සඳහා භාවිත කරන මෙන් මෙයින් කාරුණිකව දැනුම් දෙමි. 2023 / 11 / 24 වන දිනට පෙර මෙම සබඳිය මඟින් පිරිවෙන් ගුරු උපදේශක සේවාව සඳහා යොමු වීමට අපේක්ෂා කරන , අවම වසර 05ක සේවා කාලයක් , පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා , පුහුණු ලාභී, මෙන්ම කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේලා විසින් නිදහස් කරන පරිවේණාචාර්ය වරු මේ සඳහා ඉදිරිපත් කරන මෙන් මෙයින් කාරුණිකව දැනුම් දෙමි. (ගුරු උපදේශක සේවාවේ යෙදී සිටින පරිවේනාචාර්ය භවතුන් ද මේ හරහා තොරතුරු යොමු කළ යුතුය.)

ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි,
අධ්‍යක්ෂ (පිරිවෙන්)

https://forms.gle/8Ac8x5XvbaaTbj9H9

අවසන් වරට යාවත් කාලීන කළ දිනය - November 17, 2023

මෙතෙක් නැරඹු වාර ගණන - 475

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment